මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධාවෙන ආකාරයට කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්

බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසමට කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති එබව කියා සිටියේය.

ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.


“රාජ්‍ය නිලධාරියෙක් හැටියට රජයේ මුද්‍රණාලයාධිපතිතුමිය ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මේ වෙලාවේ මුළු රටක්ම බලාපොරොත්තුව ඉන්නවා, මේ පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මනින් නියමිත පරිදි පවත්වයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා අවශ්‍ය කරන අවකාශය ලබාදී තිබෙනවා මැතිවරණ කොමිසමට.

ඒ නිසා දැන් රජයේ මුද්‍රණාලය කළ යුතුව තිබෙන්නේ මැතිවරණ කොමිසමේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීමයි. මැතිවරණ කොමිසමේ කටයුතුවලට බාධාවෙන ආකාරයට කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.



අපට ආරංචි හැටියට රජයේ මුද්‍රණාලයාධිපතිතුමියව ජනාධිපති මන්දිරයට කැඳවා තිබෙනවා. කැඳවා කරපු බලපෑමක් මෙය. හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් අවසානයේ කියා සිටියා ඔහු ආතතියට ලක්වෙලා තිබුණ බව. මේ මුද්‍රණාලාධිපතිතුමියත් එහෙම ආතතියට ලක්වෙලාද දන්නේ නැහැ. ඒ කෙසේ වුවත් එතුමිය වගකිව යුත්තේ මේ රටේ ජනතාවට. එතුමිය පඩි ලබන්නේ මේ රටේ ජනතාවගෙන්. එතුමියට සේවයෙන් ඉවත්වෙන්න වෙන කාලයකදී, ජනතාව ඉදිරියේ අවමානයට, ලැජ්ජාවට, අපකීර්තියට පත්වෙලා ඉවත්වෙනවාට වඩා හොඳයි නීතියට අනුව කටයුතු කිරීම.



මේ මැතිවරණයට වැඩිම වියදම දරා අවසන්. මුද්‍රණ කටයුතු ආරම්භ කර, අතරමැදදී නවත්වනවා කියන්නේ අනිවාර්යයෙන් බලපෑමකට ලක්වෙලා තිබෙනවා. අපි එතුමියට කියනවා බලපෑම්වලට යට නොවී ජනතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස. අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා, එතුමිය කැඳවා අනිවාර්යයෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න.

අපි සොයා බැලුවා මුද්‍රණාලයේ අනෙකුත් මුද්‍රණ කටයුතු කිසිවක් නවතා නැහැ. මැතිවරණයට බැලට් පේපර්ස් තිබෙනවා. ප්‍රින්ට් කරන්න විතරයි තිබෙන්නේ. තීන්ත තිබෙනවා. විශේෂ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ අයගේ අමතර දීමනා ගෙවන්නේ පස්සේ. මාසෙ වැටුප කොහොමත් ගෙවනවා. අතිකාල දීමනා ගෙවනවා. එසේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු කිරීම පමණක් නතර වෙන්න කිසිම හේතුවක් නැහැ. මෙතන තිබෙන්නේ බලපෑමක්”

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්