අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ පැවත එන අල්ලස් නීතිය, අල්ලස් පනත හා වත්කම් බැරකම් නීතිය යන නීතිමය ප්‍රතිපාදන තුනක් වෙනුවට

"දූෂණ විරෝධී පනත" යනුවෙන් එක නීතියක් රටට හඳුන්වා දෙන්නට වත්මන් රජය කටයුතු කරමින් තිබේ. අද මේ පිලිබද රටේ ලොකු සංවාදයක් නිර්මාණය වී ඇත. රටේ දූෂණ අක්‍රමිකතා වැඩි වී ඇත්තේ නීතියේ අඩුපාඩුවක් නිසා නොව, නීතිය තුළට දේශපාලනයේ බලපෑම වැඩි වී තිබෙන නිසා යයි විපක්ෂය තර්ක කරති. අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අධිකරණ, බන්ධනාගාර හා කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මුණ ගැසුනෙමු. එහිදී අප ඇසූ ප්‍රශ්න හා ඔහු ඒවාට දුන් පිළිතුරු මේ ලිපියේ ඇතුළත් ය...


ප්‍රශ්නය :
දූෂණ විරෝධී පනත අපට පේන්නේ අපට අවශ්‍ය දේකට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අප මත පැටවූ  පනතක් හැටියටයි. මොකක්ද මේ පනත. ඇයි එහෙම එකක් ගේන්න කියලා ජාත්‍යන්තරය අපට බල කරන්නේ..?


පිළිතුර :
දූෂණය කියන එක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් පිටු දකින්න ඕන කියන යෝජනාව අද ඊයෙ ආපු එකක් නෙමෙයි. ආරම්භයේ පටන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන කතා කළා. ඒ අනුව තමයි ඔවුන් ලෝකෙටම දූෂණ විරෝධී ප්‍රඥප්තිය හඳුන්වා දුන්නේ. 2004 වසරේදී අපිත් රටක් හැටියට මේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ට ප්‍රඥප්තියට අත්සන් කරලා එහි පාර්ශවකාරයෙක් වුණා.

02c1df40 1f0d 11ee 941e 23d1e9ab75fa

අනිත් එක තමයි එදා අපි 2015දී යහපාලන ආණ්ඩුව ආරම්භ කරනකොට අපි දීපු එක පොරොන්දුවක් තමයි මේ රටෙන් අල්ලස දූෂණය හොරකම නාස්තිය පිටු දකිනවා කියන එක. මොකද මේ රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම හොර පාරේ හොරපාරෙන් විවිධ අයගේ සාක්කු වලට  ගියාය කියන එක රහසක් නෙවෙයි. ඕනෑම රටක දූෂණය පවතිනවා නම් ඒ රටේ ආර්ථිකය යහපත් වර්ධනයකට ගෙන යන්න බෑ. ජනතාවට සාධාරණය ඉටුවන්නේ නෑ. අපි මේ ගැන දීපු පොරොන්දු මත ජනතාව අපිට 2015දී ලොකු බලයක් දුන්නා. පොරොන්දු වුනා වගේම ඒ රජය දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කාර්යභාරය පටන් අරන් එහි වගකීම මට පැවරුවා.

ප්‍රශ්නය :
නමුත් ඔබට එහි අවසානයක් දකින්න බැරි වුණා. ඔබ ආණ්ඩුවෙන් ගියා..?

පිළිතුර :
හරියට කියන්නකො... මම ගියා නෙවෙ යි. එවකට රටේ පැවැති දේශපාලන සංස්කෘතික තත්ත්වය මත ආණ්ඩුව මාව ඇමතිකමෙන් ඉවත් කළා. මේක විතරක් නෙවෙයි තව ඉතා හොඳ පනත් ගණනාවක් අතරමග නතර වුණා.

