වැටුප් රහිත නිවාඩු ලබා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට මැතිවරණය කල්යාම නිසා මාස තුනක් යනතුරු රැකියාවට යාමට නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයක සඳහන් වේ.
මැතිවරණය කල්ගිය හොත් නාම යෝජනා බාරදුන් දිනයේ සිට මාස තුනක් ගතවන තෙක් එම අපෙක්ෂකයා වැටුප් රහිත නිවාඩු ලබා සිටිය යුතු බව ද එහි සඳහන් වේ.
නාම යෝජනා බාරදී මාස තුනක් ගත වූ පසුව රජයේ සේවකයන්ට නැවත තමන් හිටපු සේවා ස්ථානයට වාර්තා කළ හැකි බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ
මෙවර පළාත් පාලන මැතිවරණයට රජයේ සේවකයින් 3000කට ආසන්න පිරිසක් නාමයෝජනා බාරදී ඇත.
(lankadeepa.lk)