එක පෙළට හාදු කිහිපයක් ම ප්‍රතිෂ්ඨගේ දෙකොපුලෙහි තැවරූ ඇය එක් වර ම දෙපා පොළොව මත තබා, කඳ ඍජු කර නැගී සිට ‘‘දැනට ඇති...

ඉතිරි කොටස තේ විවේකයෙං පස්සෙ,’’ යැයි පවසමින් ප්‍රතිෂ්ඨගේ දෑත් ද දෙපසට ඉවත් කර යළි ඔහුගේ ලලාටය මත හාදුවක් තවරා ඉක්මන් ගමනින් නිවස තුළට ගමන් කළා ය.

ඈ යන මග නෙත් අයා සිටි ප්‍රතිෂ්ඨගේ දෙනෙත්වල හැඩය එක පැහැර ම වෙනස් වූයේ බලාපොරොත්තු නොවූ ලෙස නැවතුණු ඇය, ආපසු හරුණු බැවිනි. ඔහුට තම බැල්ම වෙනතක යොමු කිරීමට හෝ කාලයක් ඉතිරිව නොතිබිණ. ගත හැකිව තිබූ එක ම විකල්පය වූයේ ඇය වෙත ආදරණීය ස්මිතයක් පෑම පමණි.

gus 2ආපසු හැරුණු සචේතනී මඳ දුරක් ප්‍රතිෂ්ඨ දෙසට පැමිණ ‘‘මට අහන්න බැරි උණා නෙ... මොනව ද ඔයා බොන්නෙ...? කෝපි... ප්ලේන්ටි... ටී... කිරි තේ...?’’

ප්‍රතිෂ්ඨගේ මානසික ව්‍යාකූලත්වය මඳක් හෝ ලිහිල් වූයේ ඇගේ එම වදන් සවනත වැකීමෙන් අනතුරුව ය. ලද අවස්ථාවෙන් ක්ෂණයෙන් ඵල නෙළාගත් හෙතෙම ‘‘ඔයා දන්නවනෙ ඉතිං මං කැමති මොනවට ද කියල... එහෙම නේද...?’’ යැයි ඇගෙන් විමසී ය.

‘‘ම්ම්ම්... කෝපි... මං හරි නේද...?’’

ඇය ද ක්ෂණික පිළිවදනක් සපයා ඒ සමග ම පැනයක් ද විමසුවේ ඇගේ පිළිවදන වඩාත් තහවුරු කරගනු පිණිස ය. ඇගේ පැනයට වදනින් පිළිවදන් සපයනවා වෙනුවට ප්‍රතිෂ්ඨ කළේ ඔහුගේ දකුණත මිටිමොළවා, මපටැඟිල්ල ඉහළට ඔසවා සංඥාවක් සැපයීම ය. එය ඉතා ක්ෂණයෙන් වටහා ගත් සචේතනි ද ඒ ආකාරයෙන් ම පිළිවදන් සපයා යළි නිවස තුළට ගමන් කළා ය.

music.jpgLarge
‘ඇත්තට ම මට මොකද්ද වෙලා තියෙන්නෙ...? ඇයි මං මේ තරමට ම පස්ස ගහන්නෙ...? ඒ, මෙයා ගැන මං ඉස්සෙල්ල තිබුණු අදහස වෙනස් කරගෙන නිසා ද... එහෙමත් නැත්නං... මං දන්නෑ අප්ප... මට ම හිතාගන්න බෑ... මං හැමදාම ලියන්න පුළුවන් හැම වෙලාවක ම ලියනව වගේ මේ සිද්ධ වෙන්නෙ ආදරයත් එක්ක ම ලැබෙන ලිංගික සහයෝගයක් නේ ද...? එහෙම නං මං මෙච්චර කල් එක එක ගෑනුත් එක්ක නිදාගත්තෙ ආදරයක් නැතුව ද... ඔවු... එහෙම වෙන්නැති... එතකොට ඒ ගෑනුත් මට පොඩ්ඩක් හරි ආදරේ කරේ නැද්ද... කරන්නැති නේද... මොකද මං ඒ කිසිම ගෑනියෙක් එක්ක නිදාගත්තෙ සල්ලිවලට නෙවෙයි නෙ... අදාළ දේවල්වලට මං වියදං කරා තමයි... ඒත් කවදාවත් එයාලගෙන් ලබපු පහසට මූල්‍යමය වටිනාකමක් ගෙව්වෙ නැහැ නෙ... එයාල ඉල්ලලත් නැහැ නෙ... හැබැයි මං වෙන වෙන උදවු කරල තියෙනව... ඒත්... සචේති ඒ හැමෝට ම වඩා වෙනස්. මං දන්නව... මාත් එක්ක නිදාගත්තු හුඟක් දෙනෙක් මේ ෆීල්ඩ් එකේ ම තව අය එක්කත් නිදාගන්නැති. මං ඒ ගැන හෙව්වෙත් නෑ... මට හොයන්න ඕනෙකමක් තිබුණෙත් නෑ... ඒත්... සචේති එහෙම නෑ... එයා මේ ෆීල්ඩ් එකට අයිති කෙනෙකුත් නෙවෙයි. මේක මට නුහුරුයි වගේ දැනෙනව ඇත්තෙ ඒ නිසා වෙන්නැති. කොහොම උනත් මං කිසිම දේකට ඉස්සර වෙන්න නරකයි. ඒක තමයි  හොඳ ම දේ... හෙට උදේ වෙනකං ම කාලෙ තියෙනව නෙ...’

