නිදහස්, සුරක්ෂිත ජාතියක් ලෙස ජිවත් වීමේ අයිතිය අපිට වගේම අපේ අසල්වාසීන්ට ද තිබිය යුතුයි - ගාල් ගඩොට්
  
ඊශ්‍රායලයේ සහ ගාසා තිරයේ යුද ගැටුම් උත්සන්න වීම ගැන පළ කළ ට්විටර් පණිවිඩයක් මුල් කරගනිමින්, වොන්ඩර් වුමන් රංගන ශිල්පිනි ගාල් ගඩොට් හට සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් එල්ල වී තිබෙනවා. 
 
2004 වසරේ මිස් ඊශ්‍රායල් ලෙස කිරුළු පැළඳි මේ ඊශ්‍රායල් ජාතික රංගන ශිල්පිනිය ට්විටර් සමාජ මාධ්‍ය අවකාශයේ මෙසේ ලියා තිබුණි.
 
"නිදහස් සහ සුරක්ෂිත ජාතියක් ලෙස ජිවත් වීමේ අයිතිය ඊශ්‍රායලයට හිමියි," ඇය ඊට මෙසේ ද එක්කර තිබුණි: "අපේ අසල්වාසීන්ට ද ඒ අයිතියම තිබිය යුතුයි."   
 
"මගේ හිත කැඩෙනවා," 36 හැවිරිදි ඇය කියන්නී ය.
 
"මගේ රට යුද්ධෙක ඉන්නේ. මගේ පවුල, යාළුවො ගැන මම දුක් වෙනවා. මගේ ජනතාව ගැන මම දුක් වෙනවා. ඕනෑවටත් වඩා වැඩි කාලයක් ඇදෙමින් තියෙන දුෂ්ට චක්‍රයක් මේක."
 
"වින්දිතයන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය වෙනුවෙන් මම යදිනවා. සිතා ගත නොහැකි මේ හතුරුකම කෙළවරක් වෙන්න කියලා මම යදිනවා. අපිට සමාදානෙන් ජිවත් වීමට හැකිවෙන විසඳුම අපේ නායකයින්ට හමුවේවා යි මම යදිනවා. හොඳ කාලයක් වෙනුවෙන් මම යදිනවා."
 
ඇගේ මේ ප්‍රකාශය පැසසුමට මෙන්ම දෝෂාරෝපණයට ද හේතු වී ඇති බවත් සමහරකු ඊට ඉතා කෝපාන්විත ප්‍රතිචාර දක්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
 
(අවාරා)

Gal Gador.tw

 


 

 THE LEADER TV 

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්