එම නිවසට පැමිණ දෙවසරක් ඉක්ම ගියේ සිතාගන්නට වත් නොහැකි ලෙසිනි.

මේ වන විට කනිෂ්ක පුතු තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කරගැනීමට හැකි වි තිබිණ. ඒ, අමෝද්‍ය ගේ සමාජ සබඳතා හේතුවෙනි. නමුදු ඒ වන විට අමෝද්‍ය එතෙක් කාලයක් කළ රඟපෑමට තිත තැබීමට සිදුවන තත්ත්වයක් ද උදා වී තිබිණ. එනම් ඔහු පුද්ගලික විශ්වවිද්‍යාලයක ගුරුවරයෙකු නොව ලංකාවේ ප්‍රසිද්ධ ම සහ ජනප්‍රිය ම සිංහල උපකාරක පංතියක් වන ‘‘සිංහල සයුර’’ නමැති උපකාරක පංති ජාලයේ හිමිකරු වන බව ඒ වන විට හෙළිදරව් වී තිබිණ. එය එක් පසෙකින් අපගේ ජීවිතයට නව ආලෝකයක් සපයන පහන් ටැඹක් වුවා සේ ම තවත් පසෙකින් අපගේ කුටුම්බය දෙදරා යන්නට මග පෑදී ය.

        *          *          *          *          *          *          *          *

අමෝද්‍ය සහ මා මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණි දා සිට එහි ද, අප කිරිගම්පමුණව ගමේ පදිංචියට ගිය පසු එහි දී ද කිසිදු සමාජ කටයුත්තක් සඳහා සහභාගි වන්නට අමෝද්‍ය උනන්දු නොවිණ. එබඳු කටයුතු සඳහා අවැසි මූල්‍යමය ආධාර නිර්ලෝභීව වැය කළ ද ප්‍රායෝගිකව සහභාගි වීමෙන් වැළකී සිටියේ ය. එබඳු අත්‍යවශ්‍ය මොහොතක් උදා වුවහොත් ඒ සඳහා මට සහභාගි වන්නැයි ඔහු පවසා තිබිණ. ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ ඔහුගේ උපකාරක පංති ජාලයේ කටයුතු සඳහා එය බාධාවක් වන බවයි. නමුදු දිනක් මත්තෙගොඩ සුපිරි වෙළඳ සංකීර්ණයේ දී අහඹු සිදුවීමකට මුහුණ දෙන්නට සිදු විය.

 

අමෝද්‍ය සුපිරි වෙළඳ සංකීර්ණය වෙත යන්නේ ද ඉතා කලාතුරකිනි. එදින ද එබඳු ‘‘කලාතුර’’ දිනකි. අප දෙදෙනා සහල් තොග කඩයෙන් සහල් මිලදී ගෙන ආපසු පැමිණෙන විට අප ඉදිරියට පැමිණි කාන්තාවක් ‘‘සර්... සර් අමෝද්‍ය සර් නේද...?’’ යැයි විමසුවා ය.

ඇය එසේ විමසුවේ අමෝද්‍ය හඳුනාගෙන ම බව පැහැදිලි බැවින් දෝ ඔහුට මගහැර යා නොහැකි තත්ත්වයක් උදා විය.

‘‘ඔ... ඔවු... මේ මිස්...?’’

අමෝද්‍ය තරමක තැතිගත් ස්වරූපයෙන් විමසී ය.

 

super

‘‘සර්... මං සර්ගෙ රොටරියෙ පංතියෙ ඉගෙනගන්න අජන්ත මහානාම පුතාගෙ අම්ම සර්... මං ස්ර්ගෙ ජීප් එකත් දැක්ක. ඒත් ඉතිං ඒ වගේ ජීප් තව තියෙනවනෙ කියල හිතල ඒ ගැන වැඩි උනන්දු උණේ නෑ. පස්සෙ මං දැක්ක සර් මිස් එක්ක මස් කඩේ ගාවත් ඉන්නව. ඊට පස්සෙ තමයි ඇවිත් කතා කරන්න හිතුණෙ.’’

ඇය පැවසුවේ අමෝද්‍ය සමග කතා කිරීමට ලැබීම ඇය ලැබූ විශේෂිත අවස්ථාවක් ලෙස සලකමිනි. එය මට ද අමෝද්‍යට ද ඉතා මැනවින් අවබෝධ විය.

‘‘ආ... ඔය කියන්නෙ අර කවි ලියන්න උනන්දු පුතා නේද...?’’

අමෝද්‍ය පෙරළා විමසුවේ එම සිසුවා ද යම් විශේෂිත සිසුවෙක් බව ඒත්තු ගන්වමිනි.

‘‘අන්න හරි සර්... පුතා ගෙදර දි නිතර ම කියනව සර් එයාට උදවු කරනව කියල. මේ ළඟදිත් සර් කියපු කවි පොත් දෙකක් ද තුනක් ද ගත්ත මයි හිතේ.’’

