ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.


ඉන්දු-ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳීයාම දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට තරමක් වේගවත්ව සිදුවෙමින් පවතින බවත් එම බිඳී යාම සිදු වන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙන බව ද මහාචාර්යවරයා පවසයි.

මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේදී වාර්තා විය හැකි බවද ජේෂ්ඨ මහාචාර්ය වරයා පැවසීය.


වැල්ලවාය නගරයේ තවත් සුළු භූ කම්පනයක්


වැල්ලවාය ප්‍රදේශයේ අද (පෙබ. 11) තවත් සුළු භූ කම්පනයක් සිදු වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව ය.

එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බව ද එම කාර්යාංශය පැවසීය.

වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි අපි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ.


WhatsApp Image 2023 02 11 at 08.09.25
මේ අතර, ඊයේ (පෙබ. 10) දිනයේ ද බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ කම්පන දෙකක් සිදු වුණු අතර ඉන් එකක් රික්ටර් මාපක 3ක් ලෙසත් අනෙක් භූ කම්පනය රික්ටර් මාපක 2.4ක් ලෙසත් සටහන් වී තිබිණි

එහි අපිකේන්ද්‍රය ලෙස සටහන් වී තිබුණේ, පැලවත්ත සීනි කම්හල ආසන්න ප්‍රදේශය ය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්