මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය

මෙතෙක් සිදුකර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි

රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, තැපැල් ඡන්දය නියමිත දිනයන්හි දී පැවැත්වීම සඳහා අදවනවිට සියලුම දිස්ත්‍රීක් කාර්යාලවලට තැපැල් ඡන්ද පත්‍රිකා යැවිය යුතුව තිබු බවයි.

මෙසේ තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාද කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිනියට බලපෑම් එල්ලවී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම, සේවකයන් පිරිසක් පොළඹවමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට බාධා වන ආකාරයෙන් වැඩ වර්ජනයක් සිදුකිරීමේ සැලසුමක් ද ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මීට පෙර මැතිවරණ අවස්ථාවල දී නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ දී මුද්‍රණාල කටයුතු සඳහා ලබාදෙන දැඩි පොලිස් ආරක්ෂාව මේ වන තුරුත් ලබා දී නැති බවද ඇතැම් මාධ්‍ය පවසති.

මේ පිළිබඳව කළ විමසීමක දී රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ කිසිම හේතුවක් මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද කිරීමේ හෝ ඊට බාධා පැමිණවීමේ උත්සහයක් නැති බවයි.


මැතිවරණය කල් දාන්න අලුත් කුමන්ත්‍රණයක් !

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු එබව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''මාර්තු 09 පෙර මැතිවරණ කොමිසම පැත්තෙන් සිදුවිය යුතු විශාල රාජකාරී ප්‍රමාණයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ තැපැල් ඡන්දය පැවැත්වීම. එය පෙබරවාරි 22,23,24 දින යොදලා තියෙනවා. ඒ සඳහා ඡන්ද කාඩ්පත් අපේ නිවෙස්වලට ලැබෙන්න ඕනේ 19 වනදා. 19 වෙනිදට ඡන්ද කාඩ්පත් ලැබෙන්න නම් දැන් ඒවා මුද්‍රණය කරලා ඒවා බෙදාහැරීමේ ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ.

 ඉතින් ඒක නිසා මේ මැතිවරණය 09 වනදා එකපාරට අහසින් වැටුණා වගේ කරන්න බැහැ. ඡන්ද පත්‍රික මුද්‍රණය, බෙදාහැරීම, අදාළ ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ආරක්ෂක සේවාවන් සූදානම් කිරීම, තැපැල් ඡන්දය පැවැත්වීම යනාදිය කලයුතුයි. මැතිවරණ කොමිසම ඒ අභියෝගය භාර අරගෙන කරගෙන යනවා. ''


ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතෙක් එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රනාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි අද පස්වරුවේ දී වාර්තා විය.

මැතිවරණ කොමිසම පවසන්නේ, ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන හාරසිය හැට එකක් පමණ වන බවය.

හෙට පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංජිහේවා  'අද දෙරණ' ට පැවසිය, 


සබැඳි පුවත් :

මැතිවරණය කල් දාන්න අලුත් කුමන්ත්‍රණයක් !

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවමත් ඇරඹී නෑ !

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්