‘‘හනේ හනේ... ඔයා තවම ඇඳුමක් දාගත්තෙ නැද්ද... කොහ්... නින්ද ගිහින්ද...?’’

ස්වප්නයකින් මෙන් සචේතනීගේ සවන් පත් අතරට රිංගු එම හඬ සමග ම ඇය ද නොදැනුවත්ව, පොළොව මත පතිත කළ රබර් පන්දුවක් යළි ඉහළට නගින්නා සේ වේගයෙන් ඇගේ ඉඟටියෙන් ඉහළ කොටස එසවිණ; ඒ සමග ම ඇය සයනයේ වාඩිගත්තේ දෙපා පොළොව මත තිබිය දී ම ය. වාඩිගත් සැණින් ඇගේ දෙනෙතට හසු වූයේ තමා ඉදිරියේ සාළුවකින් පමණක් සැරසී අඩ නිරුවතින් සිටගෙන සිටින පාංශු දේහධාරී සිරුරකි.

ajsaaw

වසර ගණනාවකින් පිරිමි උණුසුමක් හෝ නොලැබ තිබූ ඇගේ මනස ඒ දර්ශනයෙන් විශ්මයටත් ඒ සමග ම ප්‍රහර්ෂයටත් පත් විය. ඒ හා සමග ම සමස්ත සිරුර ම සලිත විය. ඇය වදනකුදු නොපවසා ප්‍රතිෂ්ඨගේ ලලාට තලය වෙත ඇගේ දෙනෙත් වෙතින් නික්මෙන ආලෝක කදම්බය එල්ල කර එතැන් සිට කෙමෙන් කෙමන් ඒ ආලෝක කදම්බය ඔහුගේ සිරුරේ ආලේප කරමින් පහළට රැගෙන විත්, ඔහුගේ ළයමඬල පුරා පැතිර තිබූ නීල වර්ණිත කෙසරු ගොන්න මත කිහිප වතාවක් ම ඒ මේ අත ආලේප කළා ය. අනතුරුව ඔහුගේ නැබ තෙක් ආලේප කළ ඒ ආලෝක කදම්බය නතර වූයේ ඔහු ඉණවටා දවටාගෙන සිටි සාළුවත් ඉණත් සම්බන්ධ වී තිබූ සීමාවේ ය. ඉනොබ්බට සජීවීව දර්ශනය නොවුණ ද ඇය ඒ සීමාව වෙත ද ඇගේ දෙනෙත්වලින් නික්මෙන ආලෝක කදම්බ විහිදුවමින් එකී සීමා ද මනසින් විනිවිද, ආක්‍රමණය කරමින් කෙමෙන් කෙමෙන් පහළට ම ආලේප කළා ය. අවසන ඒ ආලේපනය අවසන් වූයේ ප්‍රතිෂ්ඨගේ දෙදණ අසල ය. ඔහු සාළුවක් ඉණ දවටාගෙන සිටිය ද එය නොදකින්නට තරම් ඇගේ දෙනෙතින් විහිදුණු ආලෝක කදම්බය ප්‍රබල වුණා නොවේදැයි ඇය ඇගෙන් ම විමසුවා ය.

ඇගේ විස්මයාර්ථ දෙනෙත් තම සිරුර පුරා ගමන් කරන බව දුටු ප්‍රතිෂ්ඨ ‘‘මොක ද මේ... ආ සොරි සොරි,’’ යැයි පවසමින් ම ක්ෂණිකව එතැනින් ඉවත්වන්නට සුදානම් වූයේ ඔහු, ඇය ඉදිරියේ සිටගෙන සිටින්නේ සාළුවකින් පමණක් සැරසී නොවේදැයි වැටහුණු බැවිනි. ඔහු උපකල්පනය කළේ එම දර්ශනයෙන් ඇය බියටත් ලජ්ජාවටත් පත්වන්නට ඇතැයි යනුවෙනි. එහෙත් ඒ සිතුවිල්ල රත් යවටක් මතට වැටි දිය බිදක් සේ වාෂ්ප වන්නට ගත වූයේ තත්ත්පරයකින් සියයකින් තරම් වූ කාල සීමාවකි.

