රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මේවනවිට බරපතල අර්බුදයක් මතුව ඇත.


මුදල් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ නම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් යෝජනා කර තිබිය දී, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නම යෝජනා කර තිබිණ ඊට හේතුවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනාවී ඇති බව එම කාරකසභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රකාශ කළේය. ඔවුන් එහිදී එම මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන්දැයි හෙළි නොකළත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ද නම එම තනතුර සඳහා යෝජනා වී ඇති බවයි.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසන පරිදි මේවනවිට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පාර්ලිමේන්තුවේ පත්කිරීම් පිලිබඳ කමිටුව (Committee of Selection) වෙත යොමුකර ඇත.


හර්ෂ - පාඨලී හමුවෙයි !


මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මුණගැසී සාකච්ඡා කර ඇත. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීය

 චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත්තේ තමන්ට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සමඟ තරඟයක් නොමැති බවයි. එමෙන්ම මුදල් කාරකසභාවේ සභාපති ධූරය තරඟ කර ලබාගැනීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවද චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් මුදල් කාරකසභාව එකඟතාවයකින් තමන්ට එම තනතුර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.


තමා වසර 20කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් ඉන් වසර 13 ක් පමණ අමාත්‍යවරයකු ලෙස රටට උපරිම සාධාරණය කර ඇති බවත් මෙහිදී පවසා ඇති චම්පික රණවක අමාත්‍යවරයා, රාජ්‍ය මුල්‍ය නීති සම්බන්ධයෙන් තමන්ට මනා අවබෝධයක් ඇතැයි ද සඳහන් කර තිබේ. කෙසේවුවද ආණ්ඩුවේ හා විපක්ෂයේ එකඟතාවයකින් තොරව අදාල තනතුර බාර ගැනීමට සුදානම් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මුදල් කාරක සභාවේ සභාපති ධුරය හිමිවිය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු වෙතයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී ස්ථාවර නියෝග සංශෝධනය කර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාපති ධුර දැරූ අවස්ථා ද තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ එහි සභාපති ධුරය දැරුවේ ආණ්ඩුව නියෝජන කළ අනුර ප්‍රියදර්ශන යාපා යි.

කෙසේවුවද 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මුදල් කාරක සභාවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වාට හිමිවිය. එහෙත් පසුගිය කාලයේ ඔහු විසින් ආණ්ඩුවේ පනත් ප්‍රමාද කිරීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල වී තිබිණ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමගම මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අහෝසි වීම හේතුවෙන් හර්ෂ ද සිල්වා ට එම තනතුර අහිමිවිය.

මේ අතර පසුගිය පාර්ලිමේන්තු වාරයේදී විපක්ෂයෙන් කෝප කමිටුව නියෝජනය කළ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙවර එම කමිටුවෙන් ඉවත් කර ඇත.  


සබැඳි පුවත් :

හර්ෂ අවුලක !

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image