සමූහ ගායනයන් ද ඈඳා ඩොලැක්කයෙන් කෙමෙන් වේගවත් කරමින් ගයන මොහොමඩ් රාෆිගේ පළමු ගීතය වන

1941දි පටිගත කළ “සෝනියේ නී හීරියේ නී” (Soniyenee Heeriyenee) ගීතය ඌෂා තිමොති සමඟ ගයන යුග ගීතයක්.

නමුත් මට පෙනනෙ මුල්ම පටිගත කිරීම හරිම මන්දගාමී රිද්මයකට ගැයෙන්නක්. මේ ගීතය ගායනා කළේ ගුල් බලොච් කියන පන්ජාබි චිත්‍රපටියට යි. මේ ගීතයේ මුළ්ම පටිගත කිරීම කරද්දී රාෆිට වයස 13යි.   


Sohniye Ni Heeriye Ni (Punjabi)... MOHAMMAD RAFI SAAB

 
අපේ ලංකා රටේ උදවිය මේ ගීතය ඇසුවෝතින්, ඇසූ සැනින් ලංකාවෙ ඉන්න අපේ හිතට එන්නේ, 60 දශකයේ අග භාගයේත් සහ 70 දශකය පුරාත්, 80 දශකයේ මුළ් භාගයේ දී ලංකාවේ ජනප්‍රිය වින්දනනවාදී සිනමාපටවල එන බජව් ආරේ ගීතයක්.


ලංකාවේ බජව් ගීත සහ පන්ජාබයේ සමූහ ගීත අතර යම් නෑකමක් තියෙනව. එකක් මේ දෙකේ ම ඩොලැක්කිය සහ සර්පිනාව භාවිතා කිරීමට පෙළඹීමත්, අනෙක ගීතයට තාල භාණ්ඩවලින් ගෙනන රිද්මය මුළ සිට අග දක්වා කෙමෙන් වැඩිවී ගොස් උත්සවශ්‍රීයෙන් යුතු ගතිකයක් අවසන් වී යාමත් වැනි මේ පොදු ලක්ෂණ දෙක තිබීම.


 
ලංකාවේ එච්.ආර් ජෝතිපාල විසින් මොහොමඩ් රාෆි තමන්ගේ ඒක කෙන්ද්‍රීය අභාශයක් බවට පත්කරගත් ගායකයා කරගන්නට මේ සමාන්තර ගතිය බලපාන්නත් ගොඩක් ඉඩ තියෙනව. මොකද ජෝති තමන්ගේ ගායන සංස්කෘතිය අරඹන්නේත් බජව් සංගීතයෙන්. නමුත් මේ දෙන්නාගේ ජීවිත සංස්කෘතීන්වල ගොඩක් වෙනස්කම් තියෙනව.
 

1924 වසරේ දෙසැම්බර් 22දා බ්‍රිතාන්‍ය යටත්විජිත ඉන්දියාවේ එක්සත් පන්ජාබි ප්‍රාන්තයේ කට්ලා සුල්තාන් සිං නැමති ගම්මානයේ ඉපදුනු මොහොමඩ් රාෆි හින්දුන්ස්ථාන සම්භාව්‍ය සංගීතය හදාරන ලද සංගීත පසුබිමක් සහිත ගායකයෙක්.

මොහොමඩ් රාෆි විසින් “ගෝවාන් කී ගෝරි ( Gaon Ki Gori  )”නැමති බොලිවුඩ් චිත්‍රපටියට ගයපු “අයි දිල් හෝ කාබූ මෙයින් (Ai Dil Ho Kaabu Mein)” නැමති ගීතයෙන් පසුව ඔහුට ආපසු හැරෙන්න වෙලාවක් නැති තරමට ම දිගට ම චිත්‍රපටි පසුබිම් ගායන අවස්ථාගලා එන්න පටන් ගන්නව.

ලංකාවේ ජෝති “සිරි අ මෙ සාරා” ගීතය ගැයීම සමඟ ඔහුට ලැබුණෙත් මේ වගේම අත්දැකීමක්.

 

Aji Dil Ho Kabu Main To - Gaon Ki Gori (1945) - Old Bollywood Classical Songs


ඉන්දියානු අර්ධද්වීපයට ගීත ගායන පුරාවෘත්තයක් බඳු වූ ගීත 7000ක් ගායනා කළ මොහොමඩ් රාෆි මෛතිලී, බෝජ්පූරී, බෙන්ගාලි, දමිල, තෙලෙඟු, හින්දි යන ඕනෑම භාෂාවකට සහ ඒවායේ සංස්කෘතියනට අනුව ගීත ගැයීමේ හැකියාව තිබුණ අති-නුපුනයෙක් (Genius).

