88/89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුතු සොයා ගරා වැටුන උසාවි මැදිරියක සිට ජරා ජීර්ණ වූ නීතියේ පිහිට අයදින මවක‌ගේ අරගලය “පාංශු” චිත්‍රපටය ප්‍රදර්ශනය සහ කථිකාව...



බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය අගෝස්තු මස  30 වන දිනට යෙදී තිබේ.

 

2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ පණත හරහා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම, රඳවා තබා ගැනීම, පැහැරගැනීම ආදී ක්‍රියාවන් වරදක් ලෙස නීතිය මඟින් හදුන්වා දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් පුරවැසියන් අතර ඇති සමාජ දැනුවත්බව ඉතා අල්පය.

 මනුෂ්‍යත්වය පිළිබඳ කම්පනය 'පාංශූ' -චූලානන්ද සමරනායක

 

බලහත්කාරයෙන් අතුරුදන් කරවූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය සැමරීම අරමුණු කරගනිමින් "බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම යුග තුනක ඇසින්" යන තේමාව ඔස්සේ මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීම සහ කතිකාව මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේදී 2022 ඔක්තෝබර් මස 22 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


පාංශු: බබානෝනාගේ විමුක්ති කලාව - බූපති නලින් වික්‍රමගේමෙම වැඩසටහන තුළ ප්‍රදර්ශනය කෙරන "පාංශු" සිනමාපටය සාකච්ඡාවෙහි එක් යුගයක් වන බලහත්කාරයෙන් අතුරුදහන් කරලීම පිළිබඳ 88/89 කාල වකවානුවේ මතකය අවදි කරන දෙස් විදෙස් සම්මානයට පාත්‍ර සිනමාපටයකි. එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් විසින් එම යුගය පිළිබඳ කතිකාව සිදුකරනු ඇත.


දෙවන යුගය ලෙස සිවිල් යුද්ධය පැවති යුගයේ සිදු වූ බලහත්කාරයෙන් අතුරුදහන් කරලීම් පිළිබඳ කතිකාව මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන්ද තුන්වන යුගය ලෙස මෑත කාලයේ සිදුවන අතුරුදහන් කිරීම් පිළිබඳ නීතීඥ අචලා සෙනවිරත්න විසින්ද සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.


මෙම අවස්ථාවට සහභාගී වෙමින් මෙම සිනමා පටය නරඹන ලෙසත් කතිකාව හා සම්බන්ධ වෙමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලට එරෙහි වීමට පුරවැසියා සතු අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය ලබා ගන්නා ලෙසත් එවැනි අතුරුදහන් වීම් පිළිබඳ අත්දැකීම් සහ ඔබ සතු දැනුම අප සමඟ ඛෙදා ගන්නා ලෙසත් ආරාධනා කර සිටිමු.

 

310447449 438952461695278 3717519190883480269 n

309882121 438952705028587 8990710256028265134 n

309444983 438952678361923 7374328309165534689 n

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්