‘‘කොහෙ යන්න ද අනේ... මෙන්න මෙහට්ට එන්න,’’

එම වදන් පෙළ සචේතනීගේ මුවෙන් ගිලිහෙනවාත් සමග ම අසුරු සැණින් ඇගේ දෑතේ ඇඟිලි ප්‍රතිෂ්ඨගේ දෑතේ මැණික් කටු දෙක අසල සිර විය; එසැණින් ම ඇය සයනයෙන් නැගී සිට ඇගේ දෑඟිලි ඔහුගේ මැණික්කටුවලින් මුදාහැර, දෑත් ක්ෂණයෙන් ඔහුගේ බඳවටා යවා ඒ පාංශු දේහධාරි සිරුර ඇගේ සිරුර වෙත ඇද, තෙරපාගත්තී ය. ඉන් නොනැවතුණ ඇය වටයක් කැරකී, ඇය ඔහුගේ සිරුර මත පතිතවන සේ ඔහු සයනේ පෙරළාගත්තී ය. ඒ වන විට එතෙක් දෙදෙනාගේ ම සිරුරු වටා දැවටී තිබූ  සාළු යුවළ ම ඔවුන්ට රිස්සක් කරන්නට ඉඩ අවකාශ සලසමින්, ඔවුන්ට ද හොර රහසේ එකිනෙකාගේ සිරුරවලින් ඉවත්ව ගොස් තිබිණ. ක්ෂණයෙන් ප්‍රතිෂ්ඨගේ සිරුර මත වැතිරුණ සචේතනී, ඇගේ නිරුවත් දෙපා ප්‍රතිෂ්ඨගේ දෙපා අතර සිර කළේ ඇගේ දෑතින් ම ඔහුගේ දෙපා දෙපසට  විහිදුවමිනි.

schiele the embrace

පුදුමයකි...! සුරුපී මෙන් ම ලාලිත්‍ය නිරුවත් කාන්තා සිරුරක්, ඒ සිරුරට උරුමකම් කියන කාන්තාවගේ කැමැත්තෙන් ම, තම සිරුර මත වැතිර, ඒ සිරුරේ රසේන්ද්‍රීය ම අර්ධය තම දෙපා අතර සිර කරගෙන සිටිය දී පවා ප්‍රතිෂ්ඨ තවමත් මන්දෝත්සාහී ය. තමා මත වැතිර සිටින ලාලිත්‍ය කාන්තා සිරුරේ සුන්දරත්වය විඳීම පවා ඔහුට අමතකව තිබිණ. ඒ අතර ඇය ප්‍රතිෂ්ඨගේ දෙකිසිලි අතරෙන් දෑත් යවා ඔහුගේ හිස පිටුපසට තබා මඳක් ඔසවා ‘‘ඇයි...! මගේ හොඳම යාළුව... මට උදවු කරන්න කැමති නැද්ද...?’’ යැයි ආයාචනාත්මක ලෙස විමසුවේ අඩවන් දෙනෙතින් යුක්තව ය. ඒ දෙනෙත් අඩවන්ව පැවතිය ද එහි ලියැවී ඇති සෑම අකුරක් ම නිවැරැදිව කියවා ගැනීමට ඔහු සමත් විය. එසැණින් ඔහු ද නොදැනුවත්ව ම ඔහුගේ දෑත් ද ඇගේ බඳ වටා එතිණ. ඇගේ තුනුපල යුවළේ උණුසුම ද ඔහුගේ සිරුර පුරා විදාරණය වූයේ ඒ නිමේෂයේ ය; එහෙත් ඔහු ක්‍රියාශීලී වීම තවමත් ප්‍රමාද ය; ඒ ප්‍රමාදය ප්‍රයෝජනයට ගත් ඇය, ඔහු වෙනුවට වහ වහා ක්‍රියාශීලී වූවා ය.

