මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ නිසා එම කොමිසම නඩු මඟයට යායුතු බවත්,

මහජන උපයෝගිතා කොමිසම නොසළකා හැරීම නීතියට පයින් ගැසීමක් බවත්, ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසීය.  

විදුලි බිල සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් තිබෙන නිසා එම ක්‍රියාවලිය කළ යුත්තේ නීතියට අනුව බව කී චරිත හේරත්, දැරිය නොහැකි විදුලි බිලක් මේ වන විටත් පැවතීම හරහා පුද්ගලීකරණයට සූදානම් වන බව ද සඳහන් කළේය.

විදුලි බිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනවට ලබන සතියේ අනුමැතිය දීමට සූදානම් වන බවට තොරතුරු ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව කරුණාකර අධ්‍යනය කරන ලෙස ඇමතිවරුන්ට යෝජනා කරන බවත් මාහාචාර්යවරයා කීය.

ඔහු එම කාරණා සඳහන් කළේ, නිදහස ජනතා සභාවේ කොළඹ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

'' ඡන්දය තිබ්බොත් කැරැල්ලක් එනවා කියලා තිබුනා. මේක ජනාධිපතිතුමා හරි කවුරු හරි කියලා තියෙන්නේ. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. කැරලි එන්නේ මේ  වගේ තීන්දුවක් ගත්තොත්. එනිසා මෙහෙම වැරදි තීන්දු ගන්න එපා කියලා මම ඉල්ලනවා.  ඡන්දෙ තිබ්බොත් කැරලි එනවා කියලා හිතනවා නම් ජනාධිපතිතුමාට එක වැරදීමක්"  යයි ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසිය.





මහාචාර්ය චරිත හේරත් එසේ මහජන උපයෝගිතා කොමිසමට සහතික දෙද්දී 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසන්නේ මෙවැනි අදහසක්.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්