වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත අහෝසි කර නව පනතක් හඳුන්වා දීමට පියවර ගනිමින් පවතී.



නව පනතෙහි මූලික කෙටුම්පත සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටිගේ ප්‍රධානත්වයේන කමිටුවක් පත් කර ඇත.

අශෝක හඳගම, අනෝමා රාජකරුණා, රාජිත දිසානායක සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 14 වැනි වගන්තියේ සඳහන් භාෂණයේ, ප්‍රකාශනයේ සහ අදහස් පළ කිරීමේ නිදහස පදනම් කරගෙන, ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයන් හි නව ප්‍රවණතා ද සැලකිල්ලට ගනිමින් මෙම පනත් කෙටුම් පත සකස් කෙරෙන බව කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි පවසයි.

පසුගිය පාර්ලිමේන්තු සැසිය විවෘත කිරීමේ අවස්ථාවේදී ජනාධිපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ පරිදි මෙම කමිටුව පත් කර ඇති අතර, මූලික කෙටුම් පත මාස දෙකක කාලයක් තුළ සකසා අවසන් කිරීමට නියමිතය.

වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ 1912 වසරේ සම්මත කෙරුණු ආඥා පනතකි. 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්