පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් ඊයේ සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි ඇත.



එම ගුවන් අනතුරේ අවසන් විනාඩි එක හමාරක පමණ කාලය එම යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවිව ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

එම මාධ්‍ය වාර්තා මගින් අදාළ වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කර ඇත. ගුවන් යානයක් පොළවට ආසන්නයේ පියාසර කරන ආකාරය එහි දැක්වෙන අතර මගීන් කෑ ගසන ශබ්දත් අවසන් මොහොතේ වීඩියෝගත කළ කැමරාව සෙළවී ඇද වැටෙන ආකාරයත් එම වීඩියෝවේ ඇතුළත් වේ.

අනතුරට ලක්වූ ගුවන් යානය තුළ සිටි ඉන්දිය ජාතිකයෙකු එය වීඩියෝගත කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතත් එය අදාළ ගුවන් යානය තුළ සිට වීඩියෝගත කරන ලද්දක්ද යන්න මෙතෙක් තහවුරු කළ නොහැකි බව ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අදාළ ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ පුද්ගලයින් හැත්තෑ දෙදෙනෙකු එහි ගමන් කරමින් සිටි අතර එම යානය කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරින් වූ පොකාරා දක්වා පියාසර කරමින් තිබිණ.

 

විශේෂ විමර්ශනයක් ඇරැඹේ


නේපාලයේ ‘යෙටී’ ගුවන් සේවය අයත් ගුවන් යානය කඩා වැටී, යානයේ සිටි හැත්තෑ දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් නියෝග කර තිබේ.

නේපාලය පමණක් නොව, මුළු ලොවම කැලැඹීමට සමත් වුණු එම අනතුර හේතුවෙන් අද (16) දිනය විශේෂ ශෝක දිනයක් ලෙස නම් කිරීමට ද අග්‍රාමාත්‍යවරුයා පියවර ගෙන තිබුණි.

කඩා වැටුණේ නේපාලයේ අභ්‍යන්තර ගුවන් යානයකි. යානය කත්මණ්ඩු සිට පොක්කාරා බලා පියාසර කරන්න විය. එය කඩා වැටුණේ පොක්කාරා නගරයේ අලුතින් ඉදිකළ ගුවන්තොටුපොළට කිලෝ මීටරයක් තිබියදීය. යානය කඩා වැටුණේ ගංගාවක් අසල වනගත ප්‍රදේශයකටය.

යානයේ සිටි හැත්තෑ දෙදෙනාගෙන් 15 දෙනකු විදේශිකයන් බවත්, එම 15 දෙනාගෙන් පස් දෙනකු ඉන්දියානුවන් බවත් නේපාල පුවත් සේවා වාර්තා කර තිබේ.

කඩා වැටුණේ ද්විත්ව ඇන්ජිමක් ඇති ‘ඒ.ටී.ආර්.72’ ගුවන් යානයයි. මෙය වසර 15 ක් පැරැණි නේපාල අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන යානයකි. යානය කඩා වැටී මියගිය පිරිස අතර පොඩි දරුවන් 6 දෙනෙක් වෙති.

ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය අය වෙනුවෙන් සිය කනගාටුව පළ කර තිබේ.

යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. දිවි ගලවා ගැනීමේ නිලධාරීන් 3,000 යානය කඩා වැටුණු ස්ථානයට ගොස් සෝදිසි කළ නමුත්, ඔවුන්ට දිවි ගලවා ගත් කිසිවකු හමුවූයේ නැතැයි පැවැසෙයි.

 


npc 1
npc 2 128305315 a7d245934c3c22dd44012ad4b2d2e200b8e695b10 148 2948 16591000x563 1npc 4

 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්