මෙරටට රැගෙන ඒමට නියමිත ගල් අගුරු රැගත් 14 වන නෞකාවට රුපියල් කෝටි 03 කට අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.



'නෙත් නිවුස්' කළ විමසීමකදී එහි සභාපති ෂෙහාන් සුමනසේකර පැවසුවේ ගල් අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීමේදී පවතින ප්‍රමාදය හේතුවෙන් එලෙස ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවනු ඇති බවයි.


ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත ගල් අගුරු නෞකා කිහිපයක් සඳහා සියයට 30 ක අත්තිකාරම් මුදල හෝ මේවනවිට ගෙවා නොමැති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මෙහිදී පැවසිය.

 මේ හේතුවෙන් ඉදිරියේදී තවත් ගල් අඟුරු නෞකා කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්