පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගසට්ටුව නිකුත් කළද මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.



මැතිවරණය පැවැත්විය යුතු බවට කොමිසමේ කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ, නීතිපතිගේ නිසි අනුමැතියකින් තොරව කටයුතු නොකළ යුතුබවයි. මුදල් අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක මැතිවරණය නොපවැත්විය යුතු ඔවුන්ගේ ස්ථාවරය වී ඇත.

 

මෙම තත්වය තුළ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර බරපතල අභ්‍යන්තර බෙදීමක් සිදුව ඇතැයි ඉහත ආරන්චිමාර්ග තවදුරටත් පවසයි. මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව ද ඔවුන්ගේ අදහස වී ඇතැයි පැවසේ.

 

මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස වී ඇත.

මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට එකඟතාවයක් පලනොකරන මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පෙන්වා දෙන්නේ, රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවයි.

එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී තිබේ.

 

නාමයෝජනා කැදවීමේ ගැසට් නිවේදනය ඊයේ (03) පළ කරන බවට මුලින් ප්‍රචාරය වූ අතර දැන් එය අද (04) නිකුත් කරනු ලැබීය. නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය පළ කලත් කොමිසමේ ඇතැම් සාමාජිකයින් ඊට අදාල ලිපිවලට අත්සන් කර නොමැති බවද මැතිවරණ කාර්යාල ආරංචිමාර්ග පවසයි. පවතින අභ්‍යන්තර බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි සැක මතුව ඇත.

 

බරපතල ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කිසිඳු ලෙසකින් එකඟවිය නොහැකිබව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත්තේ රජයේ මැදිහත්වීම මත බවට විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරයි.


සබැඳි පුවත් :
පුංචි ඡන්දය කල් දමන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image