‘‘ප්‍රතිෂ්ඨ... මොකද මේ... හරියට පන්සලක සිවිලිමක් දිහා බලාගෙන චිත්‍ර රස විඳිනව වගේ නෙ...’’

දිගු සෝෆා අසුනේ ඇන්ද මත දෑත් දෙපසට විහිදුවා දමා, හිස සිවිලිම දෙසට යොමාගෙන කල්පනා ලොවක අතරමංව සිටි ප්‍රතිෂ්ඨ මහ පොළොවට ඇද වැටුණේ සචේතනීගේ හඬ ඔහුගේ දෙසවන් කරා ඇතුළු වූ පසුව ය. කඩිනමින් ම එතෙක් සිටි ඉරියව් වෙනස් කරගනිමින් සුවපහසු ලෙස සිරුර සකසන අතර ම හෙතෙම සචේතනී වෙත පිළිවදන් සැපයී ය.

‘‘නෑ සචේති... මං මේ කල්පනා කරේ ඔයා ගැන; ඔයා ගෙවපු ජීවිතේ ගැන; ඔයා දැන් ගෙවන ජීවිතේ ගැන.’’

gus 3
‘‘ම්ම්ම්’’ යැයි මිමිණූ ඇය තේ බන්දේසිය ටිපෝව මත තබා, ප්‍රතිෂ්ඨ අසලින් අසුන් ගෙන, ඇගේ වමත ඔහුගේ ගෙල වටා යවමින්, අනෙක් අතින් කෝපි කෝප්පයක් ගෙන ඔහු වෙත පාන අතර ‘‘ගෙවපු ජීවිතේ ගැන දැං කතා කරල වැඩක් නෑ ප්‍රතිෂ්ඨ... මට කියන්න මං දැං ගෙවන ජීවිතේ ගැන ඔයාට දැනෙන අවංක ම හැඟීම කොහොම ද කියල...?’’

ඇය විමසුවේ ප්‍රතිෂ්ඨ අපහසුතාවට පත්වනසුලු පැනයකි. එහෙත් ඇය සමග ඔහු මෙතෙක් පවත්වාගෙන ආ ඇසුර සහ ඒ කාල සීමාව තුළ ඇය කළ කී දෑ සමග සසඳා බලන විට සැබැවින් ම ඔහු තුළ පැවතියේ ඇය පිළිබඳ ගෞරවනීය සහ ආදරණීය හැඟීමකි. ඔහු ද අවංකව ම තමා දරන අදහස මුදා හැරියේ ය.

‘‘ඇත්තට ම සචේති මට ඔයා ගැන ආඩම්බරයි.’’

‘‘ආඩම්බරයි...!’’

සචේතනී ද පෙරළා විමසුවේ විශ්මයාර්ථ ලකුණු උවන පුරා ම සිතුවම් කරගනිමිනි.

‘‘ඔවු... ඇත්තට ම ආඩම්බරයි...’’

ප්‍රතිෂ්ඨ තම අදහස යළිත් වතාවක් තහවුරු කළේ ය.

පානය කරමින් සිටි කෝපි කෝප්පය ටීපෝව මත තැබූ සචේතනී ‘‘හරි... මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න මට ඇත්ත ම කියනව ද...? ඒ කියන්නෙ ඔයාට දැනෙන ඇත්ත ම හැඟීම...’’ යැයි පැවසුවේ මන්දගාමී ලෙස ඇගේ හිස ඔහුගේ උරතලය මත වැතිරවන අතර ය.