අරගලයෙන් පස්සෙ අපේ ජනාධිපතිතුමා මේ රටේ සහ ජනතාවගේ වගකීම භාරගෙන රට ගොඩනගන වෙලාවේ දූෂණ විරෝධී පනත නැවත ගෙන ඒමේ වගකීම මා වෙත බාර කළා.

මම ඔබේ ප්‍රශ්නෙ නිවැරදි කරන්න ඕන. මේ දූෂණ විරෝධී පනත අපි ගෙනාවේ එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට බල කළ නිසා නෙවෙයි. මොකද 2015දී අපි මේ වැඩේ පටන් ගන්න කොට 2022 දී අයි එම් එෆ් එකට යන්න වෙයි කියලා අපි දැනන් හිටියෙ නෑනෙ.   ඒක නිසා ඔබ අපිට ඒ චෝදනාව කරන එක වැරදියි. මේක අපි අයියේ එෆ් එකට යනවද නැද්ද කියන එක තීරණය කරන්න කලින් හදපු පනතක්.

ඒ වගේම තමයි මෙවර අපි අයියේ මේ ප්‍රකට යද්දි ඔවුන් අපි ගැන අධ්‍යයනය කළා තිබුණා. ඒ වෙලාවේ ඔවුන් අපට කිව්වා ඔබගේ රටේ දූෂණයට හොරකමට එරෙහිව තියන නීති රීති ශක්තිමත් මදි. ඒ ගැන පියවරක් ගන්න කියලා. කිව්වත් නැතත් ඒ වන විට අපි ඒ පනත හදලා ඉවරයි.

IMF අනුමත වූ පසු කැබිනට් සංශෝධනයක් !

ප්‍රශ්නය:
කොහොම කිව්වත් ඇමතිතුමා මේක කොන්දේසියක් නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා නම් ඉටුකළ යුතුයි කියන කොන්දේසි අතරේ තියෙන ප්‍රධාන එකක් තමයි දූෂණ මර්දන පනත ගේන්න ඕන කියන එක..?


පිළිතුර:
ඉතින් ඔවුන් එහෙම කියන එක අසාධාරණද. ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනවට වඩා අපේ රටේ ජනතාවගේ පැත්තෙන් බලනකොට ඉතාම සාධාරණ යෝජනාවක්. මොකද අපි දාසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. ඔවුන් දුන්න මුදල් හරියට භාවිතා කරලා මේ රට ගොඩ ගන්නේ නැතුව අපි 17 වතාවටත් එතෙන්ට යනවා. ඉතින් ඔවුන් එහෙම එහෙම කොන්දේසියක් දැනිය යුතුයි. අපි එක සලකන්නෙ වදයක් කරදරයක් නෙවෙයි, ජනතාවට වාසිදායක ඒ වගේම අපි කරන්න හිටපු දෙයක් හැටියට.


ප්‍රශ්නය:
අපි දැක්කා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව පැවැති විවාදය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ලොකු විවේචනයක් එල්ල කළා. ඔහු කිව්වා මේ රටේ අල්ලස දූෂණය නැති කරන්න අවංක උවමනාවක් තියෙනවා නම් ඒ සඳහා දැනට තිබෙන අල්ලස් නීතිය, පොදු දේපල නිතිය , මුදල් විශුද්ධිකරණ නීතිය හා අපරාධ නීතිය යන නීති හතර හොඳටම ප්‍රමාණවත් බව. ඔබ හිතන්නේ මොකක්ද . ඇත්තටම ඒවා ප්‍රමාණවත් මදිද..?


පිළිතුර:
පවතින නීති ප්‍රමාණවත් නම් අපි කිසිසේත් කිසිසේත්ම අලුත් නීතියක් ගේන්නේ නෑ. රටක නීතියක් විතරක් තිබිලා මදි නේ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන අභිලාෂයකුත් තිබිය යුතුයි. ඔය කියන ජවිපෙ නායකයා කිව්වේ නීති ඕනෙ නෑ, දේශපාලන සංස්කෘතියෙන් මේක හදන්න පුළුවන් කියලනේ. ඒකනේ කිව්වේ. එහෙම නං ඉතින් පාර්ලිමේන්තුව වැඩකුත් නෑ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරල ඒකෙන් ඔක්කොම කරන්න පුළුවන් නම්.

