සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 14 ක් සපිරේ.



2009 ජනවාරි 08 වන ද යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබිය.

ලසන්ත ඝාතනය කර වසර 14 ක් සපිරුන ද මේ දක්වා ඔහුට යුක්තිය ඉටු වී නොමැති අතර ඝාතකයන් තවමත් නිදැල්ලේ ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට 14 වසරක් සැපිරීම නිමිත්තෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කරයි.

324512429 5811664012220726 3000275641081253702 n

'' ලසන්තව අධි ආරක්‍ෂක කලාපයක් ඇතුලෙ මරාදාල අදට අවුරුදු 14ක්. එදා අවුරුදු 5ක් වයස උන දරුවෙකුට අද වයස අවුරුදු 19යි. ඒ කියන්නෙ ඡන්දෙ හිමි වැඩිහිටියෙක්. ඒ අය දැන ගන්න ඕන දෙයක් තියෙනව දැනුවත් තීරණයක් ගන්න කොට.

මේ ඝාතනයේ ප්‍රධානා සැකකරුවන් දෙදෙනා කවුරුවත් නෙමෙයි එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාගෙ මල්ලි ගෝටාභය රාජපක්‍ෂ. එතකොට විපක්‍ෂ නායකය තමා අද අර සැකකරුවන් දෙදෙනගෙ පිහිටෙන් පිං ජනාධිපති උන රනිල් වික්‍රමසිංහ.

වික්‍රමසිංහ ලසන්තගෙ හොඳම යාලුවෙක්. ඒවගේම ලසන්තගෙ අවමගුල් උත්සවයේ කතාවකුත් කරල වලට පසුත් දැම්ම කෙනෙක්. ඒත් කිසිම හෘදය සාක්‍ෂියක් නැති කැත මිනිහෙක් කියල පේනවනෙ දැන්.

ලසන්ත ඝාතන පරික්‍ෂණය තාමත් ටෙකිනිකලි ඇරල තියෙන්නෙ. ඒත් මේ වික්‍රමසිංහ යටතෙවත් ඒක ඉදිරියට ගෙනියන්නෙ නැහැ.

මේ පින්තූරෙ ලසන්තගෙ දේහය ඔසවාගෙන මාත් මගේ සගයනුත් බොරැල්ල කනත්ත ඉදිරිපිට දිවුරුමක් දුන්න. ඒ ඝාතකයින් පසුපස අපි යන බව. පරීක්‍ෂණ කරල ඝාතකයින් අල්ලන්න ඔන්න මෙන්න විදියට පරීක්‍ෂණ කරපු අති දක්‍ෂ පොලිස් නිලධාරීන්ට මේ පාලකයො හිරිහැර කරා. හිරේ දැම්ම ශානි අබේසේකරව, නිශාන්ත සිල්වට රට අතහැරල යන්න උනා.

ඕගොල්ල පුලුවන් නම් මේ ලැජ්ජ නැති කැත මිනිහට බලකරන්න ඝාතන පරීක්‍ෂණය ඉදිරියට ගෙනියන්න කියල. මේ විතරක් නෙමෙයි තව ජනමාධ්‍යවේදින්ට කරපු පහරදීම්, පැහැරගෙන යෑම්, මරා දැමීම් ගොඩක් රාජපක්‍ෂල යටතෙ උනා. ඒ කිසිම කෙනෙකුට යුක්තිය ඉටුවෙලා නැහැ මේ වෙනකන්. ඔය දෙපැත්තටම ඡන්දෙ පාවිච්චි කරනකොටත් මේ ඝාතනය ගැන හිතන්න.''



324238806 1825676401152836 1209490612236776218 n


ඔසවන්න සිදුවුණත් උඹ නමින් සුදූ       කොඩිය
කවුද හිතුවේ එහෙම දකින්නට ඩෙඩ්  බොඩිය
හිතට දුක දැනෙන හැටි දැන්  එදාටත්      වැඩිය
පහුකරන විට අදත් ඉදහිටක              අත්තිඩිය

ජනවාරි 8

-ප්‍රියන්ත කොඩිප්පිලි


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image