නැටුමක් නිසා ජීවිතයක් නැති වීමේ ආසන්නය ට ම පැමිණි මේ කතාව ඇසෙන්නේ ඉතියෝපියාවෙන්.


ඉතියෝපියාවේ සාදයක නටන පිරිමින් දෙදෙනෙකුගේ රූප රාමු පෙළක් ‘ටික්ටොක්’ (TikTok) හි ප්‍රදර්ශනය වූ විට එයින් සමලිංගිකයන්ට තදින් එරෙහි වෛරයක් ආරම්භ වුනේ මුදා හැරුනු ජලප්‍රවාහයක් ලෙසින්. මේ නිසා දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකුට තම රටින් පළා යාමට පවා සිදුවුනා.

තමන්ව රූපගත කරන බවක් මේ යුවළ දැන සිටියේ නැහැ. මුලින් ම ‘ඉන්ස්ටග්‍රෑම්’ (Instagram) හි පළවූ වීඩියෝ පටවල තිර මුද්‍රණයක් ගත් කෙනෙක් එය ‘ටික්ටොක්’හි පළ කිරීමෙන් පසුව එම වීඩියෝව වේගයෙන් ප්‍රසිද්ධ වුනා.

“සමලිංගිකයෙකු ලෙස ඉදිරියට එන්න මට ඕන වුනේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය මාව එළියට ඇදලා ගත්තා” යැයි ආනොල්ඩ් පැවසුවා. ඔහුගේ ඇත්ත නම මෙසේ වෙනස් කර තිබෙන්නේ ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට.

2f7d23d0 92aa 11ee a60b 2137a6ce1b4a

“දැන් මම කවුද කියලත්, ලිංගිකව මම කවරෙක්ද කියලත් ඔක්කොමලා දන්නවා” යනුවෙන් 20 හැවිරිදි මේ ඉතියෝපියානු ශිෂ්‍යයා කියනවා.


සමලිංගිකත්වය ඉතියෝපියාවේ තහනම්. ඊට දඬුවම දින දහයේ සිට අවුරුදු තුනක සිරදඬුවමක් දක්වා වන පරාසයක පවතිනවා.

අසල්වැසියන් නීතිය ඔවුන්ගේ අතට ගන්නා සංස්කෘතියක, කෙනෙකුගේ අනන්‍යතාව හෝ ලිංගිකව කවරෙක්ද යන වග හෙළි කිරීම අනතුරුදායක බව ආනොල්ඩ් සඳහන් කරනවා.

ඔහුගේ ජීවිතය වෙනස් කළ මේ නැටුම සිදුවුනේ ඈඩිස් අබබා අගනුවර මැයි මාසයේ පැවති සමාජ සාදයක. මිනිසුන්ට ප්‍රීති වීම සඳහා අත්කම් ශිල්පය, කවිය හා සංගීතය එහි තිබුනා.

“අපි හිටියේ කමින් බොමින් ප්‍රීති වෙමින්. අපි අපි ම විදියට ඔහේ විනෝද වෙමින් සිටියා” ආනොල්ඩ් පවසනවා.

7d292c50 92aa 11ee a60b 2137a6ce1b4a
ඒ සන්ධ්‍යාවේ වීඩියෝව තමන්ගේ කැමැත්තක් නැතිව සමාජ මාධ්‍යගත කර තිබෙන බව ඔහුට වැටහුනේ දින දෙකකට පසුව. මුලින් ම එය පළ කළ තැනැත්තා මෙහි භයානක ප්‍රතිඵල නොදැන එය කරන්නට ඇති බවයි ඔහු සිතන්නේ. 

“ගොඩක් අය ‘ටික්ටොක්’ එකෙන් ඒක දැක්කා.”

“මම ගොඩක් බය වුනා. මගේ ජීවිතයට තර්ජනයක් ඒවි කියා මට දැනුණා.”

