අට හැවිරිදි දැරියක ස්පර්ශ කළැයි පහරකෑමට ලක් වූ හිමි නමක රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.



හෙට්ටිපොල පොලිස් වසමෙහි හිත්තරපොල, අගාරඋඩ ගම්මානයේ අගාරඋඩ ආවාසය විහාරස්ථානයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලුවාපොල වගීශ්වර නමැති හැත්තෑ හැවිරිදි හිමිනමකි.

බෝධි පූජාවක් පැවැත්වීම සඳහා අගාරඋඩ ආවාසය විහාරස්ථානයට ගොස් බෝ මලුව පිරිසිදු කිරීම සඳහා ඉදලක් ගෙන ඒමට ගිය අට හැවිරිදි දැරියක මෙම සිද්ධියට මුහුණ පා ඇත.

දැරිය අතවර සිදුවූ බවට කණ වැකීමෙන් කෝපාවිෂ්ට වූ පියා ඔහුගේ සහෝදරයකුද කැටිව හිමිනම සොයා විහාරස්ථානයට ගොස් ඇති අතර එහිදී විහාරස්ථානයේ හිමිනම සිට නොමැති අතර එම ගම්මානයේම ඇති රාජමහා විහාරස්ථානයට ගොස් සොයා බැලීමේදී හිමිනම එම විහාරස්ථානයේ කාමරයක නිදාගෙන සිට ඇත.

එම කාමරය තුලදී හිමිනම පහර කෑමට ලක්ව ඇති අතර යළි එම සිද්ධිය වූ විහාරස්ථානයට රැගෙන පැමිණ ඇතැයි ද වාර්තා වේ.

ගම්වාසීන් මෙම සිදුවීම සම්බන්ධව හෙට්ටිපොල පොලිසිය වෙත දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ 1990 හදිසි ගිලන්-රථයක් කැඳවා හිමිනම කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. හිමිනමගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අපවත්වී ඇත.

(lankadeepa.lk)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image