ඇය, ප්‍රතිෂ්ඨගේ ලලාට තලයෙන් ඇරඹි අතිශය වේගවත් චුම්බනයත්, චූෂණයත් අවසන් කළේ ප්‍රතිෂ්ඨගේ යටි නැබ සීමාවේ දී ය. ඒ නිමේෂය වන විට එතෙක් නිද්‍රාශීලිව මෙන් ම ශීතලව පැවති ඔහුගේ රුධිර නාළිකා ද උණුසුම් වෙමින් පැවතිණ; එම නාළිකා පිරිතිරී යන තරමට රුධිරය ද ගලා එමින් තිබිණ. එහෙත් ඔහු කවදත් මෙබඳු අවස්ථාවලට මුහුණ දෙන්නේ භාවනාවකට සදිසි ආරම්මණයකින් බැවින් එය තව දුරටත් ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන්නට වෙහෙසිණ. නමුදු එය ඔහුගේ පසුබැසීමක් යැයි අදහස් කළ සචේති වහා ක්‍රියාත්මක වී වසර ගණනාවක් වියළිව පැවති, නමුදු මේ නිමේෂයේ රසෝජාවෙන් පිරීතිරෙන ඇගේ රස ද්වාරය තුළට ඔහුගේ සමස්ත පෞරුෂය ම ප්‍රවේශ කරගත්තී ය. ඉක්බිති ඇය ඔහුගේ සිරුර මත ඉතා වේගයෙන් ඉහළ පහළ යමින් ඇගේ සියලු ශක්තිය ද, ආධිපත්‍ය ඔහුගේ සමස්ත සිරුර පුරාම පැතුරුවා ය. මේ සියල්ල ඔහුට නවමු නොවුණ ද ඔහුට හැඟුණේ මෙතෙක් කිසිදු දිනක නොලද තරමේ අත්දැකීමකි. ඔහු එය ඒ ආකාරයෙන් ම විඳින්නට සිත දමනය කරගත්තේ අන් කිසිවක් නිසා නොව ඇය කෙරෙහි පැවති ගෞරවය ම මුලික කරගනිමිනි; ඇයට රිසි සේ ඔහුගේ සිරුර භාවිත කරන්නට ඉඩ සලසමිනි.

ඇය ද, දීර්ඝ කලකින් ලද ප්‍රණීත අහරක් වළඳනවා සේ ඔහුගේ සිරුරේ සියලු රසස්ථාන ඇගේ දෙනෙතින් විඳගත්තී ය; නැහැ තුඩින් ද දෙඅධරින් ද ස්පර්ෂ කළා ය; චුම්බනය කළාය; චූෂණය කළා ය; ඇගේ සිහිනැඟිලි තුඩු ඔහුගේ සිරුරේ සෑම ඉසව්වක් කරාම ඉතා වේගයෙන් ඔබ මොබ ගමන් කෙරව්වා ය. ඇය ලද සෑම තත්ත්පරයක් ම ඒ වින්දනීයත්වය වෙනුවෙන් ම කැප කළා ය. ඔහුගෙන් ද ඊට ලැබුණේ නොමඳ සහයකි. ඔහු අංශුවක පමණ සහයක් ලබා දෙන විට ඇය ඒ සහය මහා මෙරක් තරමට සැලකුවා ය; එනිසා ම ඇය තව තවත් ක්‍රියාශීලී වූවා ය. ඒ ක්‍රියාශීලිත්වය අවසන් වූයේ: ඇය ප්‍රතිෂ්ටගේ උකුළ මත හිඳ, දෙපා දෙපසට විහිදුවා ඔහුගේ සිරුර පිටපසුට දිගුකිරීමෙන් ඉක්බිතිව ය. ඒ වන විට ඔහු, ඇගේ පාවළා යුවළ මත ඔහුගේ දෑත් තබා ඇගේ සිරුර තව තවත් තම සිරුරට තෙරපන අතර ඇය ද එලෙසම සයනය මත ඉඳ ඇගේ සිරුරෙහි ද බර දරා සිටින ප්‍රතිෂ්ඨගේ පාවළා යුවළ මත දෑත් තබා තව තවත් ඔහු ඇගේ සිරුරට තෙරපුවා ය. ඒ උත්කෘෂ්ට ම නිමේෂයේ ඇගේ මුවෙන් සිහින් කෙඳිරියක් නිකුත් විණ. ඉනික්බිති සයනය මත ඉඳසිටි ඔවුනොවුන් එකිනෙකාගේ සිරුරු කිටි කිටියේ තෙරපමින්, එකිනෙකාගේ හිස් එකිනෙකාගේ උරිස් මත සඟවාගත්හ; මේ සියල්ල සිදුවන අතර සමස්ත ලෝකය ම ඔවුන් පසුකර මිනිත්තු විස්සක පමණ දුරක් ගමන් කර තිබිණ; ඔවුන් දෙදෙනාට ඒ කිසිවක් පිළිබඳ නිනව්වක් නොතිබිණ.