සැබවින්ම, දින කිහිපයකට පසුව, දහවල් ආහාර විවේකයේදී ආනොල්ඩ් පහර දීමකට ලක්වුනා. “මම බොජුන් හලෙන් පිටවන විට මිනිස්සු කට්ටියක් මගෙ ළඟට ඇවිත් කිවුවා මාව ඒ වීඩියෝවෙන් දැක්කා කියලා. මම සමලිංගිකයෙක් නෙවෙයි කියා කියන එක බොරුවක් බවට පිළිගන්න කියලා ඔවුන් මට කීවා.”

“දොළොස් දෙනෙක් මාව වටකර ගෙන හිටියා. දෙන්නෙක් මට ගහන්න පටන් ගත්තා. මම එතනින් දුවලා ගියත් ඔවුන් ආයෙත් මාව අල්ලා ගෙන මගෙ මූණ පාගමින් මගෙ කම්මුල් ඇටය කැඩුවා.”

කාලයාගේ ඇවෑමෙන් තත්ත්වය සන්සුන් වේවි කියා ආනොල්ඩ් ප්‍රාර්ථනා කළා. නමුත් ජූලි මාසයේදී තවත් ‘ටික්ටොක්’ වීඩියෝවක් ප්‍රදර්ශනය වුනේ සිය දහස් ගණනින් එය නරඹමින්.

lg 76
ආනොල්ඩ් ද ඇතුළුව ඒ සාදයේ සිටි මිනිසුන් එම වීඩියෝවෙන් දිස්වුනේ මේ කැප්ෂනය ද සමගින්: “මේ ඉන්නේ ඉතියෝපියාවේ නිදහසේ ජීවත් වන සමලිංගික පුද්ගලයන්.”

එය නැවැත්විය නොහැකි ගිනිජාලාවක ආරම්භයක් වුනා. “එයින් ලොකු කැළඹීමක් හටගත්තා. ඔවුන් විශේෂයෙන් මගේ නමත් ලිපිනයත් හොයා ගන්න උත්සාහ කළා.”

“මාව සමාජ මාධ්‍ය පුරා පැතිරුනා. මම ගෙදරින් පැනලා ගියා. ඒවා මගේ ජීවිතයේ වඩාත්ම බියකරු දවස්. මාව අහුවුනොත් ඔවුන් මාව මරණ එක සියයට 100ක් සහතිකයි.”

මාසයකට පසුව ඈඩිස් අබබා සාමය හා ආරක්ෂක කාර්යාලය නිවේදනයක් මගින් කියා සිටියේ හෝටල සහ අවන්හල්වල කෙරෙන සමලිංගික ක්‍රියාකාරකම් මර්දනයට දරුණු පියවර ගන්නා බව. ‘අශික්ෂිත ක්‍රියාවන්’ ලෙසින් කාර්යාලය විසින් හඳුන්වනු ලැබූ ඒ ක්‍රියාවන් වහාම දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් සෘජු දුරකථන මාර්ගයක් ද විවෘත කෙරුණා.

මිතුරෙකුගේ නිවෙසක දින පහක් සැඟවී සිටීමෙන් පසුව ආනොල්ඩ්ව යුරෝපය මූලාස්ථානය කර ගත් ඉතියෝපියානු LGBTQ+ ස්වේච්ඡා සේවකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග සම්බන්ධ කළා.

lS6Psw39 400x400
House of Guramayle – ‘ගුරමේල් නිවස’ - ලෙසින් හැඳින්වෙන මොවුන් LGBTQ+ පුද්ගලයින් ඉතියෝපියාවෙන් පිටමං කිරීම පිණිස අරමුදල් රැස්කිරීම හා සුරක්ෂිත ගමන් මාර්ගයක් සැකසීම වෙනුවෙන් කටයුතු කරන අතර ආනොල්ඩ් ට රටින් පළා යාමට ඔවුන් උපකාර කළා.

මිනිසුන්ට කරදර හිරිහැර කරමින් පෞද්ගලික තොරතුරු රහසේ නිකුත් කිරීමේ ‘ටික්ටොක්’ වීඩියෝ ප්‍රවණතාව මුලින් ම හඳුනා ගත් අය අතර මේ ස්වේච්ඡා සේවකයින්ද සිටිනවා.

