බ්‍රහස්පතින්දා සවස හයට ඩිජිටල් අවකාශයට මුදා හරින ලද අටපාස් මේ වන විට විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අට පාස් ෆේස්බුක් පිටුවෙන් පමණක් ප්‍රේක්ෂකයින් 60,000කට වැඩි පිරිසක් පසුගිය දින දෙකතුල නරඹා තිබුනා.  

මෙහි රංගනයෙන් දායක වන අලුත්ම රංගන ශිල්පීන් ශිල්පිනියන් අට දෙනා පිළිබඳව බොහෝ දෙනා මේ වෙනවිට කතාබහ කරමින් තිබෙනවා.

එමෙන්ම ටෙලි නාට්‍ය සම්ප්‍රදායෙන් මිදී අලුත්ම හැඩතලයක් මෙම නිර්මාණය තුළට රැගෙන විත් ඇති බවයි බොහෝ දෙනා සඳහන් කර තිබෙන්නේ.

එමෙන් ම ප්‍රේක්ෂක ප්‍රතිචාරය මත අලුත් කොටස නිර්මාණය වන බවයි සඳහන් වෙන්නේ.

දත්ත වාර්තා අනුව සඳහන් වන්නේ අවුරුදු 18 ත් 25 ත් අතර තරුණ තරුණියන් ගේ ප්‍රේක්ෂක අවධානය වැඩිපුර ලැබීල තියනවා.

අටපාස් දෙවැනි කොටස මේ බ්‍රහස්පතින්දා සවස මුදා හැරීමට නියමිතයි.



ඉතිරි කොටස තීරණය කරන්නේ ඔබයි ....



අධ්‍යක්ෂ කැලුම් පාලිත මහිරත්න සිය ෆේස්බුක් තැබූ සටහනක මෙසේ සඳහන් වේ.


EPISODE 01 | (8pass | අට pass | எட்டு pass | ata pass)


ආගන්තුකයන් 8 දෙනෙක්, එක් කණ්ඩායමක්, සිදුවීම් ගණනාවක්..එක් ගමනාන්තයක්.. මෙතැන ඉඳලා ඔයාත් මේගොල්ලන්ගෙ ජීවිතවල කොටස්කරුවෙක්.. මේ අය කරන්න යන දේවල් බොහොමයක් මින්පස්සෙ තීරණය කරන්නෙ ඔයා... මේක බලලා අන්තිමට අහන ප්‍රශ්ණයට ඔයාගෙ උත්තරය සඳහන් කරලා ගමනේ ඉතිරි කොටස තීරණය කරන්න.. ❤️

එක නැත්‍තම් ? එක ක්ලික් කරල ඔයාගෙ තීරණය අපට කියන්න.. ඔයාගෙ තිරණයට සඳුදා හැන්දෑවෙ 6 වෙනකන් කල් තියෙනවා..හැබැයි ඉක්මන් කරන්න...

#Lifeඑකගොඩයන්න

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image