අනතුරුව මිනිත්තු කිහිපයක් තරගයට මෙන් එකිනෙකාගේ සිරුරු එකිනෙකාගේ සිරුරු වෙත තෙරපාගන්නා අතර තදින් හුස්ම ඉහළ පහළ යවමින් සිටි දෙදෙනා කෙමෙන් කෙමෙන් සුසුම් හෙළීම අවසන් කළේ දුම්රිය පළ කරා වේගයෙන් පැමිණි දුම්රියක් කෙමෙන් කෙමෙන් වේගය අවම කරමින් නතර වූවා සේ ය. තවත් මිනිත්තු කිහිපයක් දෙදෙනා අතර ම නිහඬතාවක් පැතිරිණ. ඉක්බිති පළමුව වදන් මුදාහලේ සචේතනී ය.

a2f720deedf708d8324a83dba941ba55
ඇය යළිත් ඇගේ දෑත් ප්‍රතිෂ්ඨගේ බඳ වටා යවමින් ඔහු ඇගේ සිරුරට තෙරපාගන්නා අතර ම ‘‘ඔයාට ගොඩක් පින් මගෙ පැටියො... අවුරුදු ගාණක් වේළි වේළි පරඬැල් වෙමින් තිබිච්ච මගේ හිතටයි ගතටයි දෙකට ම හුඟාක් පරිස්සමින් වතුර වක්කරල ඒ ගිනියම් වෙච්ච ඇඟයි හිතයි නිව්වට ඔයාට ගොඩක් පිං මගේ පැටියො...’’

ඇය මුදාහලේ ප්‍රතිෂ්ඨට තුටු විය හැකි වදන් වැලක් වුව ද, ඒ වදන් සවන වැකුණ සැණින් කුමක් දෝ හේතුවකට ඔහුගේ හදවත ගින්නකට හසුවූවා සේ හැඟිණ; දරාගත නොහැකි තරමේ වේදනාවක් එතුළ ඒ මේ අත සක්මන් කරමින් තිබිණ.

‘‘සචේති... මොනවද ඔයා මේ කියවන්නෙ...? ඔයාට පිස්සු ද...?’’ යැයි විමසන අතර ම යම් තරමකට හෝ ඇගේ සිරුරෙන් ලිහිල් වී තිබූ ඔහුගේ ග්‍රහණය ද යළි සක්‍රිය කළේ ය. දෙදෙනාගේ හිස් තවමත් සැඟව තිබෙන්නේ දෙදෙනාගේ උරිස්තල මත ය. එය බිඳකුදු වෙනස් නොකළ සචේති යළි ඇගේ හඬ මුදා හැරියා ය.

