2022 මාර්තු 31 සිට රට තුළ වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ
සභා ගත කරන ලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත.
115 දෙනෙකු ගේ අත්සනින් යුතු එම ඉල්ලීම ඇතුලත් ලිපිය පෙරේදා (21) දිනයේ ජනාධිපතිවරයා වෙත බාර දී ඇත්තේ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසිනි.
පසුගිය මාර්තු 31 වන දා සිට රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලදී.
ඒ සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුතුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු යුද හමුදාපති දයා රත්නායක ගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා බාරදී තිබිණ.
එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් යුද සහ පොලිස් හමුදා යම් වැරදි කර ඇත්දැයි සෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ සභාපතිත්වයෙන් යුත් හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ‘විමර්ශන මණ්ඩලයක්’ පත් කරන ලදී. එම පරීක්ෂණ වාර්තාව දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබේ.
එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරම නොබලා රටේ නීති අනුව දඬුවම් දෙන මෙන් ඉල්ලා සිටිමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේ ද සඳහන් වේ.
''මාර්තු 31 වන දා සිට සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු ඝාතනය කරන ලද අතර, මන්ත්‍රීවරුන්ගේ නිවාස හා දේපල විශාල ප්‍රමාණයක් ගිනි තබන ලදී. එසේම හිටපු ජනාධිපතිගේ නිවාසය ආසන්නයේ රාජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් ගිනිබත් කරන ලද අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, වත්මන් ජනාධිපතිගේ පෞද්ගලික නිවාස ඇතුළුව ස්ථාන රැසකට අලාභහානි කරන ලදී. එසේම ඒ අවස්ථා සියල්ල පාලනය කිරීමට එවකට පොලිසිය හා හමුදා අංශ අසමත් වූ අතර බොහෝ අවස්ථාවල හමුදා ප්‍රධානීන් හා පොලිස් ප්‍රධානීන් පහල නිලධාරීන්ට එම ප්‍රචණ්ඩ ක්‍රියා වලක්වන උපදෙස් ලබා නොදී තත්ත්වය පාලනය නොකර තම වගකීම චේතනාන්විතව පැහැර හැර ඇති බවට සාක්ෂි බොහොමයක් ඇත.
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය නායකත්වය ලබාදෙමින් රූපවාහිනී සංස්ථාව හා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට උත්සාහයක යෙදුන ආකාරය මාධ්‍ය මගින් මුළු රටේම ජනතාව දකින ලදී.
රූපවාහිනී සංස්ථාව හා පාර්ලිමේන්තුව අත්පත්කරගෙන රාජ්‍යය පෙරළීමේ කුමන්ත්‍රණයක් සිදු වූ බව මේ වන විට මුළු රටේම ජනතාව අවබෝධ කරගෙන ඇති අතර මේ සඳහා කරන්නාගොඩ කමිටුව ලබාදුන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසත් ඊට සම්බන්ධ සියලු දෙනාටම තරාතිරම නොබලා රටේ නීති අනුව දඬුවම් දෙන මෙන් ඉල්ලා සිටිමි.''
මෙම ලිපියට ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව මේවනවිට ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ කණ්ඩායම් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් රැසක් ද අත්සන් කර තිබීම විශේෂ කාරණයකි. ඒ අනුව, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ජයරත්න හේරත්, වසන්තයාපා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද අත්සන් කර තිබේ.
සබැඳි පුවත් :
'රණ විරුවන්ට' එරෙහිව රාජපක්ෂවරු අධිකරණයට ! - (සුනන්ද දේශප්‍රිය)
මැයි 09 : ප්‍රචණ්ඩ ක්‍රියා කමිටු වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට !
බුද්ධි තොරතුරු තිබියදීත් මන්ත්‍රී නිවාස 74කට ගිනිතියන්න ඉඩදීලා !- විමර්ශන කමිටු වාර්තාව කියයි
ශවේන්ද්‍ර පසුපස හඹායාමේ මෙහෙයුමක් !
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න