පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ (10) ලබාදී තිබු නියෝගය හකුලා ගැනීමට කටයුතු කර ඇතැයි

වාර්තාවේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබුණේ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම්දෙනතුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාරගැනීමෙන් වලකින ලෙස නියෝග කරන ලෙසට තමන් වෙත දන්වා ඇති බවයි.

ඊට අදාළ ලිපියක් සකස් කළද එය ඒ අනුව කටයුතු කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ යැවූ ලිපියේ සඳහන් කර ඇත.


Neel bandara

  මේ සම්බන්ධයෙන් 'නෙත් නිව්ස්' කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලෙස දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කටයුතු කරන බවයි. එම නිසා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් භාරගැනීමේ වගකීමක් නොමැති බැවින් එම ලිපිය ආපසු කැඳවූ බවයි.


ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත ලිපියක් යොමුකර ඇත. එහි දැක්වෙන්නේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නියමිත පරිදි ලබාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ වගකීම වන බවයි.

ඒ අනුව ලබන 18 වනදා සිට 21 වන දින මධ්‍යන දක්වා කාලය තුල නාම යෝජනා භාරගැනීම ද සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ වගකීමක් වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

maco laපක්ෂ ලේකම්වරු මැතිවරණ නිරීක්ෂකයෝ අද කොමිසමට


එළෙඹන පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11) කැඳවනු ලැබ සිටිති.

ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

අද පැවැත්වෙන මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙසේ පැවසිය.



සියලු තේරීම් භාර නිලධාරීන් වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බව රෝහණ හෙට්ටිආරච්චි අවධාරණය කළේය.


රනිල්ගේ ත්‍රාඩ බලය උපයෝගී කරගනිමින් මැතිවරණය කල්දාන්න බලපෑම් කරනවා – AKD



පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ (10) ලබාදී තිබු නියෝගය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක් කළ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක (AKD) පැවසුයේ, පත්කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ත්‍රාඩ බලය හා ක්‍රීකරු ඇමතිමණ්ඩලය උපයෝගී කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර මැතිවරණය කල් දැමීම සඳහා එම කොමිසමට බලපෑම් කරමින් සිටින බව යි.



පෙරේදා (09) රැස්වූ කැබිමණ්ඩලය ව්‍යවස්ථා විරෝධීව ඔවුන්ගේ බලය ඉක්මවා යමින් මැතිවරණ කොමිසමට බලපෑම් කර පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බාරනොගන්නැයි පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මගින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දන්වා ඇති බව පැවසු අනුර දිසානායක මන්ත්‍රීවරයා, මෙම කැබිනට් මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් නොදන්නා අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන්ට එම නියෝගය නිකුත් කර ඇතැයිද පෙන්වා දුන්නේය.


මෙම බලපෑම් නොසලකා මැතිවරණ කොමිෂන් සභාව ඇප මුදල් තැන්පත් කිරිම් භාරගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම්දී ඇතැයිද ඒ අනුව නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට එම කොමිෂන් සභාව කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ බලපෑම්වලට යටත් නොවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන්නේ යැයිද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලය ගෙනයන මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහු අවධාරණය කළේය.



කශේරුකාවක් ඇති රාජ්‍ය නිලධාරීන් ගැන ඩලස්ට විශ්වාසයක් ...



පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් බාර ගැනීම නොකරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයද ඊට අදාලව අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කොට ඇති චක්‍රලේඛයද මුළුමනින්ම අනීතික බව පවසන 'නිදහස ජනතා සංධානය' නායක ඩලස් අලහප්පෙරුම, එම නිසා කශේරුකාවක් සහිත සියලු රාජ්‍ය නිලධාරීන් එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂා කරන බව කියා සිටියි.


Screenshot 2023 01 11 at 9.18.06 AM


ජනතා පරමාධිපත්‍යය අහිමි කිරීමට ඉඩ නොදෙමු ! - Black Cap Movement



මේ අතර අරගලය තුළ  ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ Black Cap Movement සංවිධානය ද රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්න විසින් මැතිවරණ කොමිසම නොවිමසා පලාත් පාලන මැතිවරණ ඇප මුදල් භාරගැනීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීම දැඩි ලෙස හෙලා දකිමින් නිවේදනයක් නිකුත්කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මැතිවරණ යනු අත්‍යවශ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී මූලදර්මයක් බව Black Cap Movement අවධාරණය කර සිටියි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ‘‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යයට, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය.’’


ස්වාධීන මැතිවරණ කොමිසමක් විසින් මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණයට අදාළ කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට අවම සදාචාරයක් හෝ පැවතිය යුතු බව රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට සිහිපත් කර සිටිමු.

මැතිවරණය කැඳවීම සිදුකල පසු මැතිවරණ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ, එනම් මැතිවරණ නාමයෝජනා කැඳවීමේ කටයුතු, මැතිවරණ දිනය තීරණය කිරීම හෝ මැතිවරණයට අදාල වෙනත් ඕනෑම තීරණයක් ගැනීම ස්වාධීන මැතිවරණ කොමිසමේ නීතිමය බලයට යටත්ව බව සිහිපත් කරන අප විධායක බලයට සංවරණ හා තුළන ක්‍රමයක් ලෙස හඳුන්වා දුන් ස්වාධීන මැතිවරණ කොමිසමේ කටයුතු වලට අභිමානුරූපී ලෙස මැදිහත් වීමට විධායකයේ එක් අංශයක් නියෝජනය කරන රාජ්‍ය පරිපාලන ලේකම්වරයා කටයුතු නොකළ යුතු බව ද සිහිපත් කරමු.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම විසින් එම තීරණය ආපසු හරවා ඇති පසුබිමක නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා කැපවන මෙන් අප සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.



සබැඳි පුවත් :
ඇප මුදල් බාරගැනීම නවත්වයි :කැබිනට්ටුව හා මැතිවරණ කොමිසම බරපතල ගැටුමක!

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්