ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීමට අවස්ථාව සුප්‍රීම් TV නාලිකාව විසින් නොමිලේ විකාශය කිරීමට

සියලු කටයුතු සූදානම් කර තිබියදී එය අවහිර කර තරගාවලිය මුදල් ගෙවා විකාශය කිරීමට ඩයලොග් සහ PEO TV යන ආයතන ගත් උත්සාහය සමාජ මාධ්‍ය විරෝධය හමුවේ හකුලාගෙන ඇත.


ඒ අනුව ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය නොමිලේ විකාශය කිරීමට ඊයේ (05) ඩයලොග් ආයතනය ක්‍රියාකර තිබුණි.  කෙසේ වුවත් PEO TV ආයතනය ඊයේ දිනයේද එම පහසුකම ලබාදී නොතිබිණ.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ අදාළ තරගාවලිය දඩමීමා කරගෙන ඩයලොග් සහ ටෙලිකොම්  PEO TV සමාගම් සිය "සැටලයිට් TV " ග්‍රාහකයන් සූරාගෙන කෑමේ නින්දිත උත්සාහයක් මේ ආකාරයට ව්‍යර්තව ගොස් ඇති බවය.

වාර්තා වන ආකාරයට සමස්ථ ලෝකයේම විශේෂයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයක් ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය කෙරෙහි යොමුව ඇති බව නොරහසකි.



සුප්‍රීම් TV නාලිකාව මෙම තරගාවලියේ චන්ද්‍රිකා විකාශන අයිතිය (satalight right) ලබාගෙන තිබු අතර එම නාලිකාව පූර්ව ප්‍රචාරක කටයුතු ද සිදුකළේ මෙම අත්දැකීම සිය ප්‍රේක්ෂක ජනතාවට නොමිලේ ලබාදෙන බව පවසමින්ය. නමුත් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණු දිනයේ සුප්‍රීම් TV නාලිකාව අවහිර කිරීමට  ඩයලොග් ( සුප්‍රීම් TV චැනලය 20 ), PEO TV  (සුප්‍රීම් TV  චැනලය 140 ) යන ආයතන කටයුතු කර තිබිණ. ඒ සමඟ අදාළ තරගාවලිය නැරඹීමට නම් ඒ සඳහා වෙනම මුදල් ගෙවා චැනලයක් සක්‍රීය කර ගන්නා ලෙසද නිවේදනය කෙරින.



ඒ අනුව ඩයලොග් ආයතනය සිය සැටලයිට් TV ග්‍රාහකයන් වෙත දැනුම්දී තිබුණේ රුපියල් 124ක මුදලක් ගෙවා අදාළ චැනලය සක්‍රීය කරගන්නා ලෙසය. ඒ අකටයුත්තම PEO TV ආයතනය විසින්ද සිදුකර තිබිණ.

 වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත වැඩසටනක් හෝ කිසියම් ඉසව්වක් පැවැත්වෙන විට එය වෙනම මුදල් ගෙවා සක්‍රීය කරගත යුතු චැනලයක් හරහා විකාශය කිරීම මෙම සමාගම් සාමාන්‍යයෙන් සිදුකරන කටයුත්තක්ය. නමුත් මේ මොහොතේ අදාළ සමාගම් වෙතින් සැටලයිට් TV පහසුකම් ලබාගත් ග්‍රාහකයන් ගේ විරෝධයට හේතු වුයේ , සුප්‍රීම් TV වෙතින් නොමිලේ ලබාදී තිබු ශ්‍රී ලංකා ඉන්දියා 20 -20 තරගමාලාවේ විකාශය කටයුතු අත්හිටුවා සිදුකළ තුට්ටු දෙකේ ලාභ ඉපයීමේ උපක්‍රමය සම්බන්ධයෙන්ය.

ඒ සම්බන්ධයෙන් අදාළ ග්‍රාහකයන් මෙම සමාගම් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය දක්වා තිබුනේ මේ ආකාරයටය.



000001 1

000001 5

කෙසේ වුවත් මේ විරෝධය සමඟ ඩයලොග් සමාගම නොමිලේ ඊයේ දිනයේදී තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකරදී තිබු අතර ඊට පෙර මුදල් ගෙවා තරගාවලිය නැරඹීමට අවස්ථාව ගෙන සිටි ග්‍රාහකයන් වෙත යලිත් එම මුදල් නිකුත් කිරීමටත් පියවර ගෙන තිබිණ.

නමුත් සමාජ මාධ්‍ය හරහා මේ ආකාරයේ විරෝධයක් පැන නොනගින්න ඩයලොග් සමාගම හරහා ග්‍රාහකයන් මිලියනයක් මේ සඳහා මුදල් වියදම් කළා නම් ඒ තුල සමාගම ලබන ලාභය මිලියන 124කි.

සැබවින්ම මෙය අදාළ සමාගම් සිය ග්‍රාහකයන් නින්දා සහගත ලෙස සුරාකෑමක් වන්නේ, ඒ වන විටත් සුප්‍රීම් TV ඔස්සේ  නොමිලේ තරගය නැරඹීමට පවා මුදලක් මාසික පැකේජ වෙනුවෙන් ගෙවා තිබු නිසාය. මෙවැනි අකටයුතු ඕනෑතරම් සිදුවුවත් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TCR) ඇතුළු වගකිව යුතු ආයතන නිහඬ බැවින් සිදුවන්නේ සුපුරුදු සුරාකෑමට ග්‍රාහකයන් ලක්වීමය.

000001 2

000001 3

000001 4

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්