ඕක ප්‍රායෝගිකව වෙනවද. ඒ දූෂණයට විරුද්ධව කතා කරපු බොහෝ දෙනෙක් ගේ අතීතය අරගෙන බලපුවහම ඒ හැමෝම දූෂණයට යටවෙච්ච අය. හැබැයි ඔවුන් තවදුරටත් රගපානවා. ඔය රඟපෑම හැමදාම කරන්න බෑ. සංස්කෘතිය රටවල් හදන්න බෑ අපරාධ දූෂණ මර්දනය කරන්න නීතිය හදන්න ඕන වගේම නීතියේ ආධිපත්‍ය ඇති කරන්න ඕන.
 
Comm to invistigate
අනිත් එක තමයි මේක හුදකලාවම දූෂණ විරෝධී පනතක් ගෙනල්ලා කොමිසමක් හැදුවයි කියලා මේ රටේ දූෂණ නතර වෙන්නේ නෑ. අපි එකට අවශ්‍ය වටපිටාව හදන්න ඕන. මේ කොමිසමට පත් වෙන කොමසාරිස්වරුන්ට නීතියේ ආධිපත්‍යය පිහිටවන්න හැකි බලයක් ශක්තියක් හැකියාවක් ලබා දෙන්න ඕන. ඒ වගේම ඒකට සුදුසු අය පත් කරන්නත් ඕන. ඔවුන් එක එක දේශපාලන පක්ෂ වලට ගැතිකම් කියන දේශපාලනඥයන්ගේ ඉත්තන් නොවෙන්නටත් ඕන. ඔන්න එක නිසා තමයි අපි ගිය අවුරුද්දේ ආණ්ඩුව පිහිටවපු ගමන් මුලින්ම ගෙනාවේ විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය. ඒක යටතේ ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය වෙලා තියෙනවා. විවිධ පක්ෂ හා බල අධිකාරීන් නියෝජනය කරන සාමාජිකයන් පත් වෙලා ඉන්නවා. ඔවුන් ඉතා හොඳින් ඒ රාජකාරිය කරමින් ඉන්න බව පේනවා. ඔවුන් රාජකාරිය හරියට කරන්න එපා ජනාධිපතිවරයා ජනාධිපතිවරයාද එයාගෙ හිතුමතේ වැඩ කරන්න.
 
දූෂණයට බලපාන අනිත් කාරණය තමයි දූෂිතයො පාර්ලිමේන්තුවට පැමිණීම. දූෂිතයන්ට වුනත් පුළුවන් ඕන තරම් වියදම් කරලා තෑගිබෝග දීල වරදාන වරප්‍රසාද ජනතාවට දීලා ඔවුන්ගේ කැමැත්ත අරම් පාර්ලිමේන්තුවට එන්න. බලන්න මැතිවරණවලින් කවුද දිනන්නෙ කියලා. වැඩියෙන්ම මුදල් වියදම් කරන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම අරක්කු බොන්න දෙන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම ඡන්දදායකයන් තෑගිබෝග දෙන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම ප්‍රචාරක මාධ්‍ය සල්ලි වලට පාවිච්චි කරන්න පුළුවන් මිනිහා. මේගොල්ලෝ දූෂිතයො බව ජනතාව දැන දැනත් ඔවුන්ව පාර්ලිමේන්තුවට එවනවා. එවලා එදා ඉඳලම ආපස්සට කෑගහනවා පාර්ලිමේන්තුවේ දූෂිතයො ඉන්නව කියලා. ඔන්න ඕක වළක්වන්න තමයි අපි ගෙනාවේ මැතිවරණ වියදම් නියාමන පනත.
Untitled3
 
ප්‍රශ්නය:
කොහේද දැන් ඕක තියෙන්නේ...?


