වර්තමාන ලෝකය තුළ සාකච්ඡාවට ලක් වන ශ්‍රී ලංකාව තුළ අඩුවෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි විශේෂ අධ්‍යාපනය.


විශේෂ අධ්‍යාපනය යනු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුගේ ඉගෙනීම් හැකියාවන් සහ ඉගෙනීම් නොවන හැකියාවන් සාමාන්‍ය ජිවීතයට එක් කිරීම සදහා නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමයකි.ඉන් අදහස් වන්නේ පුද්ගලයාගේ ඌනතාවය,දුබලතාවය හෝ බාධිත බව සැලකිල්ලට ගෙන පාසල සහ සමාජය තුළ ඉහළ මට්ටමේ හැකියා වර්ධනයක් සහ සාර්ථකභාවයක් ළගා කර ගැනීම සදහාත් සංවර්ධනය සදහාත් මග පෙන්වන අධ්‍යාපනයයි.

විශේෂ අධ්‍යාපනයේ දී මිනිසෙකුගේ කායික පද්ධතිය හෝ පද්ධති කිහිපයක හෝ ඉන් කොටසක පවතින අඩුව,වෙනස,හිගය හෝ විකෘතිය ඌනතාවය ලෙස සැලකේ.ඌනතාවයට නිදසුනක් ලෙස ශ්‍රවණ ඌනතාවය සැලකිය හැකිය.ඌනතාවයේ ප්‍රතිඑලය දුබලතාවයයි.දුබලතාවය යනු යම් අයෙකුගේ ඌනතාවයක් නිසා සිය ශාරීරික,බුද්ධිමය සහ සංවේදී ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයේ ඇතිවන අපහසුතාවයකි.දෘෂ්‍ය ඌනතාවයේ ප්‍රතිඵලය පෙනීමේ දුබලතාව ලෙස සදහන් කළ හැකිය.


දුබලතාවයක් වූ පමණින්ම අසරණයකු නොවේ.ශරීරයේ යම් කොටසක දුබල වූ පමණින්ම අසරණ නොවන අතර පූර්ණකාලීනව තම දිවි පැවැත්ම තහවුරු කිරීම සඳහා අන් අයගේ උපකාර ලබා ගැනීමට සිදුවන තත්ත්වය  බාධිත බව හදුන්වා දිය හැකිය.එහිදී ශ්‍රවණ දුබලතාවය නිසා පුද්ගලයෙකුට තම බාහිර කටයුතු කිරීමේදී අවශ්‍ය උපකරණ,පුහුණුව ලබා දීමෙන් සිදුවන අහිතකර බලපෑම් පාලනය කිරීම බාධිත බවට නිදසුනකි.


විශේෂ අධ්‍යාපනය සපුරාලීම සඳහා ඌනතා සහිත පුද්ගලයන්,සුවිශේෂී ඉගෙනුම් ක්‍රම හෝ ඉගෙනුම ආධාරක,සුවිශේෂී වූ නවීන සහ විද්‍යාත්මක උපකරණ භාවිතය සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට විශේෂ පුහුණුව ලත් වෘත්තිකයින් අවශ්‍ය වේ.



"විශේෂ අධ්‍යාපනය යනු ආබාධ සහිත පුද්ගලයන්ගේ මෙම ආබාධ තත්ත්වයන් මග හැරිය හැකි පරිදි තාක්ෂණික උපකරණ භාවිතයෙන් සහ දියුණු අධ්‍යාපන ක්‍රම භාවිතයෙන් පූර්ව අධ්‍යාපන වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වඩාත් පෝෂිත වූ අධ්‍යාපන ක්‍රමයකි"



1966 යුනෙස්කෝ වාර්තාව

අධ්‍යාපන මූලධර්ම සහ මනෝ විද්‍යා මූලධර්ම අනුව සෑම පුද්ගලයකුටම අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව  පිළිගෙන ඇත. ඒ අනුව ඉතා උග්‍ර විශේෂ අවශ්‍යතා සහිත අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පවා ඉගැන්විය යුතු බව පිළිගෙන තිබේ. විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුව සමඟ පුද්ගල සංවර්ධනයට ද ආර්ථික සමාජයීය,චිත්තවේගීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි විශේෂ අධ්‍යාපනය කලින් කලට වෙනස්විය යුතුය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ඉගැන්වීම යනු පුළුල් සංකල්ප යටතේ සැමට අධ්‍යාපනය ලබාදීම යන මූලධර්මය වර්තමානය තුළ ජාත්‍යන්තරව පිළිගෙන ඇත. විශේෂ අවශ්‍යතා සහිත අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අධ්‍යාපනය ලබා දීමේදී පුද්ගලයාගේ කායික,මානසික සහ චිත්තවේගය ස්වභාවයන්ට ගැලපෙන පරිදි පියවරෙන් පියවර ඉගැන්විය යුතුය. එහිදී විශේෂ අවශ්‍යතා අනුව අදාල ආවේණික ක්‍රම සපයා ගනිමින් ඉගැන්වීම සිදු කිරීම සංවර්ධනය වන බව වර්තමානය තුළ පිළිගෙන ඇත.එමගින් විශේෂ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා දායක වී තිබේ.


geeth vidura(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය මිරීගම

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image