‘‘අහන්න... ඔයා කැමති ප්‍රශ්නයක් අහන්න... මං අවංකව ම මගේ අදහස කියන්නං...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඔහු අත තිබූ පීරිසි කෝප්පය ද ටීපෝව මත තැබුවේ කෝපි පානය කර අවසන් බව ද හඟවමිනි. එය වටහාගත් සචේතනී ඔහුගේ උරතලය මත හිස සතපාගෙන සිටින අතර ම ඇගේ දකුණතැඟිලි ප්‍රතිෂ්ඨගේ වමතැඟිලි සමග පටලවාගත්තා ය. ඇය කුමක් හෝ විමසන්නට යත්න දරන අතර ම ඒ පිළිබඳ චකිතයක් ද ඇගේ සිත තුළ පොපියන බව ප්‍රතිෂ්ඨට හැඟිණ.

il fullxfull.3598159146 d9oa
‘‘දැං ඔයාට මොනවද අහන්න තියෙනව කිව්ව නේද...?’’

ප්‍රතිෂ්ඨ විමසුවේ ඇගේ චකිතය දුරු කරනු පිණිස ය.

ඇය, සිටි ඉරියව්ව බිඳකුදු වෙනස් නොකරමින් ම ‘‘මං ගැන ඔයාගෙ හිතේ තියෙන ඒ ආඩම්රකම... අදින් පස්සෙත් ඒ විදියට ම තියෙයි ද ප්‍රතිෂ්ඨ...,’’ යැයි ඇය එසේ විමසුවේ ඉතා මෘදු ස්වරයෙනි. ඒ හඬෙහි ගැබ්ව පැවතියේ අසරණ අවිහිංසක භාවයකි. එමෙන් ම ඇගේ පැනයෙන් ප්‍රතිෂ්ඨ දැඩි අසීරුතාවකට පත්විය. ඒ, ඇය එවැන්නක් විමසුවේ ඇයි ද යන්න නිශ්චය කරගත නොහැකි බැවිනි.

ඔහුගේ සිතේ ඇය කෙරෙහි මෙතෙක් නොපැවති තරමේ අනුකම්පාවක් ජනිත විණ. හෙතෙම තම දකුණතින් ඇගේ හිස මෘදු ලෙස පිරිමදින අතර ම ‘‘ඇයි පැටියො එහෙම ඇහුවෙ...? ඇයි... අදිං පස්සෙ මොකද්ද ඔයාට වෙන්නෙ...?’’ යැයි විමසී ය.

ඇය, ඉතා මන්දගාමි ලෙස හිස ඔසවා ඍජුව ම ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් සමග සම්මුඛ කර මඳ වේලාවක් ඔහුගේ දෙනෙත් සමග අනිමිසලෝචනයක යෙදුණා ය; ඉක්බිති මෙසේ විමසුවා ය.

‘‘ඇයි... අදිං පස්සෙ මං මෙච්චර කල් හිටපු මං ම වෙයි ද...? ඇයි ඔයාට මතක නැද්ද මං ඔයාගෙං උදව්වක් ඉල්ලුව. ඔයා ඒ උදව්ව කරන්න කැමති නං, මං ඒ උදව්ව ගත්තොත් අදිං පස්සෙත් මං ඒ මං ම ද...?’’

d4f0dfd1d8d70b8e94a8d7644d9d95cd gustavo klimt poetry art‘දෙයියනේ...! මං කොහොම ද මේකට උත්තර දෙන්නෙ...? මේක සාම්ප්‍රදායික ප්‍රශ්නයක්. ඒත්... ඒකට මං කොහොමද සාම්ප්‍රදායික උත්තරයක් ම දෙන්නෙ... මට තේරෙනව ඔයා කියන දේ... මට තේරෙනව ඔයා ඉල්ලන උදව්ව... ඒත් මං දෙන්නෙ මොන විදියෙ උත්තරයක් ද...? මං මගේ අවංක උත්තරය දුන්නොත් මෙයා ඒක පිළිගනී ද...’

ප්‍රතිෂ්ඨ ගැටලු කිහිපයකට මැදි විය. ඔහු කිසියම් ගැටලුවකට මැදිවී සිටින බව සචේතනී ද වටහා ගත්තා ය. ඇය යළිත් මුවගුළු විවර කළේ එබැවිනි.