පිළිතුර:
ඒක ගැන සම්මතයි. ක්‍රියාත්මක වෙනවා. 2023 ජනවාරි මාසේ සම්මත වුණ ඒකට තමයි කියන්නේ 2023 අංක 3 දරණ පනත කියලා. හැබැයි ඉතින් ඔය ඔය නමක් කිව්වනේ දූෂණයට විරුද්ධව කතා කළා කියලා. අන්න ඒ මන්ත්‍රීතුමාත් ඔය පනතට විරුද්ධවයි ඡන්දෙ දුන්නෙ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ඔක්කොම එකට විරුද්ධව ඡන්දය දුන්නා. පුදුම පරස්පරයක් නේ. දූෂණයටත් විරුද්ධයි. දූෂණය නවත්වන්න ඕන කියලාත් කියනවා. ඒ සඳහා නීතියක් ගෙනකොට ඒකටත් විරුද්ධ වෙනවා. මොකක්ද ඒ ගොල්ලන්ගේ ඒ ප්‍රතිපත්තිය.

ප්‍රශ්නය:
විරුද්ධ නොවී බැහැනේ ... මොකද එතුමා කියනවා ඔබතුමන්ලා ගේන්නේ තෝරු මෝරු අල්ලලා පැත්තකින් තියලා හාල්මැස්සන් ව අල්ලලා හිරේ දාන ජාතිය නීතිරීති කියලා..?


පිළිතුර:
ඕව තර්ක ද... ඔයාලත් ඕවා මතු කරනවා. එයාගෙ ඔය තර්ක හොඳයි මොන්ටිසෝරි ළමයින්ට. ඒගොල්ලො බලන්න එපාය මේ පනත් ගේන්න ඒව තියන එකත් එක්ක සංසන්දනය කරලා. තියන නීති නීතිරීතිවලින් තෝරු මෝරු අහුවෙන්නේ නැති බව මමත් කියනවානේ. ඒකනේ තෝරු මෝරු අල්ලන්න නීති ගේන්නේ. කියන එකෙන් තෝරු මෝරු අහුවෙනවා නම් ප්‍රශ්නයක් නෑනේ. නැති හින්දනේ  ගේන්නේ. හැම දෙයක්ම කලුයි කලුයි කියලා ප්‍රතික්ෂේප කරනවානං එහෙම අය මොකටද තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ ගේන නීතිරීති වැඩක් නෑ කියන්නේ පාර්ලිමේන්තුවේන් වැඩක් නෑ කියන එකනේ. එහෙමනම් තර්ක කර කර ඉන්නැතුව ඒක වැදගත් විදිහට කියලා ගෙදර යන්න බැරි ඇයි. මම ඕක එයාලගේ ඇහුවා.
 
EaxxTxfX0AENJda
ප්‍රශ්නය:
එතකොට ඔක්කොම හරිද..?


පිළිතුර:
නෑ මම කියන්නේ... හැමදේටම වැඩක් නැහැ කියලා කියනවා නම් ඔවුන් මොකටද තර්ක කරන්නේ. ඔවුන් මොකටද පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දෙන්නේ.

ප්‍රශ්නය:
අල්ලස් දූෂණ පනත ගෙන ඒමේ ඒමේ දී ඔබට පාර්ලිමේන්තුවෙන් ලද සහාය ගැන ඇහුවොත්..?

