බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වගඋත්තරකරුවන්,

පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12 වැනිදා) තීරණය කළේය.

සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් කතෝලික දේවස්ථාන හා ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු නොකිරීමට එරෙහිව වගඋත්තරකරුවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ගොනුකර තිබුණි.

ඒ, සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ කතෝලික පුජකවරුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් විසිනි.

පුරා වසර දෙකකට ආසන්න කාලයක් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම නියෝග කළේය.

 

වගඋත්තරකරුවන් කවුද?


මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වන්නේ,

· හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

· හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

· හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර

· හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්

· රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන

 

ea sjdh

 

වින්දිතයින්ට වන්දි ගෙවීමට නියෝග


පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට රුපියල් මිලියන 100ක වන්දි ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, පූජිත් ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව අද නියෝග කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50 ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මිලියන 10ක වන්දියක් වින්දිතයින්ට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ, අදාළ මුදල් සියල්ල එකතුකර වින්දිතයින්ට වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඒ අනුව ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසද මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

අදාළ නියෝගය ලබා දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

කෙසේ වෙතත් මීට අමතරව හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එවකට කැබිනට් මණ්ඩලය ඇතුලු 50 දෙනෙකු පමණ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහුට විධායක ජනාධිපතිවරයා ලෙස, ජනාධිපති මුක්තිය හිමිවන බවට හා ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වා ගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව සහ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසු, ජනපති රනිල් වික්‍රමසිංහගේ නම වගඋත්තරකරුවන්ගේ නාම ලේඛනයෙන් ඉවත් කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

 

(BBC සිංහල සංදේශය)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්