තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.


එහි නියෝජ්‍ය සභාපති නුවන් බුද්ධික ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.



ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී රජයේ මුද්‍රණාලයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ද මෙවර නිසි අයුරින් ලබාදී නොමැති බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සජබ අවධානය


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව දරණ උත්සහයට සහය දෙන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පවසයි.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේ ඡන්දය පැවැත්වීම වැළැක්වුවහොත් මහජනතාව විකල්ප ක්‍රියාමාර්ගවලට එළඹීමේ අවදානමක් පවතින බවයි.



පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කල්දැමීම මාර්තු 09 වනදා ඡන්ද විමසීමට ද බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේය.
 



අපි අනිවාර්යයෙන් නඩු පවරනවා - AKD


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මොනරාගල පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බවය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් මෙසේ පැවසිය.

"සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ මාලිමාව උඩින්. මුද්‍රණාලයේ ප්‍රධානියාට අපි කියන්නේ.. තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව.. හිතා මතා ඡන්ද වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු 03ක් හිරේ. හොඳට මතක තියාගන්න කවුරු ඔය නඩු ඇහුවේ නැතත් අපි අහනවා."

"භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහත්තයා සල්ලි වියදම් කරන්න කටයුතු කරන්නේ නැත්තම්.. ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙකු බවට පත්කරන එක සහතිකයි."

"ඒ වගේම ජනාධිපති ලේකම්වරයා. නඩුවක් එනවා.. ඔබතුමා විත්තිකූඩුවට නඟින.. මම සාක්ෂි කූඩුවට නඟින."

"මහජනයාගේ මතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න බැහැ."

"ඡන්දෙ දෙන්නේ නැත්තම් අපි ලෑස්තියි.. ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට ගෙනල්ලා..පාරේ විසඳගන්න. හැබැයි ඒක අපේ බලාපොරොත්තුව නෙමෙයි."
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image