මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද (15) සිට ආරම්භ වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.



ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් ලෙස පත්වීමට අපේක්ෂා කරන්නනන්ගේ අයැදුම්පත් බාරගැනීම අද (15) දිනෙන් අවසන් වන අතර ඉන්පසුව නව සාමාජිකයන් පත්කරනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අයදුම්පත් බාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවයි.

කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම දැනටමත් ප්‍රමාද බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත සෙසු කොමිෂන් සභාවේ.

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භවූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදා සිටය. ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත්වීමට අයදුම්පත් සියයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.


විශ්‍රාමික නි. මැ.කෝ ලා කීපදෙනක් මැතිවරණ කොමිසමට


මැතිවරණ කොමිසන් සභාවට අලුතින් සභිකයන් පත්කිරීමේදී විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කීපදෙනකුම ඊට පත්කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

මැතිවරණ පැවැත්වීම පිළිබදව අත්දැකිම් බහුල නිලධාරීන් මැතිවරණ කොමිසමට පත්කිරීමේ අවශ්‍යතාවය පාර්ශ්ව කීපයක්ම රජයට පෙන්වා දී ඇතැයි ද ඒ අනුව රජයේ පාර්ශ්වත් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සාමාජිකයන් ඒ පිළිබදව වඩාත් සැලකිල්ලක් යොමුකර ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්වීම සදහා විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කීපදෙනකුම ඉල්ලුම් කර ඇතැයිද වාර්තාවේ.

(lankadeepa.lk)



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්