‘‘මං දන්නව ප්‍රතිෂ්ඨ... මං දන්නව... ඔයා හොඳට ම දන්නව මං ගෑනියෙක් උනත් බොහෝ වෙලාවට ඔය සාම්ප්‍රදායික ආකල්පවල එල්බගෙන ඉන්නෑ කියල. ඔයත් සීයට සීයක් නැතත් තරමක් දුරට හරි ඒ ආකල්ප මායිං කරන්නෑ කියල මං හොඳට ම දන්නව. ඒ නිසා තමයි මං මෙච්චර දුරට ඔයා විශ්වාස කරල, ඔයත් එක්ක මෙච්චර දුරක් ආවෙ. ඒ වගේ ම මගේ හැම දුකක් ම, වේදනාවක් ම ඔයාට කිව්වෙ... මං මගේ දුක වේදනාව ඔයාට කිව්වට පස්සෙ... ඒ හැම දුකකට ම, වේදනාවකට ම ඔයාට පුළුවන් විදියට මට උදව් කරයි කියන විශ්වාසෙ මට තියෙනව. ගෑනියෙක් විදියට ගත්තොත් ඒ විශ්වාසෙ මත වැඩ කරනව කියන්නෙ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් වෙන්න පුළුවං... ඒත් මං විශ්වාස කරන එක දෙයක් තියෙනව... මං වැඩ කරන්නෙ ඒ විශ්වාසෙ මත ප්‍රතිෂ්ඨ... ඒක මොන තරං දුරට සාධාරණ ද, සදාචාරවාදී ද, සම්මතවාදී ද කියල මං දන්නෑ ප්‍රතිෂ්ඨ. ඒක මේ ලෝකෙ හොඳ ම විරුද්ධ ලිංගික යාළුවෙකුයි යෙහෙළියකුයි අතරෙ සිද්ද උණා කියල මං ඒකෙ මොනම වැරැද්දක්කත් දකින්නෙ නෑ ප්‍රතිෂ්ඨ. මං දන්නෑ ඔයා ඒකට කොච්චර දුරට එකඟ වෙයි ද කියල. මං කියන්නෙ මගේ අවංක අදහස. මේ විදියට අදහස් කරන පිරිමිත් ඉන්න පුළුවං. ගෑනුත් තව ඉන්න පුළුවං. ඒත් ඒ කාටවත් තමංගෙ අනෙකා පිළිබඳ විශ්වාසයක් නෑ. ඒ කියන්නෙ අනෙකා ඒ අදහස වැරැදි විදියට අර්ථකථනය කරයි කියල මේ දෙපාර්ශ්වය ම හිතනව. ඒ නිසා ඒ හැඟීම් හිතේ හිර කරගෙන ඉන්නව. නමුත් මට ඔයා විශ්වාස නිසා ඒ හැඟීම් එහෙම හිර කරගෙන ඉන්න ඕනෙ නෑ. එහෙම නේද ප්‍රතිෂ්ඨ.’’

ඇගේ වදන් ගලා ඒම නතර වන විට ඇය යළිත් ප්‍රතිෂ්ඨගේ උරතලය මත හිස වතුරවා තිබුණා ය. ප්‍රතිෂ්ඨ තවමත් පසුවන්නේ දෙගිඩියාවෙනි. ඒ, ඇගේ අදහස වැරැදි ද නිවැරැදිද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹීමට නොහැකි වාතාවරණයක ය; තීරණයකට එළිඹිය ද ඔහුගේ ඍජු අදහස ප්‍රකාශ කිරීමට තරම් මානසික ශක්තියක් නොමැති නිමේෂයක ය. එහෙත් ඔහු අසීරුවෙන් වදන් ගොනු කරන්නට යත්න දැරී ය.

‘‘ඔයා... ඔයා දැං... ඔයා දැං... කියන්නෙ...’’

‘‘ඔවු ප්‍රතිෂ්ඨ ඔවු... මං ඔයාට කලිනුත් මේ ගැන කියල එස් එම් එස් එකක් එව්ව. මං කෙළිං ම කියන්නංකො...’’

ප්‍රතිෂ්ඨගේ වදන් වික්කල් වන විට සචේතනී ඍජුව ම ඊට මැදිහත් වූයේ තරමක් රළු ආකාරයෙනි. ඒ වන විට ඇය ප්‍රතිෂ්ඨගේ උරතලය මත වතුරවා තිබූ හිස ද පසෙකට ගෙන සිටියා ය.

