මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.



මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් බදාදා (25) රැස්වීමට නියමිතය.

මීට අමතරව සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා මෙතෙක් පත්කර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද  බදාදා රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයෝ තිදෙනා පසුගියදා පත් කරනු ලැබූහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබූවේ විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය. නව ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා  සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ඒවා යළි ස්ථාපනය කළ යුතු වේ.


(lankadeepa.lk)


සබැඳි පුවත් :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි

තවමත් මැතිවරණ දිනය ගැසට් කර නෑ !

'පුංචි ඡන්දයට දින දුන්නත් ඡන්දයක් තියන එකක් නැහැ' - පී. හැරිසන්

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image