අයිටීඑන් නාලිකාව විසින් ඉදිරිපත් කරන සැටඩේ නයිට් මූවී වැඩසටහන යටතේ මේ සතියේ එනම් අගෝස්තු 20 වන සෙනසුරාදා රාත්‍රී 10.30 ට ප්‍රදර්ශනය

වන්නේ ‘මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් (Mission Impossible Fallout) නම් චිත්‍රපටයයි.

ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය පියෝ ටීවී නාලිකා අංක 303 ඔස්සේ විකාශය වන අයිටීඑන් එච් ඩී නාලිකාව තුළින් ද නැරඹිය හැකිය.

Mission Impossible Fallout 2

ක්‍රිස්ටෝෆර් මැක්වේරි විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමා පටය ගෙතෙන්නේ IMF කියන සංවිධානයක් වටායි. 2018 දී නිපදවුණු මෙම මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් යනු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ 06 වෙනි චිත්‍රපටයයි.

මිෂන් ඉම්පොසිබල් මුලින්ම නිර්මාණය වන්නේ 1996 දී ය. පසුව 2000, 2006, 2011සහ 2015 වර්ෂවලදී සෙසු චිත්‍රපට නිපදවුණු අතර දැනට අවසාන වශයෙන් නිපද වී ඇති චිත්‍රපටය මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට්ය. නමුත් මෙය අවසානය නොවේ.

Mission Impossible Ranked

මේ චිත්‍රපට මාලාවේ ඉදිරි චිත්‍රපට 02ක් 2023 සහ 2024 වර්ෂවල ඉදිරිපත් කිරිමට දැනටමත් සැලසුම් කර ඇත.

මෙම මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ දිගටම සිටි ප්‍රධාන නලුවා වන ටොම් කෘස් මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය කාර්යටත් සම්බන්ධයි.

 

මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් සිනමාපටය පුරාම ඇත්තේ යම් කිසි ආකාරයක ආතතියකට පත් කරන විදිහේ සිදුවීම් මාලාවක්. නමුත් ඒ සිදුවීම් මාලාව තුළ ඇමරිකානු ගෝලීය දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය අපට කියවන්න පුලුවනි.

 

2015 දී නිෂ්පාදනය වුනු mission impossible rogue nation චිත්‍රපටයේ දී "සින්ඩිකේට්" කියන ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්ණයෙන්ම මෙම IMF සංවිධානය විසින් විනාශ කරන අතර එහි නායකයා සිරගත වීමෙන් එම චිත්‍රපටය අවසාන වේ.

මේ සිනමාපටයේ දී සිදු වෙන්නේ ඒ “සින්ඩිකේට්" නම් ත්‍රස්තවාදී සංවිධානය නැවත "ඇපස්ට්‍රෝස්" නමින් හදුන්වන වෙන සංවිධානයක් හැටියට නැවත ගොඩ නැගී විශාල ගෝලීය විනාශයකට අර ඇදීමයි. IMF සංවිධානය මෙහිදී කටයුතු කරන්නේ එය වැළැක්වීමටයි.


Impossible යනු කළ නොහැකි දේ හෙවත් විය නොහැකි දේ ය. අපේ ජිවිතයේ අපට මග හැරෙන යන දේ හෙවත් ඒ විය නොහැකි දේ අපිට මුණ ගැසීම වළක්වා ගනිමින් ෆැන්ටසිමය ආකාරයට අපේ ජීවිතය නිර්මාණය කර ගන්නට අපි හැකිතාක් උත්සාහ කරමු. යතාර්ථය යනු ප්‍රබන්ධයක් බව කියන්නේ ඒ නිසයි.

 

නමුත් මේ ඇමරිකානු සිනමාව මේ විය නොහැකි දේ විය හැකි දෙයක් බවට පත් කිරීමට පුලුවන් යන තැනට එන්නට උත්සාහ කරයි. IMF සංවිධානය අපට අධිනිශ්චය වී තිබෙන කාලයක Mission Impossible යන චිත්‍රපටිය පිළිබඳ සාකච්ඡා කරන්නට අපට අවස්ථාව ලැබීමම වැදගත්ය.

 

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ විචාරක
සමන් වික්‍රමාරච්චි


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්