මුල්‍ය අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් නිල වශයෙන් සහතිකය ලබා දෙමින් ඉන්දියාව  පෙරේදා (16) දිනයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිය සහතිකය යවා ඇති බව "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ලබන 19 සහ 20 වෙනිදා දිනවලදී ශ්‍රී ලංකාවේ සංචාරය ආරම්භ කිරීමට දිනකට පෙර ඉන්දියාව මෙලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම සහතිකය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන් ඉහළ පෙලේ චීන නිලධාරීන් සමග සාකච්ජා අවසන් කිරීමත් සමගයි.

ඉන්දියාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම සහතිකය යවා ඇති බවට 'ද හින්දු' පුවත්පතට තහවුරු කර තිබුනේ කොළඹ සිටින නිලධාරියෙකු බව එම පුවත්පත වාර්තාකර සිටියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් අනුමත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිය ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ සහතිකයක් ලබාදීමට සිදුව ඇත.

චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහතික කර ගැනීම කඩිනම් කර ගැනීමට හැකිවන්නේ චීනය සහ ජපානය විසින් ලබාදෙන සහතිකය මතය. කෙසේ වුවද නුදුරු දිනයකදීම ජපානය ද ශ්‍රී ලංකාවට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය නිකුත් කරනු ලබනු ඇති බව "ද හින්දු" පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.


Backing Sri Lanka, India sends financing assurances to IMF

IMG 9990IMG 9991


''ඉන්දියාව - චීනය සමඟ පැවති ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා සාර්ථකයි'' - ජනාධිපති


ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසුයේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇති බවයි.

මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසිය.

''මේ වන විට අපේ ආර්ථිකය නිසි මඟට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර, දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මේ සභාවට ප්‍රකාශ කළ හැකියි. අපි බලාපොරොත්තු වන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු දේ සමඟ මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව.





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්