ඇය තව තවත් උනන්දුවෙන් පැවසවා ය.

‘‘ආ ඇත්ත ද... මේ මිසිස්...?’’

‘‘මං සුභාෂිණී... අපේ දුවත් ලබන අවුරුද්දෙ ඉඳන් සර්ගෙ ක්ලාස් එකට එවන්නයි හිතාගෙන ඉන්නෙ...’’

ඇය එසේ පැවසුවේ අමෝද්‍යගේ උපකාරක පංතිය පිළිබඳ ඇය විශ්වාසය තබන බව සහතික කරමිනි.

‘‘තැන්ක්යූ මිසිස් සුභාෂිණී කතා කරාට... මං වයිෆ් ගෙදරට දාල ආයෙ ක්ලාස් යන්නත් ඕන... ක්ලාස් එකට ආපු වෙලාවක කතා කරමුකො ආ... එහෙනං... අපි ගිහිං එන්නං,’’ යැයි අමෝද්‍ය පැවසු විට ඇය, ‘‘හොඳමයි සර්’’ යැයි පිළිවදන් සැපවූයේ හිස පසෙකට ඇල කර, පූර්ණ ස්මිතයක් ද පාමිනි; ඒ, ඇය අමෝද්‍යට ගරු කරන බවට පළ වූ ඉඟියකි. මා ද පෙරළා ඇයට පූර්ණ ස්මිතයකින් පිළිවදන් සපයා ‘‘එහෙනං... අපි යන්නං,’’ යැයි පැවසුවේ අමෝද්‍යට දක්වන සහයෝගයක් ලෙසිනි.

 

ඇගෙන් සමුගත් සැණින් නොසන්සුන් ගතියකින් මෙන් ම ඉක්මන් ගමනින් ජීප් රථය වෙත ඇදෙන අමෝද්‍ය පිටුපස මා ද ගමන් කළේ ස්වයංක්‍රීයව ම ය. ජීප් රථයට නැග රියදුරු අසුනේ ඉඳගත් අමෝද්‍ය ආරක්ෂිත පටිය පැලඳගැනීමටත් ප්‍රථම ‘‘ෂිහ්... දැං ඉතිං මේ ගෑනී මුළු මත්තෙගොඩ ම ගිනි තියයි. මං දැකල තියෙනව මේ ගෑනි ක්ලාස් එකට එනව; ඒ ඇවිල්ල තොරතෝංචියක් නැතුව කියවනව,’’ යැයි මිමිනුවේ අඳුරු වලාවකින් උවන සිත්තම් කරගනිමිනි.

 

‘‘ඉතිං... ඒකට මොනව වෙනව ද... කොහොමටත් අපිට දිගට ම එක ම විදියට ඉන්න බැහැනෙ අමෝද්‍ය... කොයි වෙලාවක හරි මේක දැනගන්නව. අපි නොදන්නව උනාට... මේ පැත්තෙ තව කීදෙනක් ඔයාගෙ ක්ලාස් එකට එනව ඇද්ද...? ඇත්තට ම ඔයා ඒ ළමයිගෙන් අහන්නෙ නැද්ද ඒ ළමයි එන්නෙ කොහේ ඉඳන් ද... යන ස්කොලෙ මොකක්ද කියල...?’’

retrato doctor gachet van goghමගේ විමසිමට සවන් දෙන අතර ම වාහනය පණ ගන්වාගත් අමෝද්‍ය ‘‘ඔයා මේ විකාර කතා කරනව. එහෙම අහන්නැතුව පුළුවන්ද ළමයො. ක්ලාස් එක පටන් ගන්න ඉස්සල්ලම දවසෙ එක එක්කෙනාගෙන් ඒ හැම විස්තරයක් ම අහනව. ඒ අය අතර මේ පැත්තෙ ඉඳන් ක්ලාස් යන අයත් තව ඕනෙ තරං ඉන්නව. හැබැයි ළමයි දන්නැ මං ඉන්නෙ මෙහේ කියල. දැං ඉතිං රොයිටර් නිව්ස් එක ප්ලාන්ට් කරයි. ඊට පස්සෙ ඉතිං...’’ යැයි අමෝද්‍ය පැවසුවේ මහා විනාශයක් අත ළග සේ ප්‍රදර්ශනය කරමිනි.

‘‘දැං ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ ‘අපේ සිංහල සයුර’ ක්ලාස් එක කරන්නෙ ඔයා කියල මේ පැත්තෙ අය දැනගන්නෙක ද...?’’