les amants 1000x675

‘‘නෑ පැටියො නෑ... දැන් අවුරුදු හතක අටක කාලෙකින් පස්සෙ... නෑ ඒ අතරිනුත් අවුරුදු තුනක් විතර අමෝද්‍යයි මායි අතර කිසිම සම්බන්ධයක් නැති වුණත් එයා ගෙදර ඇවිත් හරි ගියා නෙ... ඒත් දැන් අවුරුදු පහක් විතර එයා ගෙදර පැත්ත පළාතෙ ආවෙ නෑ නෙ... ඒ කාලෙ ඇතුළත මට කිසිම පිරිමියෙක් ගැන කිසිම ප්‍රියමනාප අදහසක් පහළ උණේ නෑ පැටියො. ස්කීම් එකෙයි ඒ අවටයි ඉන්න සමහර පිරිමි මං ගැන උනන්දු වෙනව කියල මට දැනුණු වාර අනන්තයි පැටියො. ඒ විතරක් නෙවෙයි... මං ටියුෂන් දෙන්න ගිය හුඟක් වැදගත් කියල සමාජෙට පෙන්නන පිරිමි පවා මං ගැන උනන්දු වෙනව මට දැනුණ. ඒත් ඒ හැම පිරිමියෙක් ම මගඇරල මගේ වැඩ ටික කරගන්න මට පුළුවන් උණා; මම එහෙම කරා. මට ඒ කිසිම පිරිමියෙක් ගැන පැහැදීමක් ඇති උණේ නෑ. ඇති උණා නම් ඇති උණේ බයක්; පිළිකුළක්. ඒත් ඔයා... ඔයා ඒ හැම පිරිමියෙකුට ම වඩා වෙනස් විදියෙ පිරිමියෙක් කියල මට දැනුණ. ඒ නිසා තමයි මම පස්සෙ දවසක ඔයා ගැන සඛීට කිව්වෙ. මට ඒ තරමට ම ඔයා ගැන විශ්වාසයක් ඇති උණා; ඔයා ඒ විශ්වාසෙ ඒ විදියට ම රැක්ක පැටියො. ඔයා මට ඔයාට කරන්න පුළුවන් පොඩි පොඩි උදවු ගොඩාක් කරා. මේක තමයි ඔයා මට කරපු ලොකු ම උදවුව. ඔවු පැටියො... ඔයා හොඳ යාළුවෙක් වගේ ම හොඳ ආදරවන්තයෙක් පැටියො... ඔවු... ඔයා හොඳ ආදරවන්තයෙක්...’’

ඇයට රිසි වදන්, ඇයට රිසි පරිදි, ඇයට රිසි කාලයක් මුදාහරින්නට දිය යුතු යැයි අදහස් කළ ප්‍රතිෂ්ඨ, සිටි ඉරියව් බිඳකුදු වෙනස් නොකරමින් ම ඇගේ සිරුර තම සිරුරට අලවාගෙන ම සිටියේ එකිනෙකට පිටුපා එකිනෙක එකට ඇලවී තිබෙන ඉංග්‍රීසි L අකුරු දෙකක හැඩයක් මතුවෙන ලෙසිනි. එහෙත් ඒ සුවය විඳිමට හැකිවූයේ මිනිත්තුවකටත් අඩු කාලයකි. ප්‍රතිෂ්ඨගේ උරිස මත රැඳී තිබෙන සචේතනිගේ සවිධගින් ගිලිහුණු මඳක් උණුසුම් දිය බිඳුවක් ඔහුගේ උරිස මතින් පහළට ඇදෙන බව ඔහුට හැඟිණ. ඔහුට තව දුරටත් නිහඬතාවයේ ගිලී සිටීමට නොහැකි විය.

‘‘සචේති...! ඇයි පැටියො මේ... ඇයි මේ සතුටෙං ඉන්න ඕන වෙලාවක අඩන්නෙ...?’’

එලෙස විමසූ ප්‍රතිෂ්ඨ එතෙක් සිටි ඉරියව්ව මඳක් වෙනස් කර ඇගේ උවන ඔහුගේ උවනට සම්මුඛ කරගත්තේ ය. එවිට ඔහු දුටුවේ ඇගේ දෙනෙතගින් අක් බිඳු ගලා යන ආකාරය යි. ‘‘ඇයි මේ...?’’ ඔහු යළිත් විමසී ය.

ක්ෂණයකින් යළි ප්‍රතිෂ්ඨගේ සිරුර තදින් වැලඳගත් සචේතනී ‘‘කියන්න පැටියො... මං නරක ගෑනියෙක්යෙක් ද පැටියො...? මං... මං අමෝද්‍යට ද්‍රෝහි උණාද පැටියො...?’’

ප්‍රතිෂ්ඨ දැඩි ව්‍යාකුලත්වයකට පත්විය. ඇය වෙත සපයන පිළිවදන කුමක් ද යන්න නිශ්චය කරගැනීමට පවා හෙතෙම අසමත් විය.

59af0716004c119386f367bd0fe65d55
‘‘සචේති... ඇයි මේ...! ඇයි ඔයා එහෙම අහන්නෙ...? දැං කවුද ඔයාට කිව්වෙ ඔයා නරක ගෑනියෙක් කියල... කවුද කිව්වෙ ඔයා අමෝද්‍යට ද්‍රෝහි උණා කියල. ඔයයි මමයි අද මෙහෙම ඉන්නව කියල දන්නෙ... ඔයයි, මායි සඛියි විතරයි. අපි දෙන්න ම ඔයා ගැන වැරදියට හිතන්නෙ නැත්නං... අපි දෙන්න ම ඔයා ගැන කාටවත් කියන්නෙ නැත්නං කවුද ඔයාට කියන්නෙ ඔයා නරක ගෑනියෙක් කියල...? මං ඔයාගෙං ප්‍රශ්නයක් අහන්න මට කෙළිංම උත්තර දෙනවද...?’’

