පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.



පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.

එම ඡන්දය විමසන අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා සහ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහවූ පුද්ගලයන් පුනරුත්ථාපනය විධිමත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම පනතේ අරමුණ බව ප්‍රකාශ විය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.


’පුනරුත්ථාපනය'හමුදාකරණය කරන්න හදනවා - ආචාර්ය හරිනි අමරසූරිය

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ ජාතික ජන ජනබලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුයේ, පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන බවයි.

එහිදී සිදුවන්නේ දඬුවම් ලබාදීම ඔස්සේ නිවැරදි කිරීමක් බව කී අමරසූරිය මන්ත්‍රීවරිය, අවශ්‍ය වන්නේ සෞඛ්‍යය ප්‍රවේශය ඔස්සේ ප්‍රතිකාර කිරීම තුළින් පුනරුත්ථාපනය කිරීමක් යැයි සඳහන් කළාය.

" ඒ නිසා මේ පනත් කෙටුම්පත තුළ මේ පුනරුත්ථාපන ක්‍රමවේදය අනුව දඬුවම් ලබාදීමේ අන්තර්ගතය අපි දන්නවා. දැනට අපේ පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථක වෙලා නැහැ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විශේෂයෙන්. ඒ සියලුම මධ්‍යස්ථාන පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වල සිද්ධ වෙන දේවල් නිසා මිනිස් ජීවිත අහිමි වුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා" ජාතික ජන ජනබලවේගයේ මන්ත්‍රීවරිය කීවාය. 

 

දූෂිත දේශපාලඥයන් පුනරුත්ථාපනය කළ යුතුයි

තරුණයන් පුනරුත්ථාපනයට යැවීමට පෙර දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

සරත් ෆොන්සේකා මෙසේ පැවසුවේ  පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මෙම විවාදය අතරතුරදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර උණුසුම් සංවාදයක් ඇති විය.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එරෙහිව ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවාදයේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා අදහස් පළ කිරීමත් සමඟයි.

 

ආණ්ඩුවේ උවමනාව පැහැදිලියි - රවුෆ් හකීම්

දේශපාලන දැඩි මතධාරීන් පුනරුත්ථාපනය කළ යුතු බව ආණ්ඩුවේ උවමනාව යැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන අදහස් වලින් පෙනෙන්නට තිබෙන්නේ එය බවද මන්ත්‍රීවරයා කීය.

පුනරුත්ථාපන පනතේ සම්පූර්ණ කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇතැයි ද එවැනි තීන්දුවක් මීට පෙර ලැබී නැතැයි ද හකීම් මන්ත්‍රීවරයා කීය.

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්