''ජනපති මාධ්‍ය ඒකකය නිව්ස් ප්ලාන්ට් කරනවා. ඒවා පත්තරවල දාගන්නවා. ඊටපස්සේ උදේට පත්තර කියවන මල්ලිලා ලවා කියවනවා.

කැලණියේ නයි නටවපු එවුන්, වඳ ‌පෙති ගෙනාපු එවුන් ආයෙමත් මාධ්‍ය කුමන්ත්‍රණ කරනවා. ඒ මාධ්‍යය සාහසිකයි. රෙදි ගලවන් කඩේ ගිහින් ඉල්ලන් කන්න එපා.'' යයි සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ඊයේ (11) ආණ්ඩුවට හා මාධ්‍යවෙත දැඩි අනතුරු ඇගවීමක් කළේය.

සජබ මාධ්‍ය ප්‍රකාශක හා එම පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් එම අනතුරු ඇඟවීම සිදුකලේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාව බිය වද්දන ආකාරයේ සාහසික මාධ්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින ලෙස ඔහු එහිදී මාධ්‍යවේදීන් වෙත දැනුම්දී සිටියේය.

එම මාධ්‍ය හමුවේදී සජබ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසිය.

 

''රටට ජාතියට ආගමට ආදරයක් නැති මිනිහෙක් රටක නායකයෙක් වෙලා ඉන්න වෙලාවක, හොරු ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ල ඉන්න රටක, හොරු රැලක් එක්ක එකට එකතු වෙලා ඉන්න රටක ඒ ජනතාවගේ අනාගතය, ඒ අයගේ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.''

 

ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුව යි එකට එකතු වෙනවා කියලා නිවේදනය කළා. ඇත්ත වශයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන හෙක්ටර්  අප්පුහාමි මැතිතුමාගෙන් මං ඉල්ලීමක් කරනවා, තරහ වෙන්න එපා,  පුත්තලම් බූරුවෙක් තමයි මේක කිව්වේ.

මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා හදපු, අපේ ජීවිතය බඳු ආදරය කරපු එක්සත් ජාතික පක්ෂය, හොරුන්ගේ දූෂිතයන්ගෙන් ත්‍රාඩ යන්ගෙ, මංකොල්ලකාරයන් ගේ මිනීමරුවන්ගේ රැකවලා බවට මත්වෙලා නිල වශයෙන් ඒක ප්‍රකාශයට පත් කිරීම අපි සමගි ජන බලවේගයේ හිටියත් අපිට දුකක් අපිට කණගාටුවක්.

සිරිකොත මහගෙදර හොරුන්ට මිනීමරුවන්ට තැනක් තිබුනේ නැහැ. මේ රටේ මහජනතාවගේ දේපළ මංකොල්ල කාපු අයට තැනක් තිබුනේ නැහැ. අද අපට පේනවා සිරිකොත මහගෙදර මේ රටේ මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කාපු හොරුත් එක්ක එකට දීග කන තැනක් බවට පත්වෙලා තියෙනවා. අපිට අවංකවම කණගාටුයි ඒක ගැන. ඡන්ද ගැන නෙමේ කනගාටුව තියෙන්නේ ඒක ගැන.


''අලියයි පොහොට්ටුවයි එකට නමලා තමයි අරින්නේ අපි''


අපි ඒ නිසා ඔය පුත්තලමේ බූරුවට කියන්න කැමතියි මිනිහට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරඟයක් නැහැල්ලු. එයාට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරගත් නැහැ, හොර ඔප්පු ලියන තැන්වල තරඟ නැහැ. එයාට වෙන වෙන දේවල් මං ඒව කියන්න කැමති නෑ. ඡන්දෙට ඇවිල්ලා පෙන්නන්න. අලියයි පොහොට්ටුවයි එකට නමලා තමයි අරින්නේ අපි.

 

අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ දැන් මේ දීගය අපි දකින්නේ, බටහිර රටවල තියෙනවා living together කියන සංකල්පයක්, විවාහ නොවී පිරිමියයි කාන්තාවයි එකට ජීවත් වනවා, දැන් මේ උනේ living together හිටපු කට්ටිය කසාද බැන්දා වගෙ වැඩක්. මහබැංකු හොරුයි, මේ රටේ ජනතාවගේ දේපළ මංකොල්ල කාපු හොරුයි එකට එකතු වුණා. අපිට ප්‍රශ්නයක් නෑ ඒක. අපි පැහැදිලිව රංගෙ බණ්ඩාරට කියන්න කැමතියි . මාර්තු එකොළොස්වැනිදාට ඔයා ඔයාගේ තරම දැන ගනී.