සමාජ මාධ්‍ය තුළ අවධානයට ගෙන ඒමේ ආනොල්ඩ්ගේ අත්දැකීම බොහෝ සමලිංගික අප්‍රිකානුවන්ට සුපුරුදු සිදුවීමක් බව ‘ගුරමේල් නිවසේ’ සම-නිර්මාතෘ ෆාරිස් කුචි ග්සේන් (Faris Cuchi Gezahegn) ප්‍රකාශ කරනවා. 

“අපව සොයා ගෙන එන එක බොහෝ වෙලාවට කැමැත්තෙන් සිදුවන්නක් නෙවෙයි” යනුවෙන් ග්සේන් පවසන්නේ වියනා හි ඔවුන් නැවතී සිටින මහල් නිවාසයේ සිට. ඔවුන් ඔස්ට්‍රියාව ට පළා ඇවිත් සිටින්නේ ඔවුන්ගේ LGBTQ+ හිතවාදී ක්‍රියාවන් නිසා ජීවිත අනතුරට ලක්වීමෙන් පසුව.

CLUBS & DRUGS.A DANCE FLOOR SCENE IN A CLUB.15.12.04.PIC GARY VAN WYK/STORY ASHLEY.
ආනොල්ඩ් අවධානයට ලක් කරවූ වීඩියෝව ඇතුළුව දැන් ඉවත් කර ඇති ‘ටික්ටොක්’ වීඩියෝ 110ක් මේ ක්‍රියාකාරීන් විසින් සකස් කර තිබුනා.

මිනිසුන්ට ප්‍රසිද්ධියේ පහර දෙන, පයින් ගසන හෝ අත්වලින් පහර දෙන දර්ශන මේ සමහර වීඩියෝවලින් පෙන්නුම් කෙරුනු අතර අනෙක් ඒවායේ අඩංගු වී තිබුනේ නම් සහ ලිපිනයන් සපයන ලෙසට ඉල්ලමින් පළ කර තිබූ පුද්ගලයන්ගේ ඡායාරූප.

ක්‍රිස්තු ධර්ම පතුරුවන ජනප්‍රිය ක්‍රිස්තියානි පාදිලි උන්නාන්සේ කෙනෙක් LGBTQ+ පුද්ගලයින් ප්‍රසිද්ධියේ නිරුවත් කර කසපහර දෙන ලෙසට ඉල්ලා සිටින වීඩියෝවක් ද මේ අතර තිබුනා.

මේ වීඩියෝ ඉවත් කිරීමට පෙර සති ගණනාවක් ‘ටික්ටොක්’හි ප්‍රදර්ශනය වුනේ ඒ කාලය තුළ සිය දහස් ගණනක් ඒවා බලමින් සිටියදී. 

මේ වීඩියෝවල අන්තර්ගතය හඳුනා ගෙන ඒවා ඉවත් කිරීමට මෙතරම් කල් ගතවුනේ ඇයි?

“එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ මේ අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ලියා තිබෙන්නේ අපේ ප්‍රාදේශික භාෂාවන් වන Amharic හා සමහර අවස්ථාවල Afaan Oromoo සහ Tigrinyaවලින් ද නිසා” යනුවෙන් ග්සේන් පහදා දෙනවා.

gueran

LGBTQ+ පුද්ගලයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදෙන ලෙසට ඉල්ලා මේ භාෂාවලින් නිකුත් කෙරෙන වීඩියෝ පිළිබඳව සංඥා නිකුත් කිරීම පිණිස ‘ගුරමේල් නිවස’ දැන් සමාජ මාධ්‍ය ආයතනය සමග කටයුතු කරමින් සිටිනවා.

නමුත් වීඩියෝවල අන්තර්ගත දේ අධීක්ෂණය කරන ක්‍රමයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් නැති තාක් කල්, තවත් මෙවැනි වීඩියෝ මේ ආරක්ෂක දැලෙන් රිංගා ඒමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්