පිළිතුර:
සහාය විවාදය පුරාම දැක්කානේ. අපි මේ පනත කවුරුවත් කිව්වට වත් අතන තිබුනට වත් කාගෙවත් ඕනාවටත් හැදුවා නෙවෙයි. රටේ දූෂණ අපරාධ සිදු වෙන ආකාරය අධ්‍යයනය කළා. නීති විශේෂඥයින්ගේ සහය ලැබුවා. නීති විශාරදයන් සමග සාකච්ඡා කළා. මම විශේෂයෙන් නව සඳහන් කළ යුතුයි නීති විශාරද ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්තයාට. ඒ වගේ අය රාශියක් එක්ක එකතු වෙලා මේ පනත හදලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම කණ්ඩායමක් සමඟම මේ ගැන සාකච්ඡා කළා. අල්ලස දූෂණය හොරකම ගැන උනන්දු ඕනෑම සංවිධානයකට ඇවිල්ලා අපට කරුණු කියන්න අවස්ථාව දුන්නා. ආංශික කාරක සභා දෙකක් තිබුණා. ඔය විවේචනය කරපු අයටත් තිබුණනේ ඒ අවස්ථාවක ඇවිල්ලා මේකයි අඩුපාඩුව, මෙතනිනුයි තෝරා බේරිලා යන්නේ. මෙතනිනුයි මෝර ගැලවෙන්නේ. හාල්මැස්සො විතරක් අහුවෙන්නෙ මේකයි කියලා කරුණු කියන්න. වැරදි තියෙනවනම් තියෙනව නම් නිවැරදි කරන්න. එක තැනකටවත් ආවෙ නෑ. මම එක ඇත්තක් කියන්නම්. ඔය කතා කරපු ඔය ඔය විවේචනය කරපු වැඩි දෙනෙක් හරියට ඔය පනත වත් කියවල නැහැ.  

ප්‍රශ්නය:
දූෂණ විරෝධී පනත ට අනුව කොමිෂමක් වගේ මොකක් හෝ යාන්ත්‍රණයක් හැදෙනවා නේ. අපි දැක්කා ඒ යාන්ත්‍රණයේ ඇතුලේ සාමාජිකයොත් තුනයි ගණපූරණයත් තුනයි කියලා. ඇයි මෙහෙම වෙන්නේ. මේ වගේ යාන්ත්‍රණයක් මැතිවරණ කොමිෂන් සභාවේ තිබිලා පහුගිය කාලේ ලොකු අකරතැබ්බයක් වුණා..?


පිළිතුර:
පැහැදිලියි... එහෙම දේවල් මෙතන වෙන්න විදිහක් නෑ. යමක් පිළිබඳ තීන්දු ගනිද්දී තුන්දෙනා තුන් දෙනා සහභාගී වන්නම ඕන. තිදෙනාම එකඟ වෙන්නත් ඕන.
 
මැතිවරණ කොමිසම වැඩ නවත්වයි !- කොමිසම්වලට අලුත් සාමාජිකයන් !
ප්‍රශ්නය:
මැතිවරණ කොමිසමේ දි වුණා වගේ කවුරු හරි මග ඇරලා ගියොත්..? වුණා නේ එහෙම.

පිළිතුර:
එහෙම වුනොත් වෙනත් සාමාජිකයෙක් පත් කරගන්න බලය ලබා දීලා තියෙනවා. ඔ්වා එතරම් ගැටුලු නෙවෙයි. අපි ලෝකයේ දියුණු රටවල මේ වගේ කමිටු පත් කිරීම ගැන අධ්‍යයනය කරලයි මේක කළේ. සාමාන්‍යයෙන් දැන් පහ දහය සාමාජිකයෝ පත් කරන්නේ නෑ. තුන්දෙනා තමයි. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඔය ක්‍රමය අනුමත කරලා තියෙන්නේ.


ප්‍රශ්නය:
 පොදුවේ චෝදනාවක් තියෙනවා නේ. දේශපාලනඥයෝ නිලධාරීන් ව්‍යාපාරිකයෝ හා ඔවුන්ගේ ගජ මිත්‍රයෝ හොරකම් කරනවා. දැන් මේ හොරකම් කරපු ධනය රටෙන් පිට පන්නල තියෙනවා. අන්න එහෙම රටෙන් පිට හංගගෙන ඉන්න ධනය ආපහු රටට ගේන්න මේ නීතිය තුල ප්‍රතිපාදන තියෙනවාද..?