 

එයා ලොකුවට කිව්වා කොළඹ මහනගර සභාවට අලියගෙන් තරඟ කරනවා ලු. එන්ඩ අපි කරලා පෙන්නන්නම්. කොට්ඨාස හැට හයෙන් ගියපාර හයක් පැරදුනා එක්සත් ජාතික පක්ෂය. මම විතරක් කොලොන්නාවේ එකොළහෙන් 11ම දින්නා. පොහොට්ටුවෙන් හරි බෝට්ටුවෙන් හරි නැත්නම් සුරුට්ටුවෙන් හරි ඉල්ලන්න අපි කරලා පෙන්නන්නම්.


''ජනාධිපති ගේ තරම අපි දන්නවා''


බොරුවට කටමැත දොඩවන්නෙ නැතුව ඡන්දය තියන්නකෝ. මොකද හේතුව මේ ජනාධිපතිවරයා පත් වෙච්ච දවසෙ ඉඳල මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මංකොල්ල කාපු ජනාධිපතිවරයෙක්. කතා කිරීමේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමේ නිදහස මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් සියල්ල උදුරා ගත්තා. අපි ඒකට විරුද්ධව විපක්ෂයක් විදිහට දිගින් දිගටම සටන් කරනවා. එයා හිට්ලර් කියලා එයාම කියාගත්තා. අපි ඒකට බය වුණේ නෑ බය වෙන්නෙත් නැහැ. මොකද එයාගේ තරම අපි දන්නවා. ජනාධිපති ගේ තරම අපි දන්නවා. එයත් එයාගේ තරම දන්නවා, රටට පෙන්නන්නේ නැහැ. ඒ හින්දා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මේ ඡන්දය කල් දාන්න විවිධ උත්සාහයන් දැරුවා.

මේ ඡන්දය කල් දාන්න ඉස්සෙල්ලම කිව්වා රටේ සල්ලි නෑ කියලා. බිලියන දෙදහක් අච්චු ගහපු කට්ටිය කියනවා සල්ලි නැහැල්ලු. එතකොට බිලියන දහයක් කියලා කියන්නේ ඩොලර් වලට convert කරලා බැලුවොත් තෙල් නැව් භාගයක ගාන. ඩොලර් මිලියන විසිහතයි. එතකොට මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරලා හොරකම් කරලා කුඩුපට්ටම් කරපු එවුන් හැමදාම බලයේ ඉන්න ඕන. මොකද ඒගොල්ලෝ හොරකම් කරලා ඒගොල්ලො දූෂණය කරලා වංචා කරලා, ඡන්දය තියන්න සල්ලි නෑ කිව්වොත් එහෙම ඒ ආර්ථික ඝාතකයෝ තමා බලයේ ඉන්න ඕන,  ඡන්දය තියන්න බැහැ. ඔය විදියට මහ මැතිවරණය කල් දාන්නත් පුළුවන්.ඔය විදිහටම ජනාධිපතිවරණයක් කල් දාන්න  පුළුවන්.

ඊට පස්සේ කිව්වා කොමිසමේ පස් පස්දෙනාම එකඟ නෑ කියලා. ඇත්තටම පස් දෙනාගේම අනුමැතියෙන් තමයි ගැසට් එකට ලියුම යැව්වෙ ගහන්න කියලා. අපිට ආරංචි වුණා ජනාධිපතිව හොයනවලු ගැසට් එකේ අත්සන් කරන්නේ නෑ කියලා. මොන ගැසට් එකේද අත්සන් කරන්නෙ. ඒක දන්නෙ නැති ජනාධිපති කෙනෙක් මේ රටේ ඉන්නේ. ගැසට් එක ගහන්න කියන ලියුම විතරයි අස්සන් කරල යවන්නෙ.

අපිට ආරංචියි නොයෙක් නොයෙක් දොළපිදේනි offer කරනවා කියලා. ඊට පස්සේ එයා එනවුන්ස් කරා එයා මැතිවරණයේදී ස්වාධීනව ඉන්නවා කියලා. එහෙම කියලා නීති විරෝධීව මැතිවරණ කොමිසම ජනාධිපති කාර්යාලය ට කැඳවලා එතනින් බැලුවා කඩන්න. ඒත් බැරිවුණා. දැන් ස්වාධීනව ඉන්නවා කියපු මිනිහා ජනාධිපති කාර්යාලය තුළට තමයි පොහොට්ටුවේ අයයි unp  අයයි යූඑන්පී පොහොට්ටු සංගමය එකතු වෙන්නේ. ජනාධිපති කාර්යාලයේ එහෙම කරන්නේ කොහොමද ජනාධිපති ස්වාධීනව ඉන්නවනම්.