‘‘ඔ... ඔවු කියන්න සචේති... කියන්න...’’

gus 4
ඇගේ වදන් හමුවේ තරමක් නම්‍යශීලි වූ ප්‍රතිෂ්ඨ ඇගේ හිස යළි තම උරතලය මත වතුරවමින් පැවසුවේ ඉතා සන්සුන් හඬිනි.

‘‘ඔයා මං ගැන මොන විදියට හිතුවත් කමක් නෑ ප්‍රතිෂ්ඨ. අනෙක මං මේක කියන්නෙත් ඔයාට විතරක් ම නිසා මට අවුලක් නෑ. මං කියන්නෙ ප්‍රතිෂ්ඨ යාළුවෙක් හරි යෙහෙළියක් හරි කියන්නෙ තමන්ගෙ ඕන ම දුකක් වේදනාවක් අනෙකාට කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන වගේ ම අනෙකාගෙ ඕන ම දුකකට වේදනාවකට පිහිට වෙන කෙනෙක්; ඒ දුක වේදනාව තමන්ගෙ ම දුකක් වේදනාවක් විදියට දැනෙන කෙනෙක්. එහෙම නේද...?’’

ඇය ඍජුව ම ප්‍රතිෂ්ඨගෙන් විමසුවා ය.

‘‘ඔවු ඉතිං... මං ඒක එහෙම නෙවෙයි කිව්වෙ නෑ නෙ...’’

ප්‍රතිෂ්ඨ ද ඇගේ හිස පිරිමදින අතර ඍජුව ම පිළිවදන් සැපයී ය.

‘‘නෑ... ඔයා එහෙම නෑ කියල නෑ. ඒක ඇත්ත... හැබැයි මං කියන දේ ඊට වඩා සංකිර්ණයි ප්‍රතිෂ්ඨ. සංකීර්ණ වාගේ ම අසම්මතවාදියි. සම්මතයට අනුව නම් සදාචාරවාදී නොවෙන්නත් පුළුවං...’’

ඇගේ මුවෙන් වදන් ගලා ඒම මඳකට නතර විය. ප්‍රතිෂ්ඨ ද නිහඬව ම ඉතා මෘදු ලෙස ඇගේ හිස පිරිමදිමින් සිටින අතර ම හිස පහත් කර ඉතා මෘදු ලෙස ඇගේ හිස මත ඔහුගේ නැහැ තුඩ තබා හාදුවක් තවරා ‘‘ඔවු පැටියො... කියන්න... මං අහගෙන ඉන්නෙ...’’ යැයි රහස් හඬින් මිමිණී ය; ඇය යළි ඇගේ වදන් මුදා හැරියා ය.

180222162827 the kiss story top card image

‘‘මං කියන්නෙ ප්‍රතිෂ්ඨ... ඒ දුක, වේදනාව, කියන්නෙ මානසික වේදනාවක් ද, කායික වේදනාවක් ද, කායික අවශ්‍යතාවක් ද කියන එක එතනදි අදාළ කරගන්න ඕනෙ නෑ. අවශ්‍ය වෙන්නෙ අනෙකාගේ අවශ්‍යතාව සපුරන එක විතරයි. මං ඔයාට තවත් විදියකිං කියන්නං. ඔයා මේ වෙද්දි දන්නව මං අවුරුදු පහක් විතර කිසිම පිරිමියෙක් එක්ක කිසිම සම්බන්ධයක්... අවම වචනෙකිං හරි සම්බන්ධතාවක් පවත්වපු නැති ගෑනියෙක්. හැබැයි එහෙම උනා කියල මටත් හැඟීම් දැනීම් තියෙනව නෙ... ඒව දරගෙන හිටියෙ වේදනාවෙන් නෙ... ඉතිං ඒක දුකක් නෙවෙයි ද ප්‍රතිෂ්ඨ...? වේදනාවක් නෙවෙයි ද ප්‍රතිෂ්ඨ...?’’

මේ වන විට ඇගේ පැන සඳහා ඍජු පිළිතුරු සැපයීම හැර මගහැර යාමට නොහැකි තත්ත්වයකට ප්‍රතිෂ්ඨ පත්ව තිබිණ. එක් අතකට ඔහු මේ අවස්ථාව බලාපොරොත්තුවෙන් ද සිටියා විය හැකි ය. ඒ කෙසේ වුව ද ඔහු ද සිය අවංක අදහස සචේතනී ඉදිරියේ දිගහැරී ය.

‘‘ඔවු පැටියො... ඒක දුකක් තමයි; වේදනාවක් තමයි...’’