පිළිතුර:
 
ඕකනේ මම කිව්වේ ඕවා ගැන විවේචන කරන මිනිස්සු හරියට පනත කියවලා නැහැ කියලා. පනතේ පැහැදිලිවම තියෙනවා නීති විරෝධී ලෙස උපයාගත් ධනය තියෙනවනම්, එ්වා කොහේ හෝ සඟවා තබාගෙන ඉන්නවනම් අධිකරණ නියෝගයක් ලබා ගෙනගෙන ඒ ධනය අත්පත් කරගන්න සහ ඒවා ගෙන්න ගන්න පුළුවන්. පනත හරියට කියෙව්වා නම් අහු වෙනවා.
 
ප්‍රශ්නය:
සොරාගත් ධනය නැවත පවරාගැනීමට ලෝකෙ දියුණු රටවල යොදාගෙන ඇති නීතිමය ප්‍රතිපාදනය මේ පනතේ දකින්න නෑ කියා චෝදනාවක් තියෙනවා...?  

පිළිතුර:
එහෙම අවශ්‍ය නම් වෙනම නීතියක් අපිට ඒ සදහා යොදාගන්න පුළුවන්. නමුත් මේ පනත තුළ එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. අර මොකද යම්කිසි කෙනෙක් මම තම දේශපාලන බලය හෝ නිලධාරී බලය අයි බලය අයුතු ලෙස යොදාගෙන යම් ධනයක් උපයලා කොහේ හරි සඟවා තබාගෙන ඉන්නවනම් ඒක රජයට අත්පත් කරගන්න බලය තියෙනවා. අල්ලස කින් හෝ santhosama කින් අයුතු ලෙස උපයා ගත්තත් අපිට තියෙනවා.
 
 
අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු විත්තිකරුවන් ඇත්තටම නිදහස් ද?
අර්ජුන් මහේන්ද්‍රන්
 
ප්‍රශ්නය:
මහ බැංකු හොරකම කියන්නේ අපේ රටේ ආණ්ඩු හොල්ලපු සිදුවීමක් නේ. ආණ්ඩු පෙරලූපු හොරකමක්. එම හොරකමට වගකිවයුත්තා ලෙස සලකන අර්ජුන් මහේන්ද්‍රන් නැමැති පුද්ගලයාව නැවත ලංකාවට ගේන්න පවා මේ පනතට හැකිද..?


පිළිතුර:
 
මට පුද්ගලිකව සතුටක් තියනවා ඔහුගේ නම එදා මහ බැංකු අධිපති කමට යෝජනාවෙද්දී ඊට විරුද්ධ වීම පිළිබඳව. එතන ඔබ කියූ ගැටලුව මතු වෙනවා. ඒ වගේ අයව අපට ආපහු ගේන්න නම් ඔහු ජීවත්වන රටත් අපිත් අතර ඒ සඳහා එකඟතාවයක් තිබිය යුතුයි. ඒ කියන්නේ පුද්ගලයන් ගෙන්වාගැනීමට. එහෙම ගිවිසුමක් අප අතර නැති නිසා ඔතන ප්‍රශ්නයක් තියෙන බව මම පිළිගන්නවා. ඒ සඳහා පනතෙන් කළ හැකි දෙයක් නෑ.
 
ප්‍රශ්නය:
විශ්වාසනීයත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවානෙ ඇමැතිතුමා. එදා මහබැංකු අධිපතිකම ට අවුරුදු න්ව පත් කළ අගමැති අද වෙන විට රටේ ජනාධිපති. එදා අර්ජුන්ගෙ පත්වීමට විරුද්ධ වුණා අධිකරණ ඇමති අදත් අපේ රටේ අධිකරණ ඇමති. පොඩි ලැජ්ජාවකුත් තියෙනවා වගේ නේද.. කොහොමද මේ ගැටලුව ලිහා ගන්නේ...?
 