එතෙක් ප්‍රතිෂ්ඨ දැඩි ලෙස තම සිරුරට තෙරපාගෙන සිටි සචේතනී ඒ ඉරියව්ව මඳක් ලිහිල් කරන අතර ම ‘‘අහන්න පැටියො අහන්න...’’ යැයි පැවසුවේ ඍජුවම ඇගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් සමග සම්මුඛ කරමිනි.

‘‘මේ දැං වෙච්ච දේ ගැන ඔයා යාන්තමට හරි පසුතැවෙනව ද... මං... මං කියන්නෙ මේ...’’

ප්‍රතිෂ්ඨගේ මුවෙන් ගලා යාමට හැකි වූයේ ඒ වදන් කිහිපය පමණි; ක්ෂණිකව ක්‍රියාත්මක වූ සචේති ඇගේ දකුණත්ලෙන් ප්‍රතිෂ්ඨගේ මුව වසන අතර ම වමත්ල ඔහුගේ හිස පිටුපසට තබමින් මඳින් මඳ ඔහු සයනයේ වැතිරවන අතර ඇය ද ඔහුගේ සිරුර මත වැතිරුණා ය.

‘‘නැ නෑ මගෙ රත්තරං නෑ... අද මගේ ජීවිතේ වැදගත් ම දවසක්; සතුටු ම දවසක්. ඇත්ත ම කියනව නං ප්‍රතිෂ්ඨ... අමෝද්‍යත් එක්ක ගත කරපු පළවෙනි දවසටත් වැඩිය සතුටු උණ දවසක්. ඒ ගැන මගේ හිතේ අබ මල් රේණුවක අහිතක් නෑ,’’ යැයි පවසන අතර ම ප්‍රතිෂ්ඨගේ සිරුර මතින් ඉවත්ව ඔහුගේ වම්පසට වන්නට සයනයෙහි වැතිරුණා ය; වැතිර, ඇගේ දකුණත ඔහුගෙ සිරුර යටින් යවා වමත බඳ හරහා යවමින් දෑඟිලි එකිනෙක පටලවා, ඔහුගේ සිරුර ඇගේ සිරු වෙත ඇදගත්තී ය.

1 DFG LV9F9uPfdyBrWNNIAw

ඇගේ කාන්තිමත් දෙනෙත් දෙස ආදරණීය බැල්මක් හෙළූ ප්‍රතිෂ්ඨ ‘‘එහෙම නං ඉතිං එච්චරයි. ආයෙ ඒ ගැන හිතන්නෙපා. කවද හරි එහෙම කිව්වොත් කියන්නෙ මම හරි සඛී හරි නෙ... මම නං කවදාවත් ඔයාට ඒ වගේ අපහාසයක් කරන්නෑ. ඒ වගේ ම මං දන්නව සඛී උනත් ඔයාට එහෙම අපහාසයක් කරන එකක් නෑ කියල. ඒක මටත් වඩා ඔයාට විශ්වාස ඇති කියල මං හිතනව. එහෙම නේද...?’’

ඇය ‘‘හම්ම්ම්...’’ යැයි පවසමින් හිස වනා ඇගේ ශ්වෙත වර්ණැති දසන් විදා ආදරණීය ස්මිතයක් පෑවා ය. ඒ සමග ම ඇගේ දෙනෙත් තුළ ආයාචනයක් මුසු ආරාධනයක් ද සටහන් වී තිබිණ. ඒ ආරාධනය ද ආයාචනය ද වෙන් වෙන්ව හඳුනාගන්නට ප්‍රතිෂ්ඨ සමත් විය. ඔහු එම ආරාධනාවත්, ආයාචනයත් පිළිගත්තේ ‘‘හම්ම්ම්’’ යැයි කොඳුරමිනි.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/08/04


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්