දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් දිනා දීම සදහා දෙමළ ජාතික දේශපාලනඥයන්

එක් කිරීමේ අරමුණින් හිටපු එල්.ටී.ටී.ඊ සටන්කාමියෙක් සිව් දිනක් තිස්සේ පැවැත්වූ මාරාන්තික උපවාසය සිය ඉල්ලීමට දේශපාලන පක්ෂ පහක් එකගතාවය පල කිරීමෙන් අනතුරුව නතර කර තිබේ.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික වේළුපිල්ලේ මාධවමේජර් ජනවාරි 9 වැනිදා පුදුකුඩිරිප්පු නගරයේදී ආරම්භ කළ මාරාන්තික උපාවසය ජනවාරි 12 වැනිදා නතර කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඒ දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් දිනා දීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජාතික දේශපාලනඥයන් එකට එක් වී කටයුතු කළ යුතු බවට බල කරමින් ආරම්භ කළ උපවාසයට දෙමළ දේශපාලන පක්ෂ පහක එකඟත්වය හිමිවීම මතයි.

උපවාසයේ නිරතව සිටි වේළුපිල්ලේ මාධවමේජර්ගේ ඉල්ලීමට එකගත්වය පළ කරමින් දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන්, ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ සභාපති සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, දෙමළ ඊලම් ජනතා විමුක්ති සන්ධානයේ කන්දයියා සිවනේෂන්, දෙමළ ඊලම් විමුක්ති සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්, සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් විසින් පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ සාමාජිකයෙක් ලිපියකට අත්සන් තැබු බව පළාත් බද මාධ්‍යවේදීහු පවසති.

වේළුපිල්ලේ මාධවමේජර් මාරාන්තික උපවාසය ආරම්භ කළ දිනයේ සිටම එම ස්ථානය වෙත  විශාල ජනතාවක් එක් රැස්වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  චාල්ස් නිර්මලනාදන් සහ සිවඥානම් ශ්‍රීධරන්ද ඔහුගේ සුවදුක් බැලීම සදහා උපවාසය කළ ස්ථානය වෙත පැමිණ තිබුනි.



දෙමළ ජාතිය, දෙමළ භුමිය සහ දෙමළ අයිතීන් රැකගැනීම සදහා දෙමළ ජනතා නායකයන් පක්ෂ සහ සංවිධාන භේදයකින් තොරව එක් විය යුතු බව වේළුපිල්ලේ මාධවමේජර්ගේ මුලික ඉල්ලීමයි.



උපවාසය අත් හැරීමට දෙදිනකට පෙර TNA පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ආර් සම්බන්ධන්ගේ නිවසේ තිබු හදිසි සාකච්ඡාවකදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ වෙන් වෙන්ව තරග කිරීමට තීරණය කර තිබුනි.

Death fast 3

Death fast 4

Death fast 5

Death fast 2

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්