මහේස්ත්‍රාත් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉහල අධිකරණය වෙත අභියාචනයක් ගොනුකිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.



ඒ, පොලිස්පතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුවය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින නඩු 03කට අදාළව ඊයේ (01) ඇප නියමවිය. ඒ, ඔහු ඊයේ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

අධිකරණ තීන්දු බාර නොගැනීම, අධිකරණ තීන්දු උල්ලන්ඝනය කිරීම ඇතුළු චෝදනා වලට මෙසේ ඇප ලැබී තිබිණ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පෙරේදා  (ජනවාරි 31 වැනිදා) නියෝග කළේය.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ 2022 වසරේ නොවැම්බර් 21 වැනිදා සිටය.


දින 167කට පසු නිදහස ලැබූ අන්තරේ වසන්ත ඊළඟ අරගලය ගැන කියයි


ආණ්ඩුව ඉදිරියේ දණ ගැසීමට සුදානම් නොවන බවත්, රජය ජනතාවට ඇති කර තිබෙන පීඩාවට එරෙහිව තවදුරටත් අරගල කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යන අවස්ථාවේදී පැවසුවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගෙන ඉන්පසු තවත් දින 78ක් රක්ෂිත බන්ධනාගාර ගත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ  (පෙබරවාරි 01) ඇප මත නිදහස ලැබුවේය.

''ආණ්ඩුවට ඕනෑකම තිබුණේ අපිව හිර කරලා, ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කරලා දාන්න. ඒවාට සැලසුම් කළේ කොහොමද ? මොන තැන්වලට ද අරන් ගියේ කියලා හෙට විශේෂ මාධ්‍ය හමුවක් තියලා කියන්නම්.'' යනුවෙන් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය.





සබැඳි පුවත් :
තවත් නඩු තුනකට මුදලිගේට ඇප - අදවත් එලියට එයි ද?



 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්