 

''මහින්ද රාජපක්ෂගේ වැරදි නියෝග අරගෙන තමයි අනුෂ පැල්පිට ලලිත් වීරතුංග හිරේ ගියේ. එනිසා මේ රටේ පොලිස් නිලධාරියකු හෝ ඕනෑම රජයේ නිලධාරියෙක් වේවා කැබිනට් මණ්ඩලය හෝ රටේ ව්‍යවස්ථාවෙන් පිට ඒගොල්ලෝ දෙන නීති විරෝධීව ව්‍යවස්ථාව කඩන උපදෙස් පිලිපැද්දොත් මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරලෙනවා, ලෑස්ති වෙලා ඉන්න බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්න.''

 

ඊයේ රෑ ඒ ලියුම ඉල්ලා අස් කර ගත්තලු, ඉල්ලා අස් කර ගන්නේ කොහොමද තාක්ෂණික කාරණාවක් කියලා. කවුද එයාට උපදෙස් දුන්නේ කැබිනට් මණ්ඩලය එහෙම තීන්දුවක් ගත්තද? කැබිනට් මණ්ඩලයේ එම තීන්දුව ගත්තන්ම් කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. එහෙනම් කැබිනට් මණ්ඩලයට විරුද්ධවත් අපි උසාවි යනවා. මතකයිනෙ දින පනස් දෙකේ දී සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කැබිනට් එකක් පත් කරලා  සුප්‍රීම් කෝට් එක ලබාදුන්න තීන්දුව. මේ plan කරගත්ත මාධ්‍ය ආයතන වලින් කියන විදිහට ඉල්ලා අස්කර ගත්තයි කියන ලියුම අපි පිළිගන්නේ නැහැ.


''මේ ආණ්ඩුව සාහසික ආණ්ඩුවක්''

ඊලග කුමන්ත්‍රණය තමයි දැන් සමෘද්ධිය පරක්කු කරනවා. රජයේ නිලධාරීන්ගේ පඩිය පරක්කු කරනවා.මෙච්චර දවසක් වෙච්ච නැති ඒව එකපාරටම වෙනවා. දැන් තෙල් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙනවා. මේ ආණ්ඩුව සාහසික ආණ්ඩුවක්. ගෑස් නැව් පරක්කු කරල තෙල් නැව් පරක්කු කරලා පෝලිම පෙන්නලා ඡන්දෙ කල් දාන්න හදනවා නම් එකම විසඳුම මේ පාර පෝලිමේ ඉන්න එක නෙමෙයි වීදි බැහැල කැරලි ගහන එක. මාධ්‍ය ඉස්සරහ කියන්නේ අපි ඒකට නායකත්වය දෙනවා. ඒක හොඳට මතක තියාගන්න ජනාධිපතිතුමා. ඒ නිසා අපි කියන්න කැමතියි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා මානව හිමිකම් කඩ කරල ඔයාට මේ රට පාලනය කරන්න බැහැ.

SJB 15


අපි බහින්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් . මොකද පොලිස් නිලධාරීන්ගේ හමුදා නිලධාරීන්ගේ පඩියක් සාමාන්‍ය පඩියක්. ඔවුන්ගේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න අපි දන්නවා. මේ මාසේ පළවෙනිදා ඉඳලා අසාධාරණ ලෙස තුන්වැනි වතාවටත් විදුලි බිල ඉහළ දාලා තියෙනවා. අපි ඒකට විරුද්ධව මේ ඉරිදා මුළු ලංකාව පුරාම පාරට බහිනවා. පාසල් දරු දැරියන්ගේ අලුත් වාරයට අවශ්‍ය පොත්පත් පෑන් පැන්සල් බෑග් ටික  සපත්තු කුට්ටම තුන්ගුණයකින් නැගල තියෙනවා. අපි ඒකට විරුද්ධව මේ ඉරිදා පාරට බහිනවා. සාධාරණ ලෙස මිනිස්සු හම්බ කරල ගන්න වැටුපට බදු ගහලා තියෙනවා. ඒකට විරුද්ධව මේ ඉරිදා අපි පාරට බහිනවා.

 

අපි එක තැනකට නෙමෙයි, අර 3% කල්ලිය වගේ අද එක තැනකයි ඒ සෙනඟ ම ගෙනිහිල්ලා ඊලඟ දවසෙ තව තැනකයි, ගිහිල්ලා කරන්නේ කරන්නෙ නෑ. අපි ඒක අඛණ්ඩ කැරැල්ලක් දක්වා මෙහෙයවනවා කියන එක පැහැදිලිව කියන්න කැමතියි.





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්