‘‘නෑ නෑ අහිංසනා... අපි මුල ඉඳලම ඒක කියල තිබුණ නං අවුලක් නෑ. දැනට මේ අහල පහල අය හිතාගෙන ඉන්නෙ මං ප්‍රයිවට් කැම්ස් එකක ලෙක්චර් කෙනෙක් කියල නෙ... ඔන්න බලන්න තව දවස් දෙකක් ඇතුළත මේ මුළු මත්තෙගොඩ ම දැනගන්නව මං තමයි ‘අපේ සිංහල සයුර’ ක්ලාස් එක කරන්නෙ කියල... එතකොට මොකද වෙන්නෙ... මං අහන්නෙ එතකොට මොකද වෙන්නෙ...?’’

අමෝද්‍ය විමසුවේ හෙතෙම බරපතළ වරදක් කර ඇති පුද්ගලයෙකු ලෙසිනි; ඔහුගේ ඉරියව් ද මහා කලබලකාරී ස්වභාවයක් ඉසිලී ය.

‘‘අයියෝ අමෝද්‍ය... ඒ ගැන එච්චර වොරි වෙන්නෙපා... කවුරු හරි ඇහුවොත් අහන්නෙ මගෙන් නෙ... මං ඒකට උත්තර දෙන්නං... ඔයා කලබල නැතුව ඉන්න. කොහොමටත් ගමේ මිනිස්සු ඇත්ත දැනගන්නෙක හොඳයි. මොකද... අපි මේ ගමේ කුලීකාරයො නෙවෙයි නෙ... දැං අපි මෙහේ ගංකාරයො; මේ ගමේ ඉපදුණේ නැති උනාට ගමේ ස්ථිර පදිංචිකාරයො. ඒ හිංද ගමට බොරු කරන්න ඕනෙ නෑ.’’

 

මා එලෙස අමෝද්‍ය වෙත පැවසුවේ ඔහු අස්වසන්නට පමණක් නොවේ. අපි යථාර්ථයට මුහුණ දිය යුතු බැවිනි. අපි මේ ගමෙහි වෙසෙන්නේ නම් ගමේ මුල් පදිංචිකරුවන් සමග පමණක් නොව නව නිවාස තනාගෙන පැමිණි පිටස්තර පුද්ගලයන් සමග ද යහපත්, විශ්වාසදායි ඇසුරක් පැවැත්විය යුතු ය. එසේ නොවුන හොත් අපි ගමෙන් විතැන් වනු එකාන්ත ය.

 

මා ගමේ මිනිසුන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නට පෙර අප නිවසට පැමිණ තිබිණ. මා ගේට්ටුව අසලින් බැස්සවූ අමෝද්‍ය කඩිනමින් පිටව ගියේ ද නොසන්සුන් ලෙසිනි. එසේ යන්නට පෙර මා ඔහුට මෙලෙස පැවසි ය.

‘‘අමෝද්‍ය... ඔයා දැන් මේ ගැන හිතන්න එපා. කොහොමටත් කවද හරි අපිට මේ තත්ත්වෙට මූණ දෙන්න වෙනව නෙ... දැන් කලබල නොවි යන්න. ගිහින් ඔයාගෙ වැඩ ටික කරගන්න...’’

ඊට පිළිවදන් ලෙස කිසිදු වදනක් මුදා නොහළ අමෝද්‍ය වාහනය හරවාගෙන වේගයෙන් ධාවනය කරමින් ඉදිරියට ඇදිණ.

*         *          *          *          *          *          *          *          *

Eilshemius A Distant Ship in Rough Sea IMAGE ONLY0

 

අප පසු කර ඉදිරියට ගමන් කළේ දෙසතියකට අඩු කාලයකි. එදා සුපිරි වෙළඳ සංකිර්ණයේ දී සුභාෂිණී හමුවීමෙන් ඉක්බිති අමෝද්‍ය පැවසු අනාවැකිය මේ වන විටත් යථාර්ථයක් බවට පත්වෙමින් තිබිණ. ඇය, අප සැඟවූ ඇත්ත ලොවට හෙළි කර තිබිණ. ඒ තතු විමසීම ඇරඹි තිබුණේ දියණියගේ පෙර පාසල අසල ගැවසෙන ඕපාදූප කල්ලිය වෙතිනි. එය යම් ප්‍රමාණයකට හෝ සමනය කරගැනීමට හැකි වූයේ සිද්දිය වූ දින නිවසට පැමිණ වහාම මා මේ සම්බන්ධයෙන් කාන්ති සහ කුමාරි දෙදෙනා ම දැනුවත් කළ බැවිනි.

gossip susan kuznitsky 

කාන්තිට පැවසුවේ, කිසිවකු මේ සම්බන්ධයෙන් විමසුවහොත් අප එහි පදිංචියට එන සමයේ අමෝද්‍ය පුද්ගලික විශ්වවිද්‍යාලයක ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර ම උපකාරක පංතිය ද පවත්වාගෙන ගිය බවත්, පසුව එම රැකියාවෙන් ඉවත් වී පුද්ගලික පංතිය පමණක් පවත්වාගෙන ගිය බව පවසන ලෙස ය. කුමාරිට පැවසුවේ කිසිවකු මේ සම්බන්ධයෙන් විමසුවහොත් ‘‘ඔවු... සර් තමයි ඒ ක්ලාස් එක කරන්නෙ’’ යනුවෙන් පවසන ලෙස ය. මීට පෙර අමෝද්‍ය පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගැන්වූවා දැයි විමසුව හොත් ඒ පිළිබඳ කිසිවක් කුමාරි නොදන්නා බව පවසන්නැයි ඇය දැනුවත් කළේ ය.

