ගෝඨා ගෝ ගම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන්

පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලිපියක් යවමින් සඳහන් කරයි.

'ගෝඨා ගෝ ගම' අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් විසඳුමක් සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමාට පුළුල් වගකීමක් පවරා ඇති අතර ගෝඨා ගෝ ගමට පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස රුවන් විජයවර්ධන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

අරගලකරුවන්ට පහරදීමට පැමිණි හෝ පහර දුන් ප්‍රධාන පුද්ගලයන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් එදින ඇති වූ ප්‍රචණ්ඩත්වයට වගකිවයුතු සැකකරුවන් ගණනාවක් නම් කරමින් කොටුව අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ද ගොනු කර තිබෙන බවත් රුවන් විජයවර්ධන සඳහන් කරයි.

 

නිරායුධ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ද පසුගිය දිනෙක ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රසිද්ධ කාරණයක් බවත් එම සිද්ධියට  සම්බන්ධ ප්‍රහාරකයන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට පත්වූ අතර එම මෙහෙයුම සම්බන්ධයෙන් පොලීසියේ කාර්යක්ෂම සේවය අගය කරන බව කියන රුවන් විජයවර්ධන, නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද සඳහන් කරයි.

'ගෝඨා ගෝ ගම' ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන්
විජයවර්ධන පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පෙරේදා (15) පැවසීය.




''රනිල් ට අගමැතිකමක් ලැබෙන්නේ ආදරයේ අරගලය නිසා, ඒක රකින එක ඔහුගේ වගකීමක්.''


මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියකු වන රවී කුමුදේශ් පවසන්නේ, රනිල් වික්‍රමසිංහට අගමැතිකමක් ලැබෙන්නේ ආදරයේ අරගලය නිසා බවයි. එහෙයින් ඒක රකින එක ඔහුගේ වගකීමක්  බවද ඔහු කියා සිටියි.

රවී කුමුදේශ් මෙසේද පවසයි.

''මැරයන්ට ඇමතිකම් දෙන ගමන් ගුටි කෑව තරුණයින් හිරේ යවන ආණ්ඩුවක් දැං තියෙන්නේ, රනිල් වික්‍රමසිංහට අගමැතිකමක් ලැබෙන්නේ ආදරයේ අරගලය නිසා, ඒක රකින එක ඔහුගේ වගකීමක්.''

"මැරයෝ ආරක්ෂා කරන ගමන්, ජන අරගලය කල දරුවන් අත් අඩංගුවට ගැනීම වර්ථමාණ ඇගමැති වරයාගේ ප්‍රතිපත්‍තිය වෙලා"


මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ නිල නිවස හා වත්මන් අගමැතිවරයාගේද නිල නිවසේ සිට ඉතා ම්ලේච්ච ලෙස සැලසුම් කරමින්, ගෝල් ෆේස් ජන අරගලයට මැර ප්‍රහාර එල්ල කල, ඒවා සැලසුම් කල කිසිවෙකු හෝ අත් අඩංගුවට නොගන්නා ප්‍රතිපත්තියක රැදී සිටින අතර වාරයේදී, ගෝල් ෆේස් ජන අරගලයේ ප්‍රහාරයට ලක්වූ තරුණ අරගලකරුවන් ප්‍රශ්ණ කිරීමටත්, බිය වැද්දීමටත්, හෙලිදරව් කරමින් මැර ප්‍රහාර සදහා නිරාවරණය කිරීමත් සැලසුම් සහගතව සිදු වෙමින් පවතින බව රවී කුමුදේශ් පවසයි.

ජන සම්මුතිය තුලින් අගමැති තනතුරේ වගකීම් භාරගත හැකිව තිබියදී, ඒ පිළිබදව වැඩි විශ්වාසයක් හෝ උණන්දුවක් නොදක්වා, රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය යටතේ බලයට පත්වූ වත්මන් අග්‍රාමාත්‍යවරයා, රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ එකගතාවයක කටයුතු කරන්නේද යන්න පිළිබදව බරපතල සැකයක් මතුවන අතර, මෙම ප්‍රශ්ණ කිරීම් හා අත් අඩංගුවට ගැනීම හරහා ඔවුන් තව දුරටත් මැර ප්‍රහාර සදහා නිරාවරණය වීමෙන් කිසියම් අනතුරක් හෝ ජීවිත හානියක් සිදු වුවහොත් ඊට වත්මන් අගමැතිවරයා ඇතුළු පාලකයින් වගකිව යුතු බවද ඔහු කියා සිටියි.

 

එසේම වත්මන් අගමැතිවරයාට, රාජපක්ෂ වරුන් සමග කිනම් රහසිගත එකගතාවයක් තිබුණද, රටේ ජන අරගලයක් නොවන්නට, ඔහු කිසිසේත්ම නැවත අගමැතිවරයෙකු නොවන බව සිහිතබා ගැනිමින්, ජන අරගලය රක ගැනීම සහ එහි අපේක්ෂාවන් යථාර්තයක් බවට පත් කිරීමේ අනිවාර්‍ය වගකීමක් පවතින බවද රවී කුමුදේශ් අවධාරණය කරයි.

 

පවතින තත්වය යටතේ මැරයන් අරක්ෂා කරමින්, මැරයන් විසින් ඇතිකල මැර ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වූ මහ ජනතාව අත් අඩංගුවට ගැනීම, ප්‍රශ්ණ කිරීම වහා නවතන ලෙසත්, මැරයන් වහා අත් අඩංගුවට ගන්නා ලෙසත් බල කරමින් 18, 19, 20 තෙදින තුල රට පුරා විරෝධතා සිදු කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාරය තීරණය කර ඇත.

එසේම මේ තත්වය පිළිබදව අගමැතිවරයාගෙන් ප්‍රතිචාර නොලැබෙන්නේනම් පා ගමනකින් පැමිණ අගමැතිවරයාට මේ පිලිබදව බල කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.





සබැඳි පුවත් :


'ගෝඨා ගෝ ගම' රකින වගකීම රුවන්ට පවරයි

මැති ඇමති දේපළ හානි ලැයිස්තුව එලියට ! - 230 ක් අත්අඩංගුවට

 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්