අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය දරමින් සිට මීට දෙමසකට පෙර අපවත් වූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ නමින් ඇති අධිසුඛෝපභෝගි ජීප් රථ දෙකක නීත්‍යනුකූල අයිතිය

තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු ගොනුකළ නඩුවක් අනුරාධපුර දිසා අධිකරණයේදී අද සළකා බැලිණ.

එම නඩුව සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න නියෝග කළේ, නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ තුන් නමකට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වනදින අධිකරණයේ පෙනී සිටින ලෙසයි.  

නඩුවට අදාළ විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොණු කරන ලෙස දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයෙකු වන පේලිමුහන්දිරම් අප්පුහාමිලාගේ චන්දානන්ද නමැත්තා විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි, කේ. ඥාණසිරි හිමි, ථූපාරාමාධිකාරී පුජ්‍ය ඥාණින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.


පෙත්සම්කරු පවසන්නේ අටමස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සමග තමා වසර 19ක කාලයක් අසුරු කළ බවයි.

උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් සිටි සෑම අවස්ථාවකදීම ප්‍රතිකාර කටයුතු සොයා බලා රැකබලා ගත්තේද තමන් බවයි පෙත්සම්කරු පවසයි.

 

සිරිනිවාස නාහිමියන් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මුල් සතියේදී දැඩි ලෙස රෝගී වූ බවත් එම අවස්ථාවේ උන්වහන්සේගේ නීතිඥවරයා මුණගස්වන ලෙස තමන්ට දැනුම්දුන් බවත් ඔහු සිය පෙත්සමේ දක්වා ඇත. ඒ අනුව සිරිනිවාස හිමියන් නීතිඥවරයාට ලබාදුන් උපදෙස් අනුව එන් සී සී ඒ ඩබ්ලිව් 1310 දරණ ජීප් රථය සහ එන් සී සී බී එල් 5353 දරණ ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයේ අයිතිය තමා වෙත පවරා දුන් බවද පෙත්සම්කාර ව්‍යාපාරිකයා සිය පෙත්සමේ දක්වා ඇත.

 

කෙසේවෙතත් තමාට පවරා දුන් වාහනවල ලියාපදිංචි අයිතිය පවරා ගැනීමට යාමේදී මෙම පෙත්සමේ වගඋත්තරකාර හිමිවරුන් එකී වාහනවල අයිතිය බැහැර නොකරන ලෙසට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා වෙත දන්වමින් අදාළ දේපළ සිරිනිවාස හිමියන්ගේ පෞද්ගලික දේපළ නොව අටමස්ථානයට අයිති දේපළක් බවට අසත්‍ය කරුණු දක්වා ඇතැයිද පෙත්සම්කරු සදහන් කර තිබේ.

ඒ අනුව අදාළ ජීප් රථ දෙක පවරා ගැනීමට නීත්‍යානුකූ අයිතියක් ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙසට ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.


(nethnews.lk)


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image