පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු  විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.



මැතිවරණ කොමිෂන් සභාවේ ඉහත ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වීමේ සිද්ධි සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව කරුණු විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව  කතානායකවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ඉහත යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

PHOTO 2023 02 16 17 20 57
PHOTO 2023 02 16 17 20 57 1


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්