ආණ්ඩුව කුමන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම මාර්තු මාසය වනවිටවත් සිදු නොවන තත්ත්වයක් පැන නැග ඇති බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.



ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කෙරෙන සාකච්ඡාව දෙසැම්බර් මාසයට පෙර අවසන් කරනවා කියලා ආණ්ඩුව කිව්වා. ඒ කියන්නේ අපි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට ආවා. අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ එකඟතාවයකට දෙසැම්බර් මාසයේ එනවයි කිව්වා. ඊට පස්සේ කිව්වා මාර්තු මාසයේ එනවයි කියලා. අපට දැන් තියෙන සලකුණු අනුව නම් මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල කාරණය මාර්තු මාසෙත් කෙරෙන්නෙ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ.

 

මූල්‍ය අරමුදල සමග 17 වෙනි වතාවටත් එකඟතාවයකට ගියා. මීට පෙර ලංකාව 16 වතාවක් ගිහින් තියෙනවා. ඉතින් එකඟතාවයකට ගියත් අපේ ප්‍රශ්න ඒකෙන් විසඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. සමහරවිට අපිට 18 වෙනි වතාවටත් යන්න වෙයි. ඒක නිසා අපි ඒ පිළිබඳව  අපේම වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ යුතු වෙනවා.

 

මෙතන දී ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මත ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමිය කිව්වයි කියලා මං දැක්කා චීනය මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා කියලා. ඒ වගේම පසුගිය 14 වෙනිදා ලෝකයේ ආර්ථික ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධාන මට්ටමේ කියලා හැඳින්විය හැකි පුද්ගලයින් 182 දෙදෙනෙක් අත්සන් කරලා ලංකාවෙ ණය පිළිබඳ නිවේදනයක් නිකුත් කළා. ඒ අයගේ චෝදනාව තියෙන්නේ වොෂින්ටනය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ඉතාම අසාධාරණ විදිහට විශේෂයෙන්ම මේ අපි ලබාගත්ත අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර, සම්බන්ධයෙන් ක්‍රියාකරන බවයි.

එක පැත්තකින් කට්ටියක් එක පැත්තකට චෝදනා කරනවා. කට්ටියක් තව පැත්තකට චෝදනා කරනවා. මේ දෙපැත්තෙන්ම පේන්නේ තාමත් මේ සාකච්ඡාව නිසි ආකාරයකට අවසන් වෙලා නැති බවයි. අපේ විශ්වාසය, නම් මේක අවසන් කළත් අපි නිවැරදි ආර්ථික ක්‍රියාදාමයක් අනුගමනය නොකළහොත් මූල්‍ය අරමුදල ආවයි කියලත් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

ඒ වගේම මේ ප්‍රශ්නයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව; ප්‍රධාන රටවල් තුනක් තියෙනවා. ඒ තුන එක්ක කටයුතු කළ යුතුයි. ඒ තමයි චීනය, ජපානය හා ඉන්දියාව. මොකද ඒ රටවල් තුන් ආකාරයක ණය අපට ලබාදීලා තියෙනවා. ඒ රටවල් තුන අපට අත්‍යවශ්‍යයි. ඒ නිසා වහාම මේ රටවල් තුන සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ එකඟතාවයකට පැමිණියොත් බහුපාර්ශවීය ආයතනය කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් බැංකුව වැනි අය එක්ක කරන ගනුදෙනුවත්. ඒ වගේම විශේෂයෙන්ම අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර තමයි අධික පොලී බැඳුම්කර, ඒවා පිළිබඳ සාකච්ඡා අපිට අවසන් කරගන්න පුළුවන්. මේ මූලික රටවල් තුන එක්ක එකඟතාවයකට අපි ඉතා කඩිනමින් පැමිණිය යුතුයි.''




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්