"කාලි" නම් හින්දු දෙවඟනගේ වෙස් ගත් කාන්තාවක්, සිගරට්ටුවක් උරන අයුරු දැක්වෙන පෝස්ටරයක් සමාජ මාධ්‍යයේ පළ කළ සිනමාවේදිනියකට, ඉන්දීය

අධිකරණයක් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

චිත්‍රපට අධ්‍යක්ෂිකා ලීනා මනිමේකලායි විසින් සිය නවතම සිනමා නිර්මාණය කාලි හි පෝස්ටරයක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයෙහි පළ කර තිබුණු අතර එය ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇත.

කෝපයට පත් දහස් ගණනක් හින්දු ජාතිකයන්, ජූලි 3 වැනිදා නිකුත් කළ එම ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබේ.

kaali 1

සිනමාවේදිනිය තමන්ගේ ආගමික මතවාදයන් ගැරහීමට ලක් කරන බව ඔවුන්ගේ චෝදනාව යි. එසේම, ලීනා මනිමේකලායි අත්අඩංගුවට ගත යුතු බවට යි බොහෝ දෙනකු අදහස් දක්වා ඇත්තේ.

Leena Manimekalaiලීනා මනිමේකලායිඋතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විසින් ලීනා මනිමේකලායිට එරෙහිව ජූලි 6 වැනිදා පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඉන්පසුව ද ඉන්දියාවේ පොලිස් ස්ථාන කිහිපයකම පැමිණිලි දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

දැනට කැනඩාවේ ඉගෙනුම ලබන ලීනා මනිමේකලායිට එරෙහි නඩුව අගෝස්තු 6 වැනිදා විභාග කිරීමට නියමිත ය.

හින්දු දේව විශ්වාසයන්ට අනුව විනාශයට අධිපති දෙවඟන ලෙස සලකනු ලබන "කාලි" මිලියන ගණනක් ඉන්දියානුවන් අදහනු ලබයි.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්