කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන මුහුදුබත් වූ රසායනික ද්‍රව්‍ය පිරවූ පර්ල් එක්ප්‍රස් නෞකාව
ගොඩ ගෙන රැගෙන යාමට අදාළ සමාගමට ඉඩ ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

අදාළ නැව ගිනි ගැනීමෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 10,000ක පමණ වන්දියක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පරිසරවේදීන් සහ රක්ෂණ නියෝජිතයින් තක්සේරු කර තිබිණි.

එහෙත්, එම හානිය සම්බන්ධයෙන් කිසිදු වන්දියක් නොගෙවා මුහුදුබත් වූ නෞකාව රැගෙන යාමට ආණ්ඩුව අවසර දී තිබේ. අදාළ ගින්න නිවීමට නාවික හමුදාව ඇතුළු අංශ කීපයක් ක්‍රියා කිරීම වෙනුවෙන් කුලී මුදලක් පමණක් මේ වෙනවිට ලබා ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 2,900ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව ජනතාව මත අසීමිත බරක් පටවමින් සිටින අතර මෙම නැවෙන් ලබා ගත යුතු වන්දි මුදල පිළිබඳව කිසිදු වුවමනාවක් පෙන්නුම් කර නැත.


සබැඳි පුවත් :

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට
 
 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image