ඉන්දියාවේ පැවැත්වෙන තාගෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ  (TIFF) ප්‍රමුඛතම සම්මානය වන SUN OF THE EAST AWARDS 2021 උදෙසා මෙරට සිනමාපට පහක් සුදුසුකම් ලබා තිබෙනවා.
 
ඒ අනුව, ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන "විෂම භාග", ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් වන "යාත්‍රා" සහ කෙටි චිත්‍රපට අංශයෙන් නාමිනි පන්චලා සහ අජිත් කුමාරසිරිගේ අධ්‍යක්ෂණයක් වන "They Came. I Saw. Who Conquered?", ධනුෂ්ක තරංග විජේසූරියගේ අධ්‍යක්ෂණයක් වන "Prisoners", එස්.විමල්රාජ්ගේ අධ්‍යක්ෂණයක් වන "Ezhil" තේරී පත්වී ඇත. 
 
2019-21 කාලය අතරතුර දී මෙම උළෙලට ලොව පුරා රටවල් 140කට වැඩි ගණනකින් සිනමාපට 3000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. 
 
වසර පුරා දිවෙන උළෙලේ දී සෑම මසකම ජයග්‍රාහී සිනමාපටයක් තෝරාගන්නා අතර එම සිනමාපට වසරේ එක් වරක් පමණක් පිරිනැමෙන SUN OF THE EAST AWARDS සඳහා සුදුසුකම් ලබයි. එලෙස, සෑම මසකම නිල වශයෙන් තෝරාගනු ලබන චිත්‍රපටවලට  සහතිකපත් ඇතුළු කුසලාන හිමිවේ.  
 
SUN OF THE EAST සම්මානයෙන් පිදුම් ලබන සිනමාපට බටහිර බෙංගාලයේ බෝල්පුර් හි සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට දී තිරගත කිරීමට නියමිත ය. 
 
(අවාරා)

1500 450 Strip 1024x307

 
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්