358466091 853716959457902 6390861398300030086 n
පිළිතුර:
 
ගැටළුව ලිහා ගන්න තමයි මම මේ අධිකරණ ඇමතිකම බාර ගත්තේ. එදා වරදක් වුණා. එහෙමයි කියලා අපි ඒ වරද දිගටම වෙන්න ඇරලා බලා ඉන්නවද නැත්නම් එවන් වැරදි සිදු නොවන විදිහට නීති රීති සකස් කරනවද. ජනාධිපතිතුමා මේ සිද්ධියේදී එදා කළුයි කියමුකො. ඉතින් එතුමා අදත් කලුයි ද. අපි එතුමාට නිවැරදි වෙන්න වෙලාවක් දෙන්නැද්ද. වරද තේරුම් අරගෙන එතුමා මට අවස්ථාව දීලා තියෙනවා නැවත ඒ වගේ දේවල් නොවෙන්න නීතිමය ප්‍රතිපාදන ශක්තිමත් කරලා හදන්න. අපි එක කරනවා.
 
ප්‍රශ්නය:
ඇමතිතුමා මෙතන සදාචාරය හා විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවනේ . තියනවනේ ඇමතිතුමා. දැන් බලන්න ඔබතුමා ඉන්න ආණ්ඩුවේ ජනාධිපතිට ඇමතිකම් දරන්න පුලුවන් ද කියලා. පනතක් සම්මත වෙලා තියෙනවනෙ ඔහුට වෙනත් ඇමැතිකම් දරන්න බෑ කියලා. ආරක්ෂක ඇමතිට අමතරව අදටත් ඔහු මුදල් ඇමතිනේ. ඔහු මුදල් ඇමතිකම ඉන්න තුරු ඔය මහ බැංකු හොරකම වගේ දේවල් වලට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ජනතාව විශ්වාස කරන්නේ නෑ..?


පිළිතුර:
ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිකම දැරීමට පමණක් හැකිවන පරිදි තමයි අපි සංශෝධනය ඉදිරිපත් කළේ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මේක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙවෙයි, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණය අපට තීන්දුවක් දීලා තියෙනවා ඔබට මේ ජනාධිපතිට තියෙන බලතල කපන්න අවස්ථාවක් දෙන්න බෑ කියලා. පාර්ලිමේන්තුවට කිව්වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. ජනාධිපති බලය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්ව දීපු තීන්දු ටික මතක ඇතිනේ.

ප්‍රශ්නය:
මේ දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීමට යාමේ දී අවසාන මොහොතේදීත් පාර්ලිමේන්තුව ඇතුලේ ඔබට බාධා කිරීම් වුණා කියලා කියනවා..?


පිළිතුර:
යම්යම් බාධාවන් මතුවුණා අපි ඒවා විසඳගෙන ඉදිරියට ගියා.

ප්‍රශ්නය:
ඔබතුමා ඒ ගැන කතා කරන්න සතුටු නෑ වගේ පේනවා..?

පිළිතුර:
අසතුටක් නෑ... ඔව් මට එතෙන්දිත් බාධාවන් ආවා. මම ඒ බාධාවන් මැඩලූවා. අනිත් එක මට ඔය බාධාවන් කියන දේ අලුත් දෙයක් නෙවෙයි. ඔබට මතකද මන් දන්නෑ 2007 දී මම කෝප් වාර්තාව හදලා ඉදිරිපත් කරපු වෙලාවේ මට පාර්ලිමේන්තුවට යන්න ඉඩ දුන්නේ නැහැ. මේ ගේ වටේට විශේෂ කාර්ය බලකායේ අසූවක් දාලා රැකගෙන හිටියේ. ඒත් මගේ ගමනට බාධා කරන්න එදත් කාටවත් බැරි වුණා. මම පාර්ලිමේන්තු ගියා.

tr8bel6g sri lanka parliament reuters mahinda rajapaksa seated 625x300 15 November 18

ප්‍රශ්නය:
 අපි දැක්කා මේ පනතට සමහර පක්ෂ සංශෝධන ඉදිරිපත් කළේ යම් යම් පාර්ශව වලින් පළිගන්න. අපි හිතමු රාජපක්ෂවරුන්ගෙන් කියලා. ඒ හින්දාදෝ අවසාන මොහොතේ ආණ්ඩුවේ බලවත්ම මන්ත්‍රී කණ්ඩායම වන පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ පනත සම්මත වීම කල් දාන්න උත්සාහ ගත්ත බව පෙනුනා. එහෙම පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට යාමෙන් පොදු අරමුණ අනතුරට ලක්වන බව අපි දැක්කා..?


පිළිතුර:
අපි බලමු අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ පනතක් ගැන කතා කරනකොට බහුතරයක් දෙනා පනතේ අදාල කරුණු ගැන කතා කරනවද කියලා. මාතෘකාව ගැන නෙමෙයිනේ කතාව. මේ දේශපාලන සංස්කෘතිය හැදිලා තියෙන විදිය බලන්න. ඒත් කතාවල් පුරාවට තියෙන්නෙ වෛරය ද්වේශය ක්‍රෝධය ඊර්ෂ්‍යාව. එහෙම නෙවෙයිද. හැමෝම ගැන නෙවෙයි, බහුතරයක් ගැන මම කතා කරන්නේ. ඕක තමයි වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩිදෙනාගේ චතුරාර්ය සත්‍ය. වෛරය ක්‍රෝධය ද්වේශය ඉරිසියාව. ඒ පදනම ඉඳලා කතා කරන කෙනෙකුට කවදාවත් මේකෙ ඇත්ත දකින්න බැහැ.

ප්‍රශ්නය:
 හොඳයි අපි අවසාන ප්‍රශ්නය ගමු. දූෂණ විරෝධී පනත දෙවැනි වර කියවලා පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ අවශ්‍ය නම් එදා හවසම සංශෝධන ඉදිරිපත් කරලත් සම්මත කරන්න තිබුණා. එහෙම නේ බෙදීමක් නැති පනත් වලදි වෙන්නේ.  හැබැයි එදා ඒ සම්මත කිරීම වුණේ නෑ. නැවත දහනවවෙනි දාට කල් ගියා. ඇයි එම වෙන්න දුන්නේ..?


පිළිතුර:
පාර්ලිමේන්තුවේ කටයුතු වලදී තීන්දු ගන්නේ මම නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කතාබහ කරලා තමයි න්‍යායපත්‍රය හදන්නෙ තීන්දු ගන්නෙ. එදා ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි කතා කරලා තින්දුවක් ගත්තා එදිනට දෙවන වර කියවීම විතරක් සම්මත කරලා 19 වෙනිදාට කාරක කාරකසභා අවස්ථා අරගෙන සංශෝධන ඉදිරිපත් කරලා සම්මත කරන්න. එච්චරයි.

ප්‍රශ්නය:
එහෙම නැතුව පොහොට්ටුවේ කකුලෙන් ඇදීමක් නිසා නෙවෙයිද..?


පිළිතුර:
එහෙම ගැටලුවක් නෑ. මේ පනත ආණ්ඩුවේ. ආණ්ඩුවෙත් විපක්ෂයේත් බහුතරයකගෙ කැමැත්තෙමි තමයි දෙවැනි වර කියවීම සම්මත වුනේ. කාරක සභා අවස්ථාව කල්ගියපු එක ලොකු ගැටලුවක් නෙවෙයි


(සාකච්ඡා කළේ - බුලිත ප්‍රදීප් කුමාර)



 

JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image