ශ්‍රී ලංකන් ගුවන් සේවය රටට බරක්වී ඇති බැවින් ඒ පිළිබද පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතු බව

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පවසයි.

මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි අද (10) එවැනි ප්‍රකාශයක් කළේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටේ රාජ්‍ය යාන්ත්‍රණයට මූල්‍යමය වශයෙන් බරපතල බරක් හෙයින් එම ආයතනය රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස රටේ ජාතික ආර්ථිකයට සිදුකරන අහිතකර බලපෑම සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුකමිටු තුනක් පත්කළ බවත් එම කමිටුවල වාර්තාද කෝප් වාර්තාවට ඇතුළත් කළ බවත් හෙතෙම සඳහන් කළේය.

එම කමිටු නිර්දේශ කර ඇත්තේද මෙම රාජ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතු බවයි.


''රාජ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතළ ලෙස කල්පනා කළ යුතුයි..''

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, රක්ෂණ සංස්ථාව, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික චිත්‍රපට සංස්ථාව, මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල මඟින් ආයෝජනය කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ගමනා ගමණ මණ්ඩලය යන ආයතන වල කටයුතු පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවද ඔහු පැවසුවේය.

චරිත හේරත් තවදුරටත් මෙසේද පැවසීය

''ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන තත්ත්වය සහ පසුගිය ක්‍රියාකාරීත්වය ගැන විමර්ශනය කරන්න අනුකමිටු තුනක් පත්කළා.  විශේඥ කමිටුවත් ඒ වගේම අමාත්‍යාංශය මුල්කරගත්ත රාජ්‍ය පැත්තෙන් මෙහි අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකුත් ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනාගත මූල්‍ය අරමුණු, අනාගත ව්‍යාපාරික සැළැස්ම පිළිබඳව කරන ලද සාකච්ඡා තුනක් අපි මේකට ඇතුළත් කළා.

 සාකච්ඡා තුනේදි  අපේ කමිටුවේ නිර්දේශය වුණේ  මේ ගරු සභාව මේ රාජ්‍ය ව්‍යාපාරය පිළිබඳව බරපතල ආකාරයෙන් කල්පනා කළ යුතු බවයි. ‍කෝප් කමිටුවේ මෙවර වාර්තාව හා සම්බන්ධ ශ්‍රි ලංකන් ගුවන් සමාගම රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට අප රටේ ජාතික ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ සභාවට වාර්තාව පිළිගන්වනවා.''

 

 

 

{gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්