ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහනක් වන නුග සෙවන වැඩසටහනට ශෘංගාර කතා රචක චින්තන ධර්මදාස කැඳවා තිබුනි.

එහිදී චින්තන කැමති ගීත සමග ඔහුගේ ජීවිතය සහ සිතුම් පැතුම් ගැන විවෘත කතාබහක් සිදු විය. 

ලිංගිකත්වය, ආදරය යන තේමා විෂයෙහි ජාතික රූපවාහිනිය මෙතරම් ආන්දෝලනාත්මක, අවදානම් කලාපයකට අවතීර්ණ වූ පළමු අවස්ථාව මෙය විය හැකිය. 

මෙතෙක් ජාතික රූපවාහිනිය යැයි පිළිගත් සම්මත සදාචාර රාමුවලට ඔබ්බෙන් ගොස් මෙවන් විවාදාපන්න අදහස් තමන්ගේ නාලිකාව තුලට කැඳවන්නට මේ වැඩසටහන් නිෂ්පාදකවරුන්ට නිදහසක් ලැබීම සුවිශේෂ කොට සැලකිය යුතුය. 

එමෙන්ම ජාතික රූපවාහිනිය තමන්ගේ හණමිටි සංවාද මණ්ඩපවලින් මිදී මෙවන් නව කතිකා පිළිබඳ උනන්දු වීමත් පිටුපස සිදුවූ සංස්කෘතික වෙනස කවරක්දැයි යන්න ගැනත් විමසිලිමත් විය යුතුය. 

කෙසේ වෙතත් මෙය ඉදිරිගාමී පියවරක් බව දැනට සටහන් තැබිය හැකිය.

මේ වැඩසටහන් නිෂ්පාදකවරයා වූයේ පැතුම් සසංකය. 

වැඩසටහන මෙහෙයවූයේ අචලා කරුණාරත්නය.











JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්