වජ්ජා'වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? - ජයසිරි අලවත්ත ලියයිකෙසේ වුව ද මේ ආරංචිය සැලවීමත් සමග පෙරපාසලේ ගුරුවරියන් මතු නොව එය වෙත ළමුන් රැගෙන එන මව්වරු ඇතුළු පිරිස ද අපේ දියණිය කෙරෙහි මතු නොව කුමාරි කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීම අරඹා තිබිණ. ඇතැම් අවස්ථාවල තම තමන්ගේ පුද්ගලික වාහනවලින් පැමිණෙන අය දියණිය සහ කුමාරි නිවසට ඇරලවන්නට පවා ඉදිරිපත් වී තිබිණ. එහෙත් කුමාරි, එබඳු ආරාධනයක් ලද පළමු දවසේ ම එම ආරාධනය ප්‍රතික්ෂේප කර දරුවා ත්‍රී රෝද රථයේ ම රැගෙන විත් තිබුණේ එම රථය දියණිය පෙර පාසලට රැගෙන යාම සහ ආපසු රැගෙන ඒම වෙනුවෙන් ම වෙන් කර ඇති බව අදාළ මවට පැහැදිලි කර දීමෙන් ඉක්බිතිව ය. ඒ සම්බන්ධයෙන් මා මතු නොව අමෝද්‍ය ද ඇයට තුති පිදුවේ ඇය තැනට සුදුසු නුවණ භාවිත කර කටයුතු කර තිබූ බැවිනි.

සමසක් පමණ අප පසු කර යන විට මත්තෙගොඩ, කිරිගම්පමුණුව, පොල්ගස්ඕවිට, කොට්ටාව, සිද්ධමුල්ල, පිළියන්දල, කැස්බෑව මතු නොව ඒ අවට පිහිටි සියලු ගම්වල පුද්ගලයන්ට ‘‘අපේ සිංහල සයුර’’ උපකාරක පංති ජාලයේ හිමිකරු අමෝද්‍ය කුමාරසිංහ නැතුව ම බැරි පුද්ගලයෙක් බවට පත්වෙමින් තිබිණ. ඒ ඒ ප්‍රදේශවල පැවති විවිධ උත්සව අවස්ථාවල දී ප්‍රධාන අමුත්තා ලෙස අමෝද්‍ය කුමාරසිංහ ආරාධනා නොලැබුවේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඔහු මේ සම්බන්ධයෙන් නොකමැත්තක් පළ කළ ද සහභාගී නොවී සිටීමෙන් වැළකී සිටියේ මේ සියලු ප්‍රදේශ නියෝජනය කරන සිසු පිරිස් ‘‘අපේ සිංහල සයුර’’ උපකාරක පංතියේ සාමාජික සාමාජිකාවෝ වූ බැවිනි. මෙහි උච්චතම අවස්ථාව එළඹියේ එක් සිංහල අවුරුදු සමයක ය.

එම සිංහල අවුරුදු උත්සවයේ ප්‍රධාන අමුත්තා කෑස්බැව ආසනය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ අතර අනෙක් ප්‍රධාන අමුත්තා වුයේ ‘‘අපේ සිංහල සයුර’’ උපකාරක පංති ජාලයේ හිමිකරු වන අමෝද්‍ය කුමාරසිංහ සර් ය.

 

උත්සවයට අප පවුලේ සියලු දෙනාට ද සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර තිබිණ. ඒ වන විට උද්ගතව පැවතියේ එම ආරාධනය ඉවත ලන්නට හැකි වාතාවරණයක් නොවේ. එබැවින් එදින සන්ධ්‍යාවේ අප සියලු දෙනා ම මත්තෙගොඩ නිවාස සංකිර්ණයේ නිවැසියන් සහ ගම්වාසින්ගේ එකතුවෙන් සංවිධානය කරන ලද සිංහල අවුරුදු උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුණෙමු. එහෙත් දින තුනක් ඇතුළත එහි අනිටු විපාකයක් අප කුටුම්බය මත කඩා වැටුණේ අපි සියලු දෙනා අඳුරු සාගරයක ගිල්වමිනි.

 

ඉවර නෑ...

jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/04/14  



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්