leader s

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් සඳහන් කළාය.

ඇය මේ බව සඳහන් කළේ මෙම කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී අදහස් පළ කරමිනි.

ශ්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ලියාපදිංචි කිරීම හා ආර්ථික වර්ධනය පුළුල් වනු ඇති බවද ඇය පැවසුවාය.

ඉන්දියාව මේ ගැන දක්වන උනන්දුව පිළිබඳව තම රට අවධානයෙන් පසුවන බවද ඇය එහිදී සඳහන් කළාය.

වීඩියෝ 

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීමට නියමිතය.

මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට පළමු වාරිකයේදී අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇත. ණය වාරික පියවීම සදහා එම ඩොලර් භාවිත කිරීමට රජයට අවස්ථාව හිමි වේ.

"ඇමෙරිකානු මර උගුලක්"

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයෝ මෙම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් ලෙස භාවිත කළහ.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පසුගියදා කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය.

කෙසේ වෙතත්, "මේ අවස්ථාවේ රටට වැදගත් වන MCC ගිවිසුම දෙසැම්බර් නත්තල් නිවාඩුවට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකාවට අහිමි වනු ඇතැයි, ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෙකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන අනතුරු අගවයි.

මෙම ආධාරය ලබා දීමට මූලික වන අවශ්‍යතාවක් වන්නේ, රටක ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩු වීමය.

"මේ ආධාරය අපට හම්බ වුණේ 2016 දී කරපු ඉල්ලීමකට අනුව. ඒ කාලේ අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩුවෙන් තිබුණේ. දැන් ඊට වඩා වැඩියි. ඒ නිසා මේ ගිවිසුමට දෙසැම්බර් 31ට කලින් අත්සන් නොකළොත් ආයේ ඒක අපිට ලැබෙන්නේ නෑ. ඇමෙරිකාවේ රජයේ ආයතන දෙසැම්බර් අග සති දෙකේ වහනවා නත්තල් නිවාඩුවට. ඒ නිසා දෙසැම්බර් 15 වෙනි දාටවත් කලින් මේ ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න වෙනවා." ඔහු පැවසිය.

එමෙන් ම MCC ගිවිසුම හරහා ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ලබා ගැනීම ද කෙටි කාලීන වශයෙන් ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.  

(මුලාශ්‍රය - lankacnews)


සබැඳි පුවත්:
ජනපති ගෝඨාභය මුහුණදෙන පළමු අභියෝගය : ඇමරිකානු MCC ආධාරය ගන්නවද? නැද්ද?

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්