ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට

සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරට සංචාරයක නිරතවන අමෙරිකානු නියෝජිත පිරිස පවසති.

ඔවුන් එම පොරොන්දුව ලබාදී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදීය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපති අතර හමුව අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණ.

දූත පිරිස මෙරට සිදු කරන සංචාරය පිළිබඳ පැසසුමට ලක් කළ ජනාධිපතිවරයා, මේ වන විට රටේ පවතින ආර්ථික අසීරුතාව, සමාජයීය අපහසුතාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කළේය.

"ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවේ. මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් අමෙරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා," යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා  නියෝජ්‍ය රාජ්‍යසහකාර ලේකම්කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කළහ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග අවදානමට ලක්ව සිටින පවුල් වෙත සහන ලැබෙන අතර ඉදිරි කටයුතු සඳහා ද එය ධනාත්මකව බල පැවැත්වෙනු ඇති බව දූත පිරිස විශ්වාසය පළ කළහ.


ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරනයට ඇමරිකානු සහය

XDGERT5

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට ද ඇමරිකාව එක්සත් ජනපදය එකඟ වි ඇත.

 මෙරටට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග් (kelly keiderling) හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (27) පැවැති සාකච්ඡාවක දි එම එකඟත්වය ප්‍රකාශවී තිබේ.

ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සදහා ද සිය සහායෝගය ලබා දෙන බව ඇමෙරිකානු රාජතාන්ත්‍රික කාණ්ඩයම ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවති මෙම සාකච්ඡාව සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නි⁣යෝජ්‍ය සහාකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) සහ මෙරටට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන්ංග්( julie chung ) සහාභගි විය.

මිට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක සහ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය ආර්.එච්. එස් සමරතුංග  ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

XFHGDTXGHDTY

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්