නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අදත් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.



ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් සංජීව පැවසුවේ ය.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති 40 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් ඊට එක්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

"වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන, අසාධාරණ බදු සංශෝධන ආපසු හරවලා, ඒ වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගෙන ඒමට බලකරමින් අද දවසේ දී මේ රටේ සියලුම වෘත්තීයවේදීන්, ඒවගේම සියලුම කේෂ්ත්‍රයන්ට අදාළ අනෙකුත් සියලු වෘත්තීය කාණ්ඩවල නියෝජිතයින් දහස් ගණනක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට ට දවල් 12 - 1 දක්වා පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයට එක්වෙන්න නියමිතයි. අද දවස ජාතික විරෝධතා දිනයක් ලෙස ද නම් කරලා තියෙනවා මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ මේ ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව." වෛද්‍ය චමිල් සංජීව කියා සිටියේය.



මාස කිහිපයක සිට බදු සංශෝධන ඉවත් කර ගන්නා ලෙස කළ ඉල්ලීමට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම උද්ඝෝෂණය සංවිධානය කරන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනනායක පවසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.



ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න පැවසුවේ සිය සංගමය ද එම විරෝධතාවට එක්වන බවයි.



වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් - ජනපති කියයි




මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


සබැඳි පුවත් :
වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක්




JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්