ඔහුගේ හඬ ඉතාමත් ම මෘදු ය; සැහැල්ලු ය; මිමිනීමකටකත් වඩා සැහැල්ලු ය.

s l1600

ප්‍රතිෂ්ඨගේ වදන් ඇගේ සවනත වැකුණු සැණින් ම ඇය තව තවත් ප්‍රතිෂ්ඨගේ උරතලය මත හිස තෙරපන අතර ම ‘‘අන්න ඒක තමයි ප්‍රතිෂ්ඨ... ඔයා මගේ හොඳම යාළුව විදියට මං ඔයාගෙන් ඉල්ලන්නෙ... මගේ ඒ වේදනාව, දුක නිවන්න කියල. මගේ වුවමනාව ඉස්ට කරන්න කියල. ඒක මේ ලෝකෙ ඉන්න කිසිම ගෑනියෙක් නොකරන ඉල්ලීමක් වෙන්න පුළුවන්... ඒ වගේ ම මං මේ විදියෙ ඉල්ලීමක් කරන එකම පිරිමියත් ඔයා. ඒ ඉල්ලීම කරන තරමට ම ඔයා, ඔයා කෙරෙහි මං තියපු විශ්වාසෙ රැක්ක. ඔයා මෙච්චර කාලෙකට මට කිසිම විදියක අයුතු යෝජනා කියන කිසිම දෙයක් කරල නෑ. ඔයා එහෙම නොකරයි කියන විශ්වාසයත් මට මුල ඉඳන් ම තිබුණ. මං බලාපොරොත්තුවෙන් හිටියෙත් එහෙම පිරිමියෙක් ප්‍රතිෂ්ඨ... මට දැං ඒ පිරිමිය හම්බවෙලා තියෙනව. ඉතිං ඇයි මට බැරි මගේ උවමනාව ඒ පිරිමියට කෙළිං ම කියන්න.

මං තවමත් විශ්වාස කරනව මං මේ යෝජනාව කරාට ඔයා මා ගැන වැරදි අදහසක් ගන්නෙ නෑ කියල. සමහර විට ඔයා මේක ආදරේ කියල අර්ථකථනය කරන්නත් පුළුවං. ඒක එහෙම වෙන්නත් පුළුවං. ඊට වඩා වටිනා දෙයක් වෙන්නත් පුළුවං. හැබැයි ඒ හැම දෙයක් ම ගොඩනැගෙන්නෙ විශ්වාසෙ මත. ඔයා ඒ විශ්වාසෙ මත ගොඩනැගුණු, ඒ විශ්වාසෙ නොබිඳපු, අනාගතේදිත් බිඳින්නැහැයි කියල විශ්වාස කරන්න පුළුවං මගේ ජීවිතේදි හම්බඋණ එකම පිරිමිය ප්‍රතිෂ්ඨ... මං තද බල විදියට විශ්වාස කරනව මං ඔයාගෙං එහෙම දෙයක් ඉල්ලන එකවත්, ඔයා මට ඒ දේ දෙන එකවත් වරදක් නෙවෙයි කියල. ඒ වගේ ම මං විශ්වාස කරනව ඔයත් එහෙම හිතනව ඇති කියල. එහෙම නේද ප්‍රතිෂ්ඨ...?’’

සියල්ල අසා සිටි ප්‍රතිෂ්ඨ දිගු සුසුමක් ඉහළට ගෙන මන්දගාමීව එය පහත හෙලන අතර ම මෙතෙක් ඇගේ හිස පිරිමදිමින් සිටි අත ඇගේ බඳවටා යවා ඇය ඔහුගේ සිරුරට තෙරපාගත්තේ ය. ඒ නිමේෂයේ දෙදෙනාගේ සිරුරු එකිනෙකට ඇලී තිබිණ; එකිනෙකාගේ උරිස් මත එකිනෙකාගේ හිස් සැඟව තිබිණ. මිනිත්තුවක් පමණ එකම ඉරියව්වෙන් සිටිද්දී එක්වර ම සචේතනී ඇඟලා සිටි ටී කමිසය ද විනිවිද පැමිණි උණුසුම් දිය බිඳු කිහිපයක් ඇගේ උරිස තෙත් කළේ ඇය විශ්මයට පත් කරමිනි.

‘‘ප්‍රතිෂ්ඨ... අනේ ඇයි පැටියො මේ...?’’

ඇය ද නොදැනුවත්ව ඒ වදන් කිහිපය ඇගේ මුවෙන් විදාරණය විය.

ඉවර නෑ...


මතඟනා' : සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/07/14


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්