leader s

ආචාර්ය චරිත හේරත්ව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ලෙස නිර්දේශ කර ඇතත් ඔහු එම තනතුර බර නොගෙන

ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බලාපොරොත්තු වන්නේ නම්, රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා ඉදිරිපත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට ආධාර උපකාර කළ විද්වතුන් කිහිප දෙනෙකුටම  පසුගියදා දැනුම් දී තිබිණ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒමට දායක වූ විද්වතුන් විශාල පිරිසක් මේ අවස්ථාවේදී ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද නොගෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.

 

18 වෙනිදාට පෙර .......

කෙසේවුවද රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත වෘත්තිකයින්ගේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේවනවිට යොමුකර ඇතැයි 'අද දෙරණ' පවසයි.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් පුද්ගලයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කළේය.

අදාළ කමිටුව විසින් මූලික සුදුසුකම් සලකා බලා ආයතන කිහිපයකට  නම් යෝජනා කර ඇති අතර එම නාම යෝජනා සලකා බැලීම ජනාධිපතිවරයා සහ එම ආයතන භාර අමාත්‍යවරුන් විසින් මේ දිනවල සිදුකරමින් සිටින බව 'අද දෙරණ' වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය ආයතනවලට ඉහළ නිලධාරීන් පත් කිරීම මෙතෙක් නිසි ක්‍රමවේදයක් යටතේ සිදුනොවූ බවත් සුදුසුම පුද්ගලයින් අදාළ තනතුරු සඳහා පත්කර ගැනීම මෙම කමිටුව විසින් සිදු කරනු ලබන බවත් 'අද දෙරණ' වැඩිදුරටත් කියා සිටියි.

එම කමිටුව විසින් මෙතෙක් ඉදිරිපත් කර නොමැති රාජ්‍ය ආයතන සඳහා සිය නිර්දේශ ලබන 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සබැඳි පුවත් :

ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්