මේ ගායනන ශෛලීන් අතර සියුම් වෙනස්කම් හඳුනාගෙන ඒ ඒක එක් සුවිශේෂිකත්වයන් අනුව ගයන්නට හැකියාව තිබූ සර්ව-ගායකයෙක්.


මොහු ඉතා විනයගත මුස්ලිම් පවුලක උපත ලද්දෙක් වුණත් මොහුට ඔස්තාද්වරුන් යටතේ සංගීතය හැදෑරීමට බාධාවක් පැමිණෙන්නේ නැහැ. ඒයා ගායකයෙක් හැටියට ඉස්මතුවෙන්නට පවුල විසින් දුන්නු මේ නිදහසත් ගොඩක් බලපෑව.



1944දී රාෆි බොම්බායට ගොස් රුපියල් 10ක මුදලකට කෝරස් ගායනයක් කර පසුව නවුශාද් අලී නැමති ජනප්‍රිය සංගීතවේදියා යටතේ ඒකල ගායනයන් සිද්ධ කරන්නට සහ ගුරුහරුකම් ලබන්නට අවස්ථාව උදා කරගන්නව.

මෙසේ ඇරඹි ගමන මොහොමඩ් රාෆි තමන්ගේ තනුව, හැගීම් සහ ජනක ශක්තීන් සම-සුසංයෝගයෙන් ගයන්න හැකියාව තිබූ ගායකයෙක්.

අනික් අතින් මෙතරම් බිලියන ගණන්ක වූ දෙස් විදෙස් රසිකයින් ප්‍රමාණයක් මෝහනීයව ඇද බැඳගන්නට පුළුවන් වූ වෙනත් ඉන්දීය ගායකයෙක් සිටිනවාද කියා සිතන්නට පවා අසීරුයි.


මීට ප්‍රධාන හේතුවක් වුණේ මොහුගේ ගායනයේ තිබූ පිරිමි පෞර්ෂයත්, කඳු පරයා යන තරම් දිගක් අල්ලාගෙන සිටින්නට හැකිවූ ඒකල ගායන හුස්මත් ය. තනි සංස්කෘතික කලාපයකට සීමා නොවූ කුසලතාවයත් මේ අසාමාන්‍ය ගායන ලක්ෂණ ඔහුට හිමිවන්නට බොහෝ සේ බලපෑවා.
 
ලාහෝරයේදී ඔහුව පුහුණු කරීමේ දායකත්වය සැපයූ සංගීත නිෂ්පාදකවරයෙක් වූ ෆීරෝස් නසීමි ( Feeroze Nizami)  ද, ඔහුගේ ආභාශයික ලකුණු වූ කේ.එල්. සෛගල් ( K.L. Saigal ) සහ ජී.එම් ඩුරානි ( G.M. Durani ) ද ඔහුගේ ගායන ජීවිතයට බලපෑමක් වූ චරිතයි.

මේ අතරින් සෛගල්ගේ ගීත ගායන ශෛලීන් යමෙක් සවන් දී හැදෑරුවොත්, රාෆිගේ ගායනයට ඔහු කෙතෙරම් බලපා ඇත්දැයි සොයා ගන්න පුළුවන්. මුල් කාලීනව සෛගල්ගේ කටහඬ අනුකරණය කිරීම තරමට තරමට ලං වූ රාෆි පසුකාලීනව තමන්ගේ ම ගීත ගායන ආරක් නිර්මාණය කරගන්නව.

 
 KL Saigal - Top VIntage Songs Collection


1950 සහ 1960 දශකය තුළ රාෆි නවුශාද්ගේ සංගීත මෙහෙයුම යටතේ සිනමා ගීත කිහිපියක් ගයනවා. ඒ කාලය පුරා දේව් ආනන්ද කියන ගායකයාට දිගට ම කටහඬ දෙන්නේ රාෆි.
 
පසුබිම් ගායනයේ දී හරි ම වැදගත් කුසලතාවයක් ලැබිය යුතුව වෙනවා. එකක් නළුවෙකුට තමන්ට ලැබෙන ගායකයාගේ කටහඬ අනුව තොල් සහ ඉරියව් සොලවන්න පුහුණුවක් ලැබිය යුතු වෙනවා. ඒ වගේ ම ගායකයෙකුට තම ගායනයට අමතරව නළුවාගේ තොල් සෙලවීම සහ අනෙකුත් ඉරියව් පමණක් නොව නළුවගේ පෞර්ෂ ලක්ෂණ ද හසුකර ගැනීමහි කුසලතාවක් තිබිය යුතු වෙනව. මෙසේ ගායකයකු හා නළුවෙකු සමාන්තරවී පෑහුණොත්, ඔවුන් දෙදෙනා ට ම දිගු වෘත්තීය ජීවිතයටක් හිමිකරග්නට පුළුවන් වෙනවා.


එනිසා දශකයක් පුරා එක නළුවෙක් වෙනුවෙන් රාෆිගේ හඬ උවමනා වෙනවා කියන එකේ තේරුම, රාෆිට ඒ නළුවාගේ තොල් සෙලවීමේ රිද්මය පමණක් නොව සියළු ඉරියව් සහ පෞර්ෂ ලක්ෂණ ද හසුකරගැනීමේ හැකියාවක් තිබුණ බව යි.

මෙහිදී දේව් ආනන්දගේ නිරායාසී කටහඬ සෙලවීම පැමිනෙන්නේ ඔහුට තිබූ නිරායාසී රංගන රිද්ම පෞර්ෂය නිසයි. රාෆි විසින් දේව් ආනන්දට ගැයීමේ දී, දේව්ගේ මේ රංගන ආර හොඳින් හසුකරගෙන ගයපු බව දේව් සහ රාෆි ගැන ඉසියුම් ගවේශණයක් කරන ඕන ම කෙනෙකුටු ඉබේ ම හසුවන ඇත්තක්.

 
දේව් ආනන්ද කියන නළුවා, රාෆි කයන ගායකයා සහ බර්මන් කියන සංගීතවේදියා තමයි ඉන්දියාවේ 50, 60,70 දශකයන්වල සිනමා තිරය මත හදිසියේ මැජික් වන පන්නයේ ගීත-ගායන-රංගන බිහිකළ ත්‍රිත්වය.


මීට සුප්‍රසිද්ධ “ගුන් ගුනා රහේ (Gun Guna Rahe) ගීතය සහ තෙරී බිඳියාරේ (Theri Bindiya Re) ගීතය වැනි තවත් බොහෝ ගී අයත් වෙනව.

මෙහි ගුන් ගුනා රහේ ගීතය තමයි ජෝති විසින් “සුසුදු රැල්ල වැල්ලලෙ පෙරලි” විදිහට ශ්‍රි ලංකා ගායන සංස්කෘතියට අනුවර්තනය කරගන්නේ.

 ඉහත කී ත්‍රිත්වය බොහෝ දුරට ලංකාවේ ගාමිණී-සරත් දසනායක-ජෝති ත්‍රිත්වට යම් යාවීමක් දක්වනවා.
 
 Gun Guna Rahe Hai Bhanvare | Aradhana - Rajesh Khanna | Sharmila Tagore
 
 සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි - අභිරහස - 1971

 
ආරාධනා චිත්‍රපටයට “රූපු තෙරා මස්තානා” කියන සෘංගාරය වෑහෙන රූපරාමු සහිත ගීතය ගායනා කරමින් ක්‍රිශෝ කුමාර් පෙනී සිටිය ද, ඊට තරඟයක් දෙමින් “ක්යා හුවා තේරා වාදා”(Kya Hua tera Wada) ගීතයට ෆිල්ම්ෆෙයා ගායන සම්මානය හිමිකරගන්නේ රාෆි.

 
 kya hua tera wada - live mohd rafi

 
පසුකාලීනව ලතා මංගේෂ්කාර් සහ රාෆි අතර යම් ආරවුලක් ඇතිවූ නිසා රාෆි-ලතා ගායන ඉන් ඉදිරියට ඇණ හිටියා වගේ තත්වයකත් උදා වෙත්දී රාෆිගේ තැනට රිප්ලේස් වෙන්නේ ක්‍රිෂෝ කුමාර්. මෙම සිදුවීම නොවී තිබුනේ වී නම්, රාෆි-ලතා සමඟ ගයන සිනමා ගීත ප්‍රමාණය මීට වඩා විවිධත්වයෙන් වැඩිවී ගොස් වෙනස් ම ආරක ඉන්දියානු සිනමා ගීත ගායන සංස්කෘතියක් ඇති වෙන්නටත් ඉඩකුත් තිබුණා.


ඒත් 70 දශකය අවසන්ව 80 දශකයේ මැදභාගය වෙනකොට රාෆිට දරුණු හෘදයාබාධයක් පැමිණ ඔහුට පෘථිවිය හැර යන්න සිද්ධ වෙනව. ඒකෙන් අර යලි-නිවැරදි කරගන්න තිබුණ සංස්කෘති මානය ඉන්දියාට අහිමිවී යනව.

ඒ කෙසේ වෙතත් රාෆි වැනි මහා පිරිමි පෞර්ෂීය ගායන ආරක් නැති ඉන්දීය සංගීතයක් ගැන යලි හිතන්නත් අමාරුයි.  


(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image