කෝවීඩ් ගෝලීය වසංගත තත්වයෙන් පසු චීනයේ ගුවැන්ශෝ හි සිට පැමිණි පලමු චීන ජාතික සංචාරකයන් පිරිස රැගත් ශ්‍රීලන්කන් ගුවන් යානය ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.



චීන සංචාරකයන් 117 දෙනෙකු දින 07 ක ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා ඊයේ දින රාත්‍රී 11.10 ට චීනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් වන යූ.එල්.- 1881 දරන ගුවන් යානයෙන් එසේ මෙරටට පැමිණියේය.

මෙම පිරිස පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චන්ග් හොං , සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි යන අය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

යලි ඇරඹෙන චීන - ශ්‍රි ලංකා මිතුදම ලාංකේය සංචාරක කර්මාන්තයේ ඉදිරි පිම්මක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙහිදී පැවසිය.

එළඹෙන අප්‍රේල් මස 01 වෙනිදා දින සිට චීනයේ බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 09 ක් බැගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ චයිනා ඊස්ටන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම ගුවන් යානා මගින් චීන සංචාරකයන් 5,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂිතය.


334465413 578844040961547 2080870396799469274 n

333319807 755687589444259 731401690456465349 n 334291495 1428993064510390 6035321897399975013 n
334551874 1866796513683911 6504208488709117917 n 334273125 1244813763135170 7205833352870108736 n
334260979 165684996253637 5640021743928484070 n
334288558 667908272003278 4217960632374242173 n
 334311896 596591618648167 4051616307533871974 n

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්