theleaderlk 01

පැණි වළල්ලක රස පත් ඉරුවක් මත සටහන් වූ අකුරුවලටත් දනවන්න පුළුවන් බව අපට ඔප්පු කළේ දම්මික ගංගානාත් දිසානායක.



ඒ ඔහුගේ පැණි වළලූ තීරු ලිපි පෙළ මගින්.

2010 වසරේ සිට 2021 වසරේ රුදුරු රෝගයකට ගොදුරුව පෑන අල්ලන්නට බැරි වන තෙක් ම ගංගානාත් ඉරිදා ලංකාදීප පත්‍රයට පැණි වළලූ තීරු ලිපිය ලිව්වා.

මේ ලිපි පෙළෙහි ජනප්‍රියත්වය නිසා ම පැණි වළලූ පොතක් ලෙස එළි දැක්වුණා.

රසික රසිකාවන් එක පොතකින් සෑහීමකට පත් නොවුණු නිසා ම, පැණි වළලූ පොත් කිපයක්ම එළි දැක්වුණා.

පොත්වලට එක් නොවුණු, දම්මික ගංගානාත් සිය ජීවිතයේ අන්තිම කාලයේ ලියූ තීරු ලිපි එක් කොට පැණි වළලූ – 5 දැන් එළි දැක්වී තියෙනවා.

පැණි වළලූ – 5 සංස්කරණය කළේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර.

පැණි වළලූ – 5 පොතේ රසයෙන් බිඳක් ඩිජිටල් අවකාශය ඔස්සේ විඳින්